වායුසමීකරණ යන්ත්‍රවලින් පිටවන බැක්ටීරියාවක් නිසා ඇඩිලේඩ් නුවර කැළඹෙයි.

NSW Health urges air conditioning clean-out after spike of legionnaires' disease.

Source: AAP

පසුගිය සතියේ legionnaires රෝගය එකවර මතුවීම හේතුවෙන් ඇඩිලේඩ් නගර මධ්‍යයේ සහ ඇතුල් නගරයන්හි ගොඩනැගිලිවල සවිකර ඇති වායු සමීකරණ යන්ත්‍ර සිය ගණනක් පරීක්ෂාවට ලක් කළ බව වාර්තා වේ.

මේ වන විට පුද්ගලයින් සිව් දෙනෙකු හට මෙම රෝගය වැළඳී ඇතැයි දකුණු ඔස්ට්‍රේලියාවේ වැඩ බලන ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Ken Buckett පැවසීය.

එම රෝගීන් සිව් දෙනා මේ වන විට රෝහල් ගත කර ඇති බවත් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙමින් පවතින බවත් වෛද්‍ය Buckett වැඩි දුරටත් පැවසීය.

“එය බොහෝ දරුණු තත්ත්වයක්. එහි රෝගී ලක්ෂණ නියුමෝනියාව වගේ. බොහෝ ඛේටය නිපදවෙන අතර කැස්ස, උණ සහ අතීසාරය වැනි අතුරු ආබාධද ඇතිවෙනවා.” වෛද්‍ය Buckett පෙන්වා දුන්නේය.

වායුසමීකරණ සිසිල්කරන කුළුණු වලින් මුදා හැරෙන බැක්ටීරියාවක් හේතුවෙන් මෙම රෝගය සෑදෙන බව වෛද්‍ය Buckett සඳහන් කරයි.

වායුසමීකරණ සිසිල් කිරීම උදෙසා ජලය සපයන නල තුළ මෙම බැක්ටීරියාව වැඩෙන බවත් එසේ වීමට මූලික හේතු තවමත් අනාවරණය කර නොමැති බවත් ඔහු පැවසීය.

ඉහත රෝගීන් සිව් දෙනාම වාර්තා වුයේ ඇඩිලේඩ් නගර මධ්‍යයෙන් සහ ඇතුල් නගරයන් ගෙන් බවත් පොදු ස්ථානයකින් නොවන බවත් වෛද්‍ය Buckett පෙන්වා දෙයි.

එනිසා මෙහි මූල ධාතුව සොයා ගැනීම තරමක් අපහසු බව ඔහු පවසයි.

මේ පිළිබඳ කලාපයේ වෛද්‍යවරු දැනුවත් කර ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය.


Share

1 min read

Published

Updated

By Madhura Seneviratne

Source: ABC Australia




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now