ඔස්ට්‍රේලියාවේ සේවකයින් සොයාගැනීමට අපහසුව ඇති රැකියා ක්ෂේත්‍ර පිළිබඳ නවතම හෙළිදරව්ව මෙන්න (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සිදුකළ මෙම සමීක්ෂණයේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 27% කට තම ව්‍යාපාර සඳහා සුදුසු කාර්ය මණ්ඩලය සොයා ගැනීමට අපහසු වී තිබේ.

یک مصاحبه شغلی

یک مصاحبه شغلی Source: Getty Images

ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් හතරෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට තම ව්‍යාපාර සඳහා සුදුසු කාර්ය මණ්ඩලය සොයා ගැනීමට අපහසු වී ඇත.

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම සමීක්ෂණයකට අනුව ඒ බව හෙළිවී තිබේ.


Highlights

  • ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සිදුකළ නවතම සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 27% කට තම ව්‍යාපාර සඳහා සුදුසු කාර්ය මණ්ඩලය සොයා ගැනීමට අපහසු වී තිබේ.
  • අයදුම්කරුවන්ගේ හිඟය, අයදුම්කරුවන්ට රැකියාවට අවශ්‍ය නිපුණතා නොමැති වීම සහ ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබීම ඊට ප්‍රධාන හේතුවේ.
  • ප්‍රධාන වශයෙන් සේවකයින් සොයාගැනීමට අපහසු වෘත්තීන් හා රැකියා අංශ කිහිපයක්ද මෙහිදී හඳුනාගෙන ඇත.

ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලට කාර්ය මණ්ඩලය සොයා ගැනීමට අපහසු වෙයි

ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සිදුකළ මෙම සමීක්ෂණයේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 27% කට තම ව්‍යාපාර සඳහා සුදුසු කාර්ය මණ්ඩලය සොයා ගැනීමට අපහසු වී තිබේ.

එම සමීක්ෂණය පසුගිය ජුනි 9 ත් 16 ත් අතර සිදුකළ බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ කර්මාන්ත පිළිබඳ සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානී John Shepherd පැවසීය.


 

මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

රැකියා පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු කාර්ය මණ්ඩලයක් සොයා ගැනීමට ව්‍යාපාර අපහසුතාවට මුහුණ දීමට හේතු කිහිපයක් ඇති බව එයින් පෙන්නුම් කළ බවද ඔහු සඳහන් කළේය.

Australia's top-10 highest earning jobs.
Source: AAP/ Getty Images

සේවකයින් සොයාගැනීමේ අපහසුවට හේතු

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර සඳහා සේවකයින් සොයාගැනීමේ අපහසුවට පහත සඳහන් ප්‍රධාන හේතු ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අනාවරණය කරගෙන තිබේ.

  • අයදුම්කරුවන්ගේ හිඟය
  • අයදුම්කරුවන්ට රැකියාවට අවශ්‍ය නිපුණතා නොමැති වීම
  • ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා තිබීම
  • රැකියාව කිරීමට ඇති ස්ථානය
  • අවිනිශ්චිත ආර්ථික තත්වයන්
  • ලබා දෙන රැකියා වර්ගය
  • වැටුප් කොන්දේසි
  • වැඩ කරන දින හෝ පැය
  • වෙනත් රැකියා කොන්දේසි

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


සේවකයින් සොයාගැනීමට අපහසුව ඇති රැකියා ක්ෂේත්‍ර

පහත සඳහන් වෘත්තීන් සඳහා සේවකයින් සොයාගැනීමට අපහසු බව ඔස්ට්‍රේලියානු ව්‍යාපාර මෙම සමීක්ෂණයේදී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයට පවසා තිබේ.

  • hospitality අංශයේ සේවකයින්
  • අලෙවි කාර්ය මණ්ඩලය
  • ඉංජිනේරුවන්
  • විද්‍යා වෘත්තිකයන්
  • රියදුරන්
  • ගොඩනැගිලි ක්ෂේත්‍රයේ සේවකයින්
  • ව්‍යාපාරික අංශයේ වෘත්තිකයන්

ඉදිරි මාස තුන තුළ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 23% ක් තම සේවක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.


Share

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now