තාවකාලික වීසා ලාභීන් සැලකිය යුතු පිරිසක් ඔස්ට්‍රේලියාව අතහැර කැනඩාව බලා යමින් සිටින බව නවතම දත්ත පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන ලකුණු ක්‍රමය හා නීති ක්‍රමිකව දැඩි කිරීම මෙන්ම කොරෝනා වසංගතය අතරතුරේ තාවකාලික වීසා ලාභීන් හට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉතාමත් අඩු සහන ලබා දීමත් ඊට ප්‍රධාන හේතු වේ.
Highlights
- තාවකාලික වීසා ලාභීන් ඔස්ට්‍රේලියාව අතහැර යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඇති ඉඩකඩ ඇහිරීමය.
- 2021 වසරේදී 401,000 ට කැනඩාවේ ස්ථිර පදිංචිය පිරිනැමීමට කැනඩාව අපේක්ෂා කරයි.
- 2020-21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව මෙන් එය දෙගුණයකටත් වඩා වැඩිය.
ඔස්ට්‍රේලියාවට වඩා කැනඩාවෙන් උණුසුම් පිළිගැනීමක්
තාවකාලික වීසා ලාභීන් හට ඔස්ට්‍රේලියාවට වඩා කැනඩාවෙන් උණුසුම් පිළිගැනීමක් තිබෙන බව මේ වන විට බොහෝ තාවකාලික වීසා ලාභීන් අතර කතාබහට ලක්වන කරුණකි.
Ákos Percsy සහ Marina Áng නමැති අඹු සැමි යුවල ඔස්ට්‍රේලියාවේ වසර 4 ක් පමණ ගතකරමින් මෙහි ස්ථිර පදිංචිය ලබාගැනීමට සටන් කරමින් සිටී.
තම අධ්‍යාපන ආයතන වලට මුදල් ගෙවා නියමිත අන්දමින් බදු මුදල් ද ගෙවා සියලුම දේ නීත්‍යානුකූලව සිදුකරමින් සිටින නමුත් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වීම සම්බන්ධව සුබදායී අනාගතයක් තමන්ට නොපෙනෙන බව ඔවුහු පවසති.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ කොරෝනා වසංගතය ආරම්භ වූ දිනයේ පටන් මේ දක්වා තාවකාලික වීසා ලාභීන් ලක්ෂ 5 කට අධික පිරිසක් ඔස්ට්‍රේලියාවෙන් පිටව ගොස් තිබේ.
නමුත් ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට මෙහි ස්ථිර ලෙස ස්ථාපිත වීමට ඇති අවස්ථාව ඇහිරීම නිසා ඔස්ට්‍රේලියාව අතහැර යාමට සූදානම් වේ.

තාවකාලික වීසා ලාභීන් ඔස්ට්‍රේලියාව අතහැර යාමට ප්‍රධාන හේතු
තාවකාලික වීසා ලාභීන් ඔස්ට්‍රේලියාව අතහැර යාමට හේතු කිහිපයක් හඳුනාගෙන ඇති අතර ඒ අතරින් පහත ඒවා ප්‍රධාන වේ.
- ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ඇති ඉඩකඩ ඇහිරීම සහ ඊට සම්බන්ධ නීති දැඩි වීම.
- වීසා ලබාගැනීමට ඉතා දිගු කලක් බලා සිටීමට සිදුවීම.
- කොරෝනා වසංගතය පවතින කාලයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉතාමත් අඩු සහයක් ලැබීම.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
තාවකාලික වීසා ලාභීන්ට රැකියා අහිමිවීම
කොරෝනා වසංගතය සමයේදී රැකියා අහිමිවූ පිරිසෙන් බහුතරයක් තාවකාලික වීසා ලාභීන් වූ නමුත් ඔවුන් හට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ලබාදුන් JobKeeper සහන දීමනාව නොලැබුණි.
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට පමණක් JobKeeper දීමනාව ලබා දීමට මධ්‍යම රජය කටයුතු කළේය.
රැකියා අහිමිවූ තාවකාලික වීසා ලාභීන්ට ද JobKeeper දීමනාව ලබාදෙන ලෙස ඉල්ලීම් රාශියක් මධ්‍යම රජයට ලැබුණි.
නමුත් ආර්ථිකව ශක්තිමත් අයුරින් ඔස්ට්‍රේලියාව තුළ රැදී සිටීමට නොහැකි තාවකාලික වීසා ලාභීන්ට ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට කිසිදු තහනමක් නොමැති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison එහිදී පැවසුවේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන
රට තුළ ගත කරන කාලය මත පදනම්ව තාවකාලික වීසා ලාභීන්ට ස්ථිර පදිංචිය ලබා දෙන ස්වයංක්‍රීය සංක්‍රමණික වැඩසටහනක් ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක නොකරයි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට විශේෂිත වූ සුදුසුකම් හා අවශ්‍යතා කිහිපයක්ම සපුරාලිය යුතු වේ.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට බොහෝ සංක්‍රමණිකයින් තාවකාලික වීසා ලාභීන් ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවේ.
2019-20 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනැමූ පිරිසෙන් 64% ක්ම ඔස්ට්‍රේලියාව තුළ සිටි පුද්ගලයින් බව හෙළිවී තිබේ.
SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.
කැනඩාවේ සංක්‍රමණික වැඩසටහන
1980 පටන් කැනඩාව තම රට වෙත ලබාගන්නා සංක්‍රමණිකයින් සංඛ්‍යාව වැඩි කරමින් සිටී.
2021 වසරේදී 401,000 ට කැනඩාවේ ස්ථිර පදිංචිය පිරිනැමීමට කැනඩාව අපේක්ෂා කරයි.
එය කැනේඩියානු ඉතිහාසයේ ඉහළම සංක්‍රමණික කෝටාව ලෙසද වාර්තා වේ.
2020-21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව මෙන් එය දෙගුණයකටත් වඩා වැඩිය.
2020-21 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව 160,000 කි.
ඔස්ට්‍රේලියාවේ මිලියන 25 ක ජනගහනයක් ජීවත් වන විට කැනඩාවේ ජනගහනය මිලියන 37 කි.
කොරෝනා වසංගතය අතරතුරේ දී කැනඩාවේ සිටි තාවකාලික වීසා ලාභීන්ටද කැනඩා රජය ආර්ථික සහන ලබා දුන්නේය.

