පෙබ 21 දා ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමත් සමග, ඔස්ට්‍රේලියාවේ සංචාරයට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා)

වසර දෙකකට ආසන්න කාලයක් පුරා ඕස්ට්‍රේලියාවට සංචාරය කිරීම අවහිර කර තිබු අතර ජාත්‍යන්තර දේශසීමා විවුර්ත කිරීමෙන් අනතුරුව සම්පූර්ණයෙන් එන්නත් කළ ජාත්‍යන්තර සංචාරකයින්ට ඉක්මනින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියව හිමි වේ.

Fully vaccinated international tourists will be able to return to Australia later this month.

Fully vaccinated international tourists will be able to return to Australia later this month. Source: AAP

 


Highlights

  • ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවුර්ත වන අයුරු 
  • ප්‍රාන්ත සහ ටෙරිටරි වලට අනුව වන නිරෝධායන නීති දිගටම ක්‍රියාත්මක වීම 
  • විපක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally ගේ අදහස්

ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවුර්ත වන අයුරු

ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා, මෙම පෙබරවාරි 21 දා සිට සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද සියලුම වීසා බලපත්‍රලාභීන් සඳහා නැවත විවෘත කෙරේ.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison නිවේදනය කොට සිටියේ සති දෙකක කාලයක් ඇතුලත සංචාරකයින් ඇතුලු සියලුම ජාත්‍යන්තරයේ සිට පැමිණෙන්නන් හට නැවත රටට ඇතුළුවීමට අවසර දෙන බවයි. එමෙන්ම මෙය තවත් වැදගත් සන්ධිස්ථානයක් වන බවත් ඔහු පැවසීය.

2020 වසරේ මාර්තු 20 වන දින ඕස්ට්‍රේලියානු රජය පනවන ලද COVID-19 සංචාරක සීමාවන්ගේ තවත් ලිහිල් කිරීමක් වශයෙන් මෙය සැලකේ.
ජාත්‍යන්තර සිසුන්, නිවාඩු වීසා බලපත්‍රලාභීන් සහ පුහුණු සංක්‍රමණිකයන් සඳහා වන සංචාරක සීමාවන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ සිට ලිහිල් විය.

මෙම නව ලිහිල් කිරීමත් සමග, ජාත්‍යන්තරයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස සම්පුර්ණ එන්නත් ලබා තිබෙන බවට වන සාක්ෂි හෝ එන්නත් ලබා නොගැනීම සම්බන්ධයෙන් වන වලංගු වෛද්‍ය හේතුන් පෙන්විය යුතු වේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:


SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා විවුර්ත කිරීම, මේ වනවිට යම් බලපෑමකට පත්ව තිබෙන සංචාරක කර්මාන්තය සඳහා ධනාත්මක ලෙස බලපානු ඇති බව විශ්වාස කෙරේ.

සංචාරක සහ ප්‍රවාහන සංසදයේ ප්‍රධාන විධායක නිලධාරී Margy Osmand මෙම තීරණය සාදරයෙන් පිළිගන්නා අතර ඇය සඳහන් කොට සිටින්නේ මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු සිදු කළයුතුව තිබෙන බවයි. කෙසේ නමුත් මේ වනවිට රට නැවත ජාත්‍යන්තරයට විවුර්ත වන නිශ්චිත දිනයක් පැවතීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවත් ඇය පවසයි.

මේ වනවිට සංචාරකයින් සඳහා තරඟකාරී ගෝලීය වෙළඳපොළක් පවතින අතර ඔස්ට්‍රේලියාව ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආරම්භයක් ගනු ඇති බවත් ඇය පෙන්වා දෙයි.
Passengers arrive from their overseas flights and walk to the arrivals hall after landing at Sydney Airport
Passengers arrive from their overseas flights and walk to the arrivals hall after landing at Sydney Airport. (file) Source: Getty Images for Sydney Airport/James D. Morgan)
ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කවුන්සිලයද මෙම තීරණය පිළිගෙන ඇති අතර ඔවුන් සඳහන් කොට සිටින්නේ,ඕස්ට්‍රේලියාව ලෝකයට නැවත විවෘත කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ COVID-19 කළමනාකරණයේ මීළඟ තීරණාත්මක පියවර සනිටුහන් කරන අතර මෙමගින් මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් වීම සඳහා අපව ස්ථානගත කරන බවයි.

මේ ඔස්සේ කුඩා ව්‍යාපාර සහ සංචාරක කර්මාන්තය සඳහා යහපත් බලපෑම් සිදු කරන බවත් ඔවුන් පෙන්වා දෙයි.

ප්‍රාන්ත සහ ටෙරිටරි වලට අනුව වන නිරෝධායන නීති දිගටම ක්‍රියාත්මක වීම

මෙම සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වලට අනුව වන නිරෝධායන නීති දිගටම ක්‍රියාත්මක කෙරේ.

බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරි නිරෝධායනය වීම අවශ්‍ය නොවන බවට සඳහන් කලද බටහිර ඔස්ට්‍රේලියාව, සංචාරකයින් සඳහා සති දෙකක නිරෝධායන කාලයක් අවශ්‍ය බව සඳහන් කොට සිටී. එමෙන්ම මේ වනවිට බටහිර ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තරයට විවුර්ත කරන නිශ්චිත දිනයක් නොපවතී.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියට පීඩනයක් එල්ලව ඇති බවට සෞඛ්‍ය නිලධාරීන් පෙන්වා දී ඇතැයි අගමැති මොරිසන් පවසයි.

ඕස්ට්‍රේලියාවේ විශාල ප්‍රාන්ත මේ වනවිට ඔවුන්ගේ කොවිඩ් උච්චතම අවස්ථාව පසු කොට ඇති අතර මේ සම්බන්ධයෙන් විශ්වාසයක් ලබා දීමට ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයාට හැකි වූ බවද අගමැති මොරිසන් සඳහන් කොට තිබේ.

මේ පිළිබඳව විපක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally ගේ අදහස්

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු විපක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally පැවසුවේ දේශසීමා නැවත විවෘත කිරීම දැකීම යහපත් වන නමුත් පැහැදිලි සැලැස්මක් අවශ්‍ය වන බවයි.
Labor's Home Affairs spokesperson Kristina Keneally at a press conference at Parliament House in Canberra.
Labor's Home Affairs spokesperson Kristina Keneally at a press conference at Parliament House in Canberra. Source: AAP
දේශසීමා නිලධාරීන් හට, එන්නත් කිරීමේ තත්ත්‍වයන් නිසියාකාරව පරීක්ෂා කිරීමට හැකි බවට සහතික කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ වූ පසු එම ඉල්ලුමට සරිලන පරිදි ගුවන් තොටුපළවල පැවතීම සම්බන්ධයෙන් වන නිසි පියවර ගතයුතු බව ඇය පෙන්වා දෙයි.

එමෙන්ම දේශසීමා, සෞඛ්‍ය උපදෙස් පිළිබඳව සැලකිල්ලක් දැක්විය යුතු අතර රෝහල් වලට මෙම තත්වය සඳහා මුහුණ දීමේ හැකියාවක් පවතීද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කලයුතු බවත් ඇය පවසයි.

ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටියේ, මෙම රජය තවමත් ගෙන නොමැති ප්‍රයෝගික ක්‍රියාමාර්ග සහ එමගින් ඇතිවිය හැකි ගැටළු සම්බන්ධයෙන් ත්ගමන් පෙන්වා දෙන බවයි.

Share

Published

Updated

By Tom Stayner, Nipuna Dodangoda
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
පෙබ 21 දා ජාත්‍යන්තර දේශසීමා විවෘත කිරීමත් සමග, ඔස්ට්‍රේලියාවේ සංචාරයට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala