නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා වසංගතය යළි හිස එසවීම නිසා මේ වන විට Greater Sydney කලාපය ඇතුළු කලාප කිහිපයකට lockdown නීති පනවා තිබේ.
ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වී තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ lockdown කළ කලාප
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පහත සඳහන් කලාප වලට ජුනි 26 සිට ජූලි 09 මධ්‍යම රාත්‍රිය දක්වා lockdown නීති පනවා තිබේ.
- Central Coast, Blue Mountains, Wollongong සහ Shellharbour ඇතුළුව Greater Sydney
- Woollahra
- Waverley
- Randwick
ඒ අනුව පහත සඳහන් හේතු හැර වෙනත් කිසිදු හේතුවකට ඉහත කලාප වල වැසියන්ට නිවසින් බැහැරව යා නොහැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.
- අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට
- කොරෝනා එන්නත ලබාගැනීම ඇතුළුව සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම
- එළිමහනේ ව්‍යායාම කිරීම සඳහා
- අධ්‍යාපන හා රැකියා කටයුතු සඳහා
මේ වන විට එම කලාප වල පැතිරී ඇති කොවිඩ් 19 වයිරසයේ ඩෙල්ටා ප්‍රභේදය අතිශය භයානක බැවින් එය තවදුරටත් පැතිරීම වළක්වාලීමේ අරමුණින් මෙම lockdown නීති පැනවූ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සඳහන් කළාය.

Greater Sydney ඇතුළු ඉහත සඳහන් කලාප වෙත පනවා ඇති lockdown නීති
- අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, කොරෝනා එන්නත ලබාගැනීම ඇතුළුව සෞඛ්‍ය හා වෛද්‍ය පහසුකම් ලබා ගැනීම, එළිමහනේ ව්‍යායාම කිරීම සහ අධ්‍යාපන හා රැකියා කටයුතු සඳහා යන හේතු හතර හැරුණුකොට නිවසින් බැහැරව යා නොහැකිය.
- නිවසින් බැහැරව වෙනත් ඕනෑම ගෘහස්ථ ස්ථානයක මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- විවාහ උත්සව සඳහා අවසර නැත.
- වර්ග මීටර 2 කට එක් පුද්ගලයෙකු බැගින්වූ නීතිය යටතේ පුද්ගලයින් 100 ක උපරිම පිරිසකට අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි නමුත් ගෘහස්ථව සිටින විට මුව ආවරණ අනිවාර්යෙන් පැළඳිය යුතුය.
- ප්‍රජා ක්‍රීඩා සඳහා අවසර නැත.
- Pubs, අවන්හල් සහ ආපනශාලා takeaway සේවාවන් සඳහා පමණක් විවෘත කළ හැකිය.
- සිනමා ශාලා, කැසිනෝ ශාලා සහ රාත්‍රී සමාජ ශාලා වසා දැමිය යුතුය.
- කාය වර්ධන මධ්‍යස්ථාන, පොදු පිහිණුම් තටාක වසා දැමිය යුතුය.
- ආගමික ස්ථාන වල පිරිස් රැස්වීම් සඳහා අවසර නැත.
- කොන්දා සැකසුම් මධ්‍යස්ථාන, සම්භාහන මධ්‍යස්ථාන සහ රූපලාවන්‍යාගාර වසා දැමිය යුතුය.
- පෞද්ගලිකව සහභාගී වන නිවාස වෙන්දේසි සහ open inspections සඳහා අවසර නැත.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වෙත පනවා ඇති කොරෝනා නීති
Central Coast, Blue Mountains සහ Wollongong හැර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙසු ප්‍රාදේශීය කලාප වෙත ජුනි 26 සිට ජූලි 09 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා පහත කොරෝනා නීති බල පැවැත්වේ.
- ළමයින් ද ඇතුළුව උපරිම අමුත්තන් 5 දෙනෙකුට නිවසකට පැමිණිය හැකිය.
- නිවසින් බැහැරව වෙනත් ඕනෑම ගෘහස්ථ ස්ථානයක මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
- අවන්හල් වැනි ගෘහස්ථ ස්ථානවල සිටගෙන සිටියදී මත් පැන් පානය කිරීමට අවසර නැත.
- ගෘහස්ත ප්‍රසංග වලදී ප්‍රේක්ෂකයින් විසින් ගායනා කිරීම හෝ ගෘහස්ථ ආගමික ස්ථානවල ජනයා එක් රැස්වීම් තහනම් කර ඇත.
- hospitality ස්ථානවල අභ්‍යන්තරයේ හෝ රාත්‍රී සමාජ ශාලා වල නර්තනය සඳහා අවසර නැත.
- විවාහ මංගල උත්සවවලදී පමණක් නර්තනයට උපරිම 20 දෙනෙකු දක්වා අවසර දී ඇත.
- නර්තන සහ කායවර්ධන පන්ති 20 දෙනෙකුට සීමා කර ඇති අතර ඔවුන් සියල්ල මුව ආවරණ පැළඳිය යුතුය.
- විවාහ සහ අවමංගල උත්සව ඇතුළුව සියළුම ගෘහස්ථ හා එළිමහන් උත්සව සඳහා වර්ග මීටර හතරකට එක් අයෙකු සිටිය යුතුයි යන නීතිය බල පැවැත්වේ.
- එළිමහන් අසුන් ගැනීමේ ඉසව් සඳහා සහභාගී විය හැක්කේ පවතින අසුන්ගැනීමේ ධාරිතාවයෙන් සියයට 50 කට පමණි.

