ඔස්ට්‍රේලියාවේ Pandemic leave payments ජූලි 01 සිට නවත්වයි (SBS සිංහල/ වාර්තා)

මෙතෙක් ගෙවූ වසංගත නිවාඩු ආපදා ගෙවීම ජූලි 01 සිට නවත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

 Việc khôi phục sẽ kéo dài đến ngày 30/9.

Việc khôi phục sẽ kéo dài đến ngày 30/9. Source: Getty Images/Traceydee Photography

2022 ජූලි 1 සිට Pandemic leave payments හෙවත් වසංගත නිවාඩු ආපදා ගෙවීම තවදුරටත් නොගෙවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කරයි.

කොවිඩ් ආසාදනය වී ඇතිවිට හෝ කොවිඩ් නිසා හුදකලවීමට සිදුව ඇතිවිට හෝ කොවිඩ් ආසාදිතයෙකු රැකබලා ගැනීමට සිදුව ඇතිවිට හෝ මෙම ගෙවීම කරනු ලැබීය.


Highlights

  • මෙතෙක් ගෙවූ වසංගත නිවාඩු ආපදා ගෙවීම ජූලි 01 සිට නවත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
  • වසංගත නිවාඩු ආපදා ගෙවීම් සඳහා අරමුදල් සැපයීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට මුල්‍ය ශක්තියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.
  • තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා හැකි ඉක්මනින් බූස්ටර් එන්නත් ලබා ගන්නා ලෙසට මධ්‍යම රජය ජනතාවගෙන් ඉල්ලයි.

වසංගත නිවාඩු ආපදා ගෙවීම නවත්වයි

සුදුසුකම් ලැබුවන්ට මෙතෙක් ගෙවූ වසංගත නිවාඩු ආපදා ගෙවීම ජූලි 01 සිට නවත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

නමුත් කොවිඩ් නමුත් ආසාදිත පුද්ගලයින් සතියක් නිවසේ හුදෙකලා වීමට අදාළ උපදෙස් අනුගමනය කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.

ජුනි 30 වෙනිදා අවසන් කළ වසංගත නිවාඩු ආපදා ගෙවීම් සඳහා අරමුදල් සැපයීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට මුල්‍ය ශක්තියක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

"අපට ඔස්ට්‍රේලියානු ප්‍රජාවට සහය වන සාමාන්‍ය වැඩසටහන් වෙත ගමන් කිරීම ආරම්භ කිරීමට සිදුවෙලා තියෙන අතර ජනතාව ඒ පිළිබඳව කාලයක් තිස්සේ අවධානයෙන් ඉන්නවා." යනුවෙන් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler, ABC ගුවන් විදුලියට ප්‍රකාශ කළේය.

 Mark Butler says the federal government does not have the financial capacity to continue funding what were intended as emergency payments, which came to an end on 30 June.
Australian Federal Health Minister Mark Butler Source: AAP / LUKAS COCH/AAPIMAGE

බූස්ටර් මාත්‍රා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලයි

Omicron ආසාදනවල තුන්වන රැල්ලක් අපේක්ෂා කරන අතර නව ප්‍රභේදයක් නිසා නැවත ආසාදනය විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය බලධාරීන්ට අනතුරු ඇඟවූයේය.

ඔස්ට්‍රේලියානුවාසීන් තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා හැකි ඉක්මනින් තමන්ගේ බූස්ටර් එන්නත් ලබා ගත යුතු බවද ඔහු අවධාරණය කළේය.

ඔබ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකක් පමණක් ලබාගෙන තිබේනම් ඉදිරි මාස කිහිපය තුළ ඔබ කොවිඩ් ආසාදනයට ගොදුරු වීමේ විශාල අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ජූලි 01 දා ප්‍රාන්ත සහ ටෙරිටරි සෞඛ්‍ය ඇමතිවරුන් හමුවනු ඇති අතර එහිදී කොවිඩ් වයිරසය කළමනාකරණය කිරීම න්‍යාය පත්‍රයේ ඉහළ මට්ටමක පවතින බවද වාර්තා වේ.

COVID-19 සමඟ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ට ප්‍රතිවෛරස් ඖෂධ සඳහා ප්‍රවේශය ලබා ගැනීමේ ක්‍රම පිළිබඳව අමාත්‍යවරු එහිදී සාකච්ඡා කරනු ඇත.

වසංගතය කළමනාකරණය කිරීම සඳහා ප්‍රතිවෛරස් ඖෂධ භාවිතය පුළුල් කිරීම වැදගත් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය

"අපි ඖෂධවේදීන්ගෙන්, වෛද්‍යවරුන්ගෙන් සහ රෝගීන්ගෙන් එක හා සමානව ඒ සම්බන්ධ ප්‍රතිචාර ලබා ගනිමින් සිටිනවා, මෙම ප්‍රතිකාර පිළිබඳව ප්‍රජාව තුළ විශාල මට්ටමේ දැනුවත් කිරීමක් ඇතැයි මම සිතන්නේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


නව COVID-19 එන්නත් සලකා බැලීම සමාලෝචනය කරයි

ඔස්ට්‍රේලියාවේ COVID-19 සූදානම පිළිබඳ මධ්‍යම රජයේ සමාලෝචනයක් යනු අතීත වැරදි කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා අනාගතය දෙස බැලීම බව මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය.

මෙම සමාලෝචනය මෙහෙයවනු ලබන්නේ හිටපු සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානි Jane Halton විසිනි, ඇය විසින් ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් සහ පසුගිය රජය විසින් අත්සන් කරන ලද ප්‍රතිකාර සඳහා ඖෂධ කොන්ත්‍රාත්තු පරීක්ෂා කරනු ඇත.

දැනට පවතින එන්නත් සහ ප්‍රතිකාර දරුණු රෝග වැලැක්වීම සඳහා ඵලදායී වන අතර නව සෞඛ්‍ය පියවරයන් සඳහා ඔස්ට්‍රේලියානුවන්ට ප්‍රවේශය ලබා ගැනීමට අවශ්‍ය බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

වයිරස්වල වෙනස්කම් මතුවන විට සහ නව එන්නත් වෙළඳපොළට ඇතුළු වන විට, ප්‍රවේශය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාව අදාළ පෝලිමේ ඉදිරියෙන් සිටින බව Jane Halton සහතික කරනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පැවසීය

" මෙම වයිරසය විකෘති වීමත් සමඟ සිදුවනු ඇතැයි අපට පුරෝකථනය කළ හැකි දේ අනුව, මෙම වසරේ ඉතිරි කාලය සහ 2023 දක්වා ඉදිරි මාස හයේ සිට 18 දක්වා කාලය තුළ අපි සූදානම් බව සහතික කර ගැනීමට මට අවශ්‍වුණා," යනුවෙන්ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.



3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now