2011 වසරේ පටන් නොකඩවා වසර 7 ක් පුරාවට ජීවත්වීමට වඩාත් සුදුසු නගර අතරින් ලොව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වූ මෙල්බන් නුවරට ඔබ පැමිණියහොත් එහි ඇති උප නගර (Suburbs) වල නම් නිවැරදිව උච්චාරණය කිරීමේ ගැටලුවකට බොහෝ විට මුහුණ දිය හැකිය.
මෙල්බන් නුවරට පැමිණෙන සංචාරකයින්ට පමණක් නොව බොහෝ විට මෙල්බන් කලාපයේ හෝ ඔස්ට්‍රේලියාවේ වෙසෙන පුද්ගලයින් පවා මෙල්බන් නුවර පිහිටි බොහෝ උප නගර වල නම් නිවැරදිව උච්චාරණය කිරීමට නොදන්නා බව වාර්තා වේ.

නම් වල උපත
මෙල්බන් නුවර පිහිටි බොහෝ උප නගර නාමයන් හි උපත සහ ඒවායේ මූලික උච්චාරණය කෙසේ ජනිත වුවාදැයි නිශ්චිත සාක්ෂි නොමැති බව මෙල්බන් විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ මහාචාර්ය John Hajek, The Age පුවත් පතට පැවසීය.
ඒ ඒ ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් අදාළ උප නගර සඳහා නම් යොදා ගනිමින් ඒවා තමන්ගේ උරුවට උච්චාරණය කිරීමට පටන් ගැනීමෙන් එම නම් වලට සම්මත උච්චාරණ විධියක් ලැබී ඇතැයි විශ්වාස කළ හැකි බව මහාචාර්ය John Hajek පැවසීය.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඇතැම් විට ප්‍රථමයෙන් පට බැඳුනු නාමය උච්චාරණය කිරීමේ පහසුව පිණිස පසු කාලීනව කෙටි වීමකට හෝ වෙනස් වීමකට භාජනය වීමෙන් මුල් උච්චාරණය වෙනස්වීම් ද සිදුව ඇති බව ඔහු පැහැදිලි කළේය.

වඩාත් සංකීර්ණ උච්චාරණයක් සහිත නම්
මෙල්බන් උප නගර අතරින් වඩාත් සංකීර්ණ උච්චාරණයක් සහිත නම් ඇති උප නගර ලෙස Prahran, Reservoir, Lalor සහ St Albans ප්‍රධාන ස්ථානයක් ගන්න බව සඳහන්.
ඒ එක් එක් උප නගර වල නම් නිර්මාණය වූ අයුරු සහ ඒවායේ නිවැරදි උච්චාරණය කෙලෙසදැයි The Age පුවත් පත වාර්තා කර තිබුණේ මෙලෙසය.
Prahran
ඇබොර්ජීනියානු ධර්ම ධූතයෙකු වූ George Langhorne විසින් මේ ප්‍රදේශය "Pur-ra-ran" හෙවත් "පුර්-රා-රන්" ලෙස නම් කර තිබුණු බවත් එහි අර්ථය ජලයෙන් අඩක් වටවූ භූමිය බවත් පැවසේ.
කෙසේවෙතත්, එවකට එම ප්‍රදේශය භාරව සිටි ඉංග්‍රීසි ජාතික මිනුම්දෝරුවා වූ Robert Hoddle හට Langhorne විසින් "පුර්-රා-රන්" නාමය වාචිකව පවසා ඇති අතර Hoddle විසින් එය තම පොතෙහි සටහන් කරනු ලැබුවේ "Prahran" ලෙසය.
එතැන් පටන් එය Prahran ලෙසින් හඳුන්වන්නට පටන් ගත් බවත් එහි උච්චාරණය "ප්‍රාහ් - රන්" ලෙසට වෙනස් වු බවත් මහාචාර්ය Hajek පවසයි.
නමුත් එය පසු කාලීනව "Pran" හෙවත් "ප්‍රාන්" ලෙසට කෙටිවූ බවද ඔහු පෙන්වා දෙයි.

Reservoir
මෙල්බන් වල තවත් උප නගරයක් වන Reservoir හි නාමය එයට ලැබී ඇත්තේ එම ප්‍රදේශය තුළ පවතින ජලාශයක් හේතුවෙන් බව වාර්තා වේ.
නමුත් මෙහි නියම උච්චාරණය තවමත් බොහෝ ඔස්ට්‍රේලියානු වාසීන් මෙන්ම මෙල්බන් වාසීන්ද වරද්දන බව මහාචාර්ය Hajek පවසයි.
බොහෝ උදවිය මෙය " Reser-VWAH" ලෙස උච්චාරණය කරන නමුත් මෙහි නිවැරදි උච්චාරණය "Reser-VORR" හෙවත් "රිස - වෝර්" යන්න බව මහචාර්යවරයා පැහැදිලි කරයි.

Lalor
1854 දී වික්ටෝරියානු ප්‍රාන්තයේ බැලරාට් හි පතල්කරුවන් සම්බන්ධවූ Eureka Stockade කැරැල්ලේ නායකයා වූ Peter Lalor ගේ නාමයෙන් Lalor උප නගරයට ඒ නම ලැබුණි.
එනිසාම Peter Lalor ගේ නාමය උච්චාරණය කරන අයුරින්ම Lalor (ලේ - ලර්) උප නගරයේ නාමයද උච්චාරණය කළ යුතු වේ.
නමුත් Lalor උප නගරයේ ජීවත්වන සහ එම ප්‍රදේශය අවට සිටින පිරිස් පවා එයට "ලෝ- ලර්” යන්න පවසන බව මහාචාර්ය Hajek සඳහන් කරයි.

St Albans
වයඹ දිග මෙල්බන් කලාපයේ පිහිටි St Albans උප නගරයේද නාමය බොහෝ දෙනා වැරදියට උච්චාරණය කරන බව මහාචාර්ය Hajek පවසයි.
එහි පැමිණෙන "Albans " යන පදය "ඇල්බන්ස්" යනුවෙන් බොහෝ දෙනා උච්චාරණය කරන නමුත් එය නිවැරදිව උච්චාරණය කරනුට්යේ "සෙන් ඕල්බන්ස්" යනුවෙන් බව ඔහු පැහැදිලි කළේය.

බහුතරයක් දෙනා වැරදියට උච්ච්චාරණය කරන මෙල්බන් උප නගර වල නිවැරදි උච්චාරණය
- Beaumaris: බියු-මොරිස් (Beau-MAURICE)
- Berwick: බෙරික් (Berrick)
- Cranbourne: ක්‍රැන්බර්න් (Cran-BURN)
- Doncaster: ඩොන් -කාස්ටර් (Don-CASTER)
- Jan Juc: ජැන් -ජුක් (Jan JUCK)
- Kallista: කැල් - ලිස් - ටා (Kal-LIS-ta)
- Lalor: ලේ - ලර් (LAY-lor)
- Maidstone: මේඩ් - ස්ටෝන් (Maid-stone)
- Malvern: මොල්වන් (MOL-vern)
- Melbourne: මෙල්බන් (Mel-BEN)
- Moorabbin: මොරබින් (Mor-ABB)
- Murrumbeena: මුරම් - බීනා (Murum-BEE-na)
- Narre Warren: නැරී - වොරන් (Narry (As in ‘Harry’) Warren)
- Northcote: නොර්ත් - කට් (North-CUT)
- Ormond: ඕර් - මොන්ඩ් (OR-mond)
- Prahran: ප්‍රාන් (Pr-AAN)
- Reservoir: රිස - වෝර් (Reser-VORR)
- St Albans: සෙන් ඕල්බන්ස් (St ALL-bans)
- Travancore: ට්‍රැවන් - කෝර් (Travan-CORE)
- Truganina: ටෘගනයිනා (Trug-A-NINE-A)
- Vermont: වර්මන්ට් (VER-mont)
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

