ඕස්ට්‍රේලියාවේ අලුතෙන්ම වෙනස් කල කොවිඩ් නීති නිසා වික්ටෝරියා සහ NSW ප්‍රාන්ත වල 'සමීප ආශ්‍රිතයින්' සහ රැකියා වෙනස් වන හැටි: SBS සිංහල වාර්තා

මේ වනවිට පවතින Omicron වෛරස තත්වය මත කොවිඩ් සමීප අශ්‍රිතයින් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ක්ෂේස්ත්‍ර රැසක අත්‍යාවශ්‍ය සේවක හිඟයක් මතුව තිබේ. මේ හේතුවෙන් කොවිඩ් සමීප අශ්‍රිතයින් සම්බන්ධයෙන් වන හුදකලා නීති ලිහිල් කිරීමට වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්ත ගෙන ඇති පියවර සහ එම නීති ආවරණය කරන ක්ෂේස්ත්‍ර මොනවාද යන්න මෙමෙ ලිපියේ ඇතුලත් වේ.

Food production

Source: Pexels / Yulia Goncharuk

Highlights

  • වික්ටෝරියා ප්‍රාන්තයේ සමීප අශ්‍රිතයකු වූ අත්‍යාවශ්‍ය සේවකයින් සඳහා වන ස්වයං හුදකලා සීමා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමීප අශ්‍රිතයකු වූ අත්‍යාවශ්‍ය සේවකයින් සඳහා වන ස්වයං හුදකලා සීමා
  • නව සීමා මගින් ආවරණය වන රැකියා ක්ෂේස්ත්‍ර 

වික්ටෝරියා ප්‍රාන්තයේ සමීප අශ්‍රිතයකු වූ අත්‍යාවශ්‍ය සේවකයින් සඳහා වන හුදකලා සීමා

පවතින අත්‍යවශ්‍ය සේවක හිඟය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත මහජන සෞඛ්‍ය බලධාරීන් අත්‍යවශ්‍ය සේවකයින් හට ඔවුන්ගේ සේවා ස්ථානයට පැමිණීම සඳහා හුදකලා අවශ්‍යතා සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

එළඹෙන ජනවාරි මස 18 වැනි අඟහරුවාදා රාත්‍රී 11:59 සිට, මෙම සීමා ලිහිල් කිරීම පහත දැක්වෙන රැකියා ක්ෂේස්ත්‍ර සඳහා බලපැවැත්වේ.

  • Workers in emergency services
  • Education
  • Critical utilities
  • Custodial facilities
  • Transport and freight 
  • Food production
මෙම සීමා ලිහිල් කිරීමේ කොන්දේසි යටතේ, යම් අයකු සේවය කරන ක්ෂේස්ත්‍රයේ මෙහෙයුම් අඛණ්ඩව පවත්වාගෙන යාමට සහ වෙනත් විකල්පයක් නොමැතිනම් එම පුද්ගලයාට සේවයට වාර්තා කල හැක.

මෙම කොන්දේසි සේවා ස්ථානය වෙත පැමිණීමට පමණක් අදාළ වන අතර සෙසු කටයුතු සඳහා අදාළ නොවේ.
Education
Source: Pexels / Katerina Holmes
මේ සඳහා සුදුසුකම් ලැබීමට නම්, තමන් කොවිඩ් ආසාදිතයකුගේ සමීප අශ්‍රිතයකු බවට සේවා යෝජකයාට දැනුම් දිය යුතු වේ. එමෙන්ම දෙපාර්ශවයම සේවකයා නැවත සේවා ස්ථානයට පැමිණීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණිය යුතු අතර ඔවුන් සම්පුර්ණ කොවිඩ් එන්නත් ලබා තිබිය යුතුවේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෙහිදී අදාළ සේවකයා මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම වැලක්වීමට පහත දැක්වෙන දැඩි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය වේ.

  • සේවය සඳහා පැමිණෙන පුද්ගලයා දින 5ක කාලයක් අඛණ්ඩව Rapid Antigen පරීක්ෂණ සිදු කලයුතු අතර රැකියාවට පැමිණීමට නම් සෘණාත්මක ප්‍රතිඵල ලැබිය යුතුවේ.
  • ආහාර ගැනීමේදී වැනි අත්‍යවශ්‍ය හේතුන් මත හැර, සෑම විටම මුහුණු ආවරණයක් පැළඳිය යුතු වේ. මේ සඳහා P2/N95 වර්ග වල ආවරණ වඩාත් යෝග්‍ය වේ.
  • පොදු විවේක ස්ථාන වෙත එම සේවකයාට ඇතුලු විය නොහැකි අතර සේවා යෝජකයා, එම සේවකයාට තනිව විවේක කාලයක් ගත කිරීමට පහසුකම් සැලසිය යුතු වේ. එමෙන්ම සම්ප්‍රේෂණය අඩු ස්ථාන සඳහා එම සේවකයා යෙදවීම සඳහාද සේවා යෝජකයා පියවර ගත යුතුය.
  • මොනයම් හෝ අවස්ථාවක සේවකයාගේ රෝග ලක්ෂණ වර්ධනය වුවහොත් සහ Rapid Antigen පරීක්ෂණ හරහා වෛරසයට ධනාත්මක වුවහොත් හුදකලා සීමා නිදහස් කිරීම තවදුරටත් අදාළ නොවේ. මෙහිදී එම සේවකයා දින 7ක කාලයක් අනිවාර්යයෙන්ම හුදකලා වියයුතු අතර සෙසු සේවකයින් සහ සේවා යෝජකයාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කලයුතු වේ.
මෙම හුදකලා සීමා නිදහස් කිරීම මේ වනවිටත් ප්‍රාන්තයේ පහත සඳහන් රැකියා සඳහා ක්‍රියාත්මක වේ.

  • Hospital workers
  • Disability workers
  • Residential aged care facility workers
  • Ambulance workers
කොවිඩ් ආසාදිතයකු සමග නිවසක, නවාතැනක හෝ රැකවරණ මධ්‍යස්ථානයක පැය 4කට වඩා ගත කල අයකු කොවිඩ් සමීප අශ්‍රිතයකු වශයෙන් සැළකේ.

හුදකලා සීමා වලින් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන කොන්දේසි සහ වැඩි විස්තර සඳහා www.coronavirus.vic.gov.au/isolation-exemptions වෙත පිවිසෙන්න (මෙය ජනවාරි 18 අඟහරුවාදා රාත්‍රී 11:59 සිට බලාත්මක වේ)

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමීප අශ්‍රිතයකු වූ අත්‍යාවශ්‍ය සේවකයින් සඳහා වන හුදකලා සීමා

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමීප අශ්‍රිතයින් වශයෙන් හුදකලා වන ඇතැම් අංශවල අත්‍යාවශ්‍ය සේවකයින් හට COVID-19 රෝග ලක්ෂණ නොමැති නම් සේවා ස්ථානයට යාමට අවසර දෙනු ලැබේ.

නමුත් සේවයට නොපැමිණීම මත, තීරණාත්මක සේවාවන් හෝ බෙදා හැරීම් සඳහා බාධාවක් වීමට ඉහල අවදානමක් පවතින බවට සහ නිවසේ සිට රාජකාරි කිරීමට නොහැකි බවට සේවා යෝජකයා තීරණය කළහොත් පමණක් ඔවුන් හුදකලා සීමා මගින් නිදහස් කිරීමට සුදුසුකම් ලබයි.
Essencial workers
Source: Pexels / ELEVATE
මෙම සේවකයින් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වන අතර දිනපතා Rapid Antigen පරීක්ෂණ සිදු කල යුතු වේ. එමෙන්ම සේවායෝජකයා ක්‍රියාත්මක කර ඇති අවදානම් කළමනාකරණ උපාය මාර්ගවලටද අනුකූල විය යුතුය.

නමුත් කොවිඩ් ධනාත්මක වන හෝ COVID-19 රෝග ලක්ෂණ ඇති ඕනෑම සේවකයෙකු ස්වයං-හුදෙකලා වීම සිදු කල යුතුය.


 මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

මෙම නව නීති වහාම ක්‍රියාවට නැංවෙන අතර පහත දැක්වෙන රැකියා ක්ෂේස්ත්‍ර සඳහා බලපැවැත්වේ.

  • Electricity services, operation of energy systems, gas services, liquid fuels, water supply, sewerage, sanitation and drainage services and waste and resource recovery services (collection, treatment and disposal services ඇතුලුව) වන සේවා.
  • Information and Telecommunications
  • Social assistance and Welfare services
  • Funeral, Crematorium and Cemetery services
  • Seaport operations
  • Air and sea freight and Logistics
  • the operation of correctional centres and community corrections
  • Resilience NSW හි සේවකයින් - Surf Life Saving New South Wales, Volunteer Marine Rescue NSW හෝ New South Wales Volunteer Rescue Association Inc. හි සාමාජිකයින්.
මුලිකව සඳහන් කල ඉහත රැකියා ක්ෂේස්ත්‍ර වලට අමතරව නව නීති මගින් මෙම රැකියා ක්ෂේස්ත්‍රද ආවරණය වේ

  • Agriculture (තීරණාත්මක රාජකාරි සිදු කරන biosecurity and food safety හි සේවකයින්)
  • Manufacturing (production and manufacturing of food, beverages, groceries, cleaning and sanitary products)
  • Transport, Postal and Warehousing (road and rail freight, logistics, delivery and grocery fulfilment)
  • තීරණාත්මක සේවා සැපයීම සිදු කරන සහ නිවසේ සිට රාජකාරි කළ නොහැකි Emergency services workers සහ Healthcare workers
වැඩි විස්තර සඳහා Public Health (COVID-19 Self-Isolation) Order (No 4) 2021 වෙත පිවිසෙන්න.

Share

Published

Updated

By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service