වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළව නවතම දත්ත කිහිපයක් මේ වන විට නිකුත් කර තිබේ.
පසුගිය ජුනි 30 වන දිනට වික්ටෝරියානු ප්‍රාන්තය විසින් නිකුත් කළ 190 හා 491 වීසා nomination ප්‍රමාණය මෙන්ම එම වීස සඳහා අයදුම් කළ හැකි STEMM කුසලතා පිළිබඳව යාවත්කාලීන කිරීමක්ද වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දක්වා ඇත.
Highlights
- ගතවූ ජුනි මාසය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 190 visa nomination 381 ක් පිරිනමා ඇත.
- ගතවූ ජුනි මාසය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 491 visa nomination 74 ක් පමණක් පිරිනමා ඇත.
- වික්ටෝරියානු ප්‍රාන්තයේ Target Sectors සඳහා Accounting, Business, Finance සහ Commerce යන ක්ෂේත්‍ර අදාළ නොවන බව දන්වා තිබේ.
Skilled nominated visa (subclass 190)
2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 190 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 2,500 ක කෝටාවක් වෙන්කොට තිබුණි.
2021 ජුනි 30 වන දිනට මේ සඳහා ROI (Registrations of Interest) 7,157 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 2,187 කි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඒ අනුව ගතවූ ජුනි මාසය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 190 visa nomination 381 ක් පිරිනමා ඇත.
190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන වීසා උප ඛාණ්ඩයකි.

Skilled Work Regional (Provisional) visa (subclass 491)
2020/21 මුල්‍ය වර්ෂය උදෙසා 491 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයට 1,043 ක කෝටාවක් වෙන්කොට තිබුණි.
2021 ජුනි 30 වන දිනට මේ සඳහා ROI 1,403 ක් ලැබී ඇති නමුත් ඉන් වික්ටෝරියානු visa nomination හිමිවූ ප්‍රමාණය 377 කි.
ඒ අනුව ගතවූ ජුනි මාසය තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් 491 visa nomination 74 ක් පමණක් පිරිනමා ඇත.
491 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරගත හැකි අතර වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය
190 වීසා සහ 491 වීසා අයදුම්පත් සලකා බැලීමේ කාලය වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය පහත පරිදි දක්වා තිබේ.
Processing times - subclass 190
- 75% අයදුම්පත් සඳහා: දින 27
- 90% අයදුම්පත් සඳහා: දින 37
Processing times - subclass 491
- 75% අයදුම්පත් සඳහා: දින 37
- 90% අයදුම්පත් සඳහා: දින 51

STEMM කුසලතා පිළිබඳ නවතම පණිවිඩය
වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන යටතේ 190 හා 491 වීසා නිකුත් කරනු ලබන්නේ STEMM කුසලතා සහිත අයදුම්කරුවන්ට බව වික්ටෝරියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.
ඒ සඳහා වූ Target sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර 7 ක් ඔවුන් නම් කර තිබේ.
එම ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර සඳහා Accounting, Business, Finance සහ Commerce යන ක්ෂේත්‍ර අදාළ නොවන බවත් එවැනි අයදුම්පත් සලකා නොබලන බවත් ඔවුන් දන්වා සිටියි.
190 හා 491 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ රැකියා කළ යුතු Target Sectors හෙවත් ඉලක්කගත වෘත්තීය ක්ෂේත්‍ර පිළිබඳ සම්පුර්ණ තොරතුරු මෙතනින් ලබාගත හැකිය.

