පසුගිය මැයි 08 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියාවේ 2018/19 මුදල් වර්ෂය සඳහා වූ මධ්‍යම රජයේ අය වැයෙහි යෝජිත ආදායම් බදු කප්පාදුව අද සිට එළඹෙන සතිය තුළ සෙනට් සභාවේදී විවාදයට ගැනීමට නියමිතය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison විසින් ඉදිරිපත් කළ තුන්වන අය වැයෙන් යෝජිත මෙම බදු කප්පාදුව පියවර කිහිපයක් ඔස්සේ වසර 7 ක් පුරාවට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

අඩු සහ මධ්‍යම ආදායම් ලාභීන්ට සුබ පණිවිඩයක්
අද දිනයේදී සෙනට් සභාව තුළ විවාදයට ගැනීමට නියමිත ටර්න්බුල් රජයේ ආදායම් බදු කප්පාදුව පිළිබඳ අය වැය යෝජනාව සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභීන් හට සුබදායී ප්‍රතිඵල අත් කර දෙනු ඇත.
එනම් මෙම යෝජනාව මගින් අඩු සහ මධ්‍යම ආදායම් ලාභීන් හට සැලකිය යුතු ලෙස ආදායම් බදු කප්පාදුවක් ලැබීමය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඒ අනුව මෙම යෝජනාව සම්මත වුවහොත් ඔස්ට්‍රේලියාවේ වාර්ෂික ආදායම ඩොලර් 37,000 දක්වා උපයන පුද්ගලයින් හට ලබන ජූලි 01 සිට ඩොලර් 200 කින් පමණ තමන්ගේ ආදායම් බදු කප්පාදුවක් දැකිය හැකි අතර වාර්ෂික ආදායම ඩොලර් 41,000 සිට 90,000 දක්වා උපයන පුද්ගලයින් හට ලබන ජූලි සිට ඩොලර් 530 ක උපරිම ආදායම් බදු සහනයක් හිමිවනු ඇත.
එමෙන්ම වාර්ෂික ආදායම ඩොලර් 87,000 ත් 90,000 ත් අතර වන පුද්ගලයින්ට මෙතෙක් කලක් බලපෑ 37% ක බදු අනුපාතය වෙනුවට 32.5% ක බදු අනුපාතයකට යටත් වීමද මෙම නව යෝජනා යටතේ සිදුවනු ඇත.

ඒක පුද්ගල බදු කප්පාදුව සහ සමාගම් බදු කප්පාදුව
ටර්න්බුල් රජයේ මෙම සමස්ත ආදායම් බදු කප්පාදුව සම්බන්ධ අය වැය යෝජනාව තුළ ප්‍රධාන කොටස් 2 ක් දැකිය හැකිය.
එනම් ඒක පුද්ගල ආදායම් බදු කප්පාදුව සහ සමාගම් ආදායම් බදු කප්පාදුව ය.
කෙසේවෙතත්, ඒක පුද්ගල ආදායම් බදු කප්පාදුව හරහා ඔස්ට්‍රේලියානු වාසීන් හට ඉහත බදු සහන හිමිවන අතර වසර 2024 වන විට ඔස්ට්‍රේලියානු සමාගම් වෙතද දැවැන්ත බදු සහනයක් මෙම යෝජනා මගින් ලැබෙනු ඇත.
මෙතෙක් කලක් වාර්ෂික ආදායම ඩොලර් 120,000 ක් දක්වා 32.5% ක ආදායම් බද්දක් පැනවුණු අතර එම සීමාව මෙම නව යෝජනා වලින් ඩොලර් 200,000 දක්වා ඉහළ දමා ඇත.
එනම් මෙතෙක් කලක් තිබූ 37% උපරිම බදු ප්‍රතිශතය ඉවත් කිරීමට මෙම නව යෝජනා වලින් ඉදිරිපත් කර තිබේ.

කම්කරු පක්ෂයේ සහයෝගය සහ විරෝධය
ටර්න්බුල් රජයේ මෙම ආදායම් බදු කප්පාදුව සම්බන්ධ යෝජනාවෙන් අඩකට කම්කරු පක්ෂය තම සහයෝගය ලබා දෙන නමුත් ඉතිරි අඩට විරෝධය පාන බව විපක්ෂ නායක බිල් ශෝටන් ඇතුළු කම්කරු පක්ෂය පවසයි.
ඒ අනුව ලබන මාසයේ සිට ක්‍රියාත්මක වීමට යෝජනා කෙරුණු ඔස්ට්‍රේලියාවේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභීන් හට අදාළ අදායම් බදු කප්පාදුව සඳහා කම්කරු පක්ෂය සහය ලබා දෙන බව පවසා තිබේ.
නමුත් මෙම බදු කප්පාදු යෝජනා වල අඩංගු සමාගම් බදු කප්පාදුව වැනි අනාගතයේදී සිදු කිරීමට නියමිත යෝජනා සඳහා තම පක්ෂය සහය නොදෙන බව විපක්ෂ නායක සහ කම්කරු පක්ෂ නායක බිල් ශෝටන් පවසයි.
එනම් අනාගතයේදී සිදු කිරීමට සැරසෙන බදු කප්පාදුවන් සඳහා වෙනමම යෝජනා ගෙන එන ලෙස ඔවුන් රජයෙන් ඉල්ලා සිටියි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මතය
කම්කරු පක්ෂය පවසන පරිදී තමන් ඉදිරිපත් කළ ආදායම් බදු කප්පාදුව සම්බන්ධ යෝජනා එකිනෙක වෙන් නොකරන බව භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මෙවර අය වැයේදී ඉදිරිපත් කරනු ලැබූ ආදායම් බදු කප්පාදුව වසර 7 ක කාලයක් පුරාවට පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේවෙතත්, සෙනට් සභාවේ සිටින ලිබරල් සන්ධාන සභිකයින් මෙම බදු යෝජනා සඳහා තම උපරිම සහය ලබා දෙන බවත් සෙනට් සභාවේ සිටින ස්වාධීන සෙනට් සභිකයින් ගේ සහය මේ සඳහා ලබා ගැනීමට රජය කටයුතු කරන බවත් භාණ්ඩාගාරික අමාත්‍ය Scott Morrison අවධාරණය කරයි.
මේ අතර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉදිරිපත් කරන ලද දස වසරක ව්‍යාපාර බදු සැලසුම පිළිබඳ සෙනට් විවාදය ලබන සතියේදී නැවත ආරම්භ කෙරෙන බවද සඳහන්.
එම සැලසුම යටතේ සමාගම් සඳහා අදාළ වන 30% ක බදු ප්‍රතිශතය 25% දක්වා අඩු කිරීමට නියමිතය.
පසුගිය පාස්කුවට පෙර මෙම යෝජනා සම්මත කරගැනීමට රජය උත්සාහ දැරුව නමුත් ඒ සඳහා සෙනට් සභිකයින් දෙදෙනකුගේ ඡන්ද හිඟ විය.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

