නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට එම ප්‍රාන්තයේ ඇතැම් කලාප වලට දරුණු ගංවතුර තර්ජන ඇතිවී තිබේ.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශ වල පදිංචිකරුවන් විශාල සංඛ්‍යාවක් ඔවුන් ගේ වාසස්ථාන වලින් ඉවත් කර තිබේ.
Highlights
- පසුගිය වසර 100 තුළ ඇතිවූ දරුණුතම ගංවතුරට Mid-North Coast කලාපය මුහුණ දී ඇත.
- ගංවතුර තර්ජන වලට මුහුණදී ඇති 18,000 ක් පමණ පදිංචිකරුවන් මේ වන විට ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කර තිබේ.
- ගංවතුරෙන් පීඩාවට පත් පුද්ගලයින්ට වහාම ආපදා සහන දීමනා.
දරුණුතම ගංවතුර
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Mid-North Coast කලාපයේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වය පිළිබද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ගිනි නිවන සේවාව (NSW Rural Fire Service) විසින් වීඩියෝගත කර නිකුත් කර තිබේ.
2019 ග්‍රීෂ්ම කාලයේදී මෙම කලාපය දරුණු ලැව් ගිනි වලින් පිළිස්සීමට ලක්වූ අතර අද වන විට දරුණු ගංවතුරකට මුහුණ දී ඇත.
පසුගිය වසර 100 තුළ ඇතිවූ දරුණුතම ගංවතුරට Mid-North Coast කලාපය මුහුණ දී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පැවසුවාය.
මේ අතර මෙම ගංවතුර තමන්ගේ වෘත්තීය ජීවිතය තුළ දැක ඇති විශාලතම ගංවතුර බව Mid-North Coast පොලිසියේ ප්‍රධානී Shane Cribb ABC පුවත් සේවයට පැවසීය.
18,000 ක් ඉවත් කෙරේ
Mid-North Coast කලාපයේ පදිංචිකරුවන් 15,000 ක් පමණ මේ වන විට ඔවුන්ගේ නිවෙස් වලින් ඉවත් කර ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනි Gladys Berejiklian පැවසුවාය.
එමෙන්ම Nepean-Richmond නිම්නයේ සහ Hawskebury කලාපයේ තවත් පදිංචිකරුවන් 3,000 ක් පමණ නිවෙස් වලින් ඉවත් කර ඇත.
ගංවතුර තර්ජන එල්ලවී ඇති ප්‍රදේශ වල සිටින සියලුම වැසියන් නිව් සවුත් වේල්ස් බලධාරීන්ගේ නියෝග වලට සාවදානව සවන් දෙන ලෙස ඇය ඉල්ලා සිටියාය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඉතා කෙටි දැනුම්දීමකින් තමන්ගේ නිවෙස් වලින් ඉවත් වීමට සිදුවීමට ඉඩ ඇති නිසා තමන්ට අවශ්‍ය දේවල් සූදානම් කරගෙන සිටින ලෙස ද ඇය දන්වා සිටියාය.
ගංවතුර බලපෑමට ලක් වූ පුද්ගලයින්ට තම පවුලේ අය සහ මිතුරන් සමඟ සිටීමට නොහැකි නම් ආපදා මධ්‍යස්ථානවල හදිසි නවාතැන් පහසුකම් සලසන බව ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනිය පැවසුවාය.

ගංවතුර තර්ජන පිළිබඳ අනතුරු ඇඟවූ ප්‍රදේශ
Nepean, Hawksebury සහ Mid-North Coast කලාප වලට තවමත් ගංවතුර තර්ජන එල්ලවෙමින් පවතී.
එමෙන්ම Illawarra සහ South Coast කලාප වලට ද අධික වර්ෂාපතනය සමග දරුණු කාලගුණික තත්ත්ව ඇතිවන බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට අඟහරුවාදා (23/03) සහ බදාදා (24/03) දින වල අධික වර්ෂාවක් ඇද හැලීමට හැකි බවට මේ වන විට පුරෝකතනය කර ඇත.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Hawkesbury ගංගාව ආසන්නයේ පදිංචිකරුවන්ට දරුණු ගංවතුර තර්ජන එල්ලවිය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ඒ අනුව Windsor, Pitt Town, North Richmond, Freemans Reach සහ Colo යන ප්‍රදේශ ජලයෙන් යටවිය හැකි බවට අපේක්ෂා කරයි.

Penrith හි බටහිර කලාපයට පමණක් නැවත යාමට අවසර
Nepean ගංගාවේ ජල මට්ටම පාලනය වූ බැවින් Penrith හි බටහිර කලාපයේ ගංවතුර තර්ජනය අඩුවී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හදිසි සේවා අංශ පවසයි.
ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ වල ජනතාවට නැවතත් තම නිවෙස් වෙත යාමට ආකරක්ෂාකාරී බව ඔවුහු දන්වති.
Nepean ගංගාවෙන් මායිම් වූ ප්‍රදේශය තුළ ඇති නිවෙස්
Great Western Highway දකුණින් සහ Peach Tree Creek ට බටහිරින්: Captains Road; Fitch Avenue; Ladbury Avenue; Memorial Avenue; Nepean Avenue හා Recreation Avenue
Cables Wake Park අසල ඇති නිවෙස්: Nepean ගංගාව, Jamison Road සහ Peach Tree Creek මගින් එම ප්‍රදේශය මායිම්වී තිබේ.
Jamison road, Surveyors Creek, Blaikie Road, Penrith Homemaker Centre හි පිටුපස, Western Motorway හා Nepean ගංගාවෙන් මයිම්වී ඇති ප්‍රදේශය තුළ ඇති නිවෙස්,
Mulgoa Creek සහ Nepean ගංගාව අතර Martin Street දිගේ පිහිටා ඇති නිවෙස්
ආපදා සහන දීමනා
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් දරුණු අනතුරු වලට මුහුණ දුන් පුද්ගලයින්ට සහ තමන්ගේ නිවාස වලට හානි වූවන්ට ආපදා සහන ගෙවීමකට වහාම අයදුම් කිරීමට කටයුතු සලසා තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නගර සභා සීමා 18 කට වෙසෙන වැසියන් මේ සඳහා සුදුසුකම් ලබයි.
මෙම සහන දීමනාව ලබාගැනීමට සුදුසුකම් ලැබූ වැඩිහිටියෙකුට එකවරක් ගෙවනු ලබන $1000 කටද ළමයෙකුට එකවරක් ගෙවනු ලබන $400 කටද හිමිකම් කිව හැකිය.
එමෙන්ම සති 13 ක් දක්වා වූ කෙටි කාලීන ගෙවීම් ද ගංවතුරෙන් පීඩාවට පත් පිරිස් වෙත ලබාගැනීමට හැකියාව ඇත.

දකුණු ක්වීන්ස්ලන්තයට ද තර්ජන
නිරිතදිග හා බටහිර ක්වීන්ස්ලන්තයට මෙම අයහපත් කාලගුණය ගමන් කරන බැවින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දකුණු අභ්‍යන්තරයේ සැලකිය යුතු වර්ෂාවක් අපේක්ෂා කරන බව කාලගුණ කාර්යාංශය පවසයි.
වර්තමානයේ ගිනිකොනදිග ක්වීන්ස්ලන්ත වෙරළබඩ සුළඟ අවපීඩනය හෙට (23/03) බටහිර කලාපයේ වර්ෂාපතනය සඳහා හේතුවනු ඇති බවද ඔවුන් පවසයි.
මේ අතර දකුණු ඔස්ට්‍රේලියානු දේශ සීමාවේ සිට ගිනිකොනදිග වෙරළ තීරය දක්වා ක්වීන්ස්ලන්තයේ දකුණු ප්‍රදේශ සඳහා ගංවතුර තර්ජන ඇතිවිය හැකිය.
එමෙන්ම කලපුයේ ජල පෝෂක ප්‍රදේශ ගණනාවකටම ගංවතුර අනතුරු ඇඟවීම් පවතී.

