Trump ගේ දිවුරුම් දීමේ නිල උත්සවයට අගමැති Turnbull ට ආරාධනා නැතත් Pauline Hanson ට නම් ආරාධනා ලැබිලාලු ...

Hanson received tickets to Trump's inauguration, but not Turnbull.

Source: SBS

එළඹෙන ජනවාරි 20 වන දින ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැත්වෙන ඇමෙරිකානු නව ජනාධිපති Donald Trump ගේ දිවුරුම් දීමේ නිල උත්සවය සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull හට ආරාධනා නොලැබී ඇති අතර One Nation පක්ෂයේ නායිකා Pauline Hanson හට නිල ආරාධනාවක් ලැබී තිබෙන බව වාර්තා වේ.

තමන් හට Donald Trump ගේ වැඩ බාරගැනීමේ නිල උත්සවය සඳහා කිසිදු ආරාධනාවක් නොලැබුණු බව අද (16/01) ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Malcolm Turnbull තහවුරු කළේය.

කෙසේවෙතත්, එසේ ආරධනාවක් ලැබුණත් තමන්ට එයට සහභාගී වීමට අවස්ථාවක් නොමැති බවද අගමැතිවරයා පැවසීය.

තමන් ඔස්ට්‍රේලියාවේ කටයුතු පිළිබඳ වඩා කාර්ය බහුල බව අගමැති ටර්න්බුල් මාධ්‍යවේදීන් අමතා පවසා තිබේ.

මේ අතර විදේශ නියෝජිතයින් සඳහා Donald Trump ගේ වැඩ බාරගැනීමේ නිල උත්සවයට ආරාධනා නොකරන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දුන් බව විදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඒ ඒ රටවල් නියෝජනය කරන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් නියෝජනය කරන බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් එම උත්සවයට ඇමෙරිකාවේ ඔස්ට්‍රේලියානු තානාපති Joe Hockey සහභාගී වෙයි.

කෙසේවෙතත් One Nation පක්ෂයේ නායිකා Pauline Hanson හට මෙම උත්සවය සඳහා නිල ආරාධනාවක් ලැබී තිබෙන බව ඇගේ Twitter ගිණුමේ සටහන් කර තිබුණි.

නමුත් මෙහි පැවරී ඇති රාජකාරී කටයුතු හේතුවෙන් තමන් හට ඒ සඳහා සහභාගී වීමට නොලැබෙන බව ඇය ප්‍රකාශ කර තිබේ.

“මට සැම විටම ප්‍රමුඛ ඔස්ට්‍රේලියාවේ සහ ක්වීන්ස්ලන්තයේ ජනතාවගේ වැඩ කටයුතුයි” ඇය පැවසුවාය.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ One Nation සෙනට් සභික Brian Burston Donald Trump ගේ වැඩ බාරගැනීමේ නිල උත්සවය සඳහා තම පක්ෂය නියෝජනය කරමින් සහභාගී වන බව වාර්තා වේ.

---------------------------------------------------------------------------------------------

ඔස්ට්‍රේලියාව තුල සංක්‍රමණිකයින් සහ සරණාගතයින් හේතුවෙන් සිදුවන මුස්ලිම් ව්‍යාප්තියට විරුද්ධව Pauline Hanson විසින් පසුගිය ඕස්ට්‍රේලියානු මහමැතිවරණයේදී තම චන්ද ව්‍යාපාරය හරහා දැඩි විරෝධතාවක් ඇතිකිරීම හේතුවෙන් ඇය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුවින. ඇයගේ One Nation පක්ෂය පසුගිය ඕස්ට්‍රේලියානු මහමැතිවරණයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේන් වැඩිම සෙනෙට් සභික සංක්‍යාවක් තේරී පත්වුණු ස්වාධීන දේශපාලන පක්ෂය බවටද පත්විය.

----------------------------------------------------------------------------------------------

Donald Trump ගේ වැඩ බාරගැනීමේ නිල උත්සවය සඳහා 900,000 පමණ ජනතාවක් පැමිණෙනු ඇතැයි අපේක්ෂිත අතර ඇමෙරිකානු දේශපාලකයින් හට 250,000 පමණ නොමිලයේ ප්‍රවේශ පත්‍ර ලැබෙනු ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා විරෝධතා ව්‍යාපාර රැසක්ද පැවැත්වෙනු ඇතැයි අපේක්ෂිතය.

Share

Published

Updated

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Trump ගේ දිවුරුම් දීමේ නිල උත්සවයට අගමැති Turnbull ට ආරාධනා නැතත් Pauline Hanson ට නම් ආරාධනා ලැබිලාලු ... | SBS Sinhala