Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔබ අන්තර්ජාලයේ සැරිසරද්දී, වංචාකරුවන්ගෙන් බේරෙන්නේ මෙහෙමයි (SBS සිංහල / වාර්තා)

Internet crime and electronic banking security
Stealing a credit card through a laptop concept for computer hacker, network security and electronic banking security Source: iStockphoto

Key Points

  • Hack කිරීමක් සම්බන්ධයෙන් වන පොදු උදාහරණ
  • ඔබව hack කොට ඇති බවට ඔබ දැනගන්නේ කෙසේද?
  • Hack කිරීමකින් ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේද?
  • ඔබ scam සිදු කරන්නන්ට හසුව ඇත්නම් ඔබ කල යුතු දේ

Hack කිරීමක් සම්බන්ධයෙන් වන පොදු උදාහරණ

Malware සහ ransomware යන මෘදුකාංග ඔස්සේ, ඔබේ පරිගණකයට මෘදුකාංග ස්ථාපනය කිරීමට ඔබව පෙළඹවීම සිදු කරයි.

මේ ඔස්සේ scam සිදු කරන්නන් හට ඔබේ පරිගණකයේ තිබෙන දත්ත වෙත ප්‍රවේශ වීමට සහ ඔබ පරිගණකය තුල ඔබ සිදු කරන දේ නිරීක්ෂණය කිරීමට ඉඩ සලසන බව Australian Competition and Consumer Commission හෙවත් ඕස්ට්රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසම් වෙබ් අඩවිය පවසයි.

කෙසේ නමුත් ransomware ඔබේ පරිගණකය හෝ ලිපි ගොනු වල 'අගුළු හැරීමට' ගෙවීමක් ඉල්ලා සිටී.

ආරක්ෂාව සම්බන්ධයෙන් වන දුර්වලතා අතරට -

  • නැවත භාවිත කළ සහ පහසුවෙන් අනුමාන කළ හැකි මුරපද (passwords)
  • යල් පැන ගිය anti-virus මෘදුකාංග
  • අනාරක්ෂිත WiFi සහ Bluetooth සම්බන්ධතා

ඇතුලත් වේ.

ගෙවීම් සම්බන්ධයෙන් වන වංචා ගත් කල, ඔබ ව්‍යාපාරයක් සිදු කරන්නේ නම්, ඔබේ නිත්‍ය සැපයුම්කරුවෙකු ලෙස පෙනී සිටින වංචාකරුවෙකු ඔවුන්ගේ බැංකු තොරතුරු වෙනස් වී ඇති බව ඔබට පැවසීම සිදු කරයි.

මෙහිදී ඔවුන් ඔබට නව බැංකු ගිණුම් අංකයක් ලබා දෙන අතර, ඉදිරි ගෙවීම් සියල්ල ඒ වෙත බැර කරන ලෙස ඉල්ලා සිටී.

කෙසේ නමුත් එය අවසානයේ වංචාවක් බවට අනාවරණය වන්නේ, ඔබ මුදල් නොගෙවා ඇති බවට ඔබේ සත්‍ය සැපයුම්කරු සඳහන් කල විටයි.

AFP, SCAM ALERT, AUSTRALIA, COURT, MALWARE
SCAM ALERT Credit: Pixaby/Public Domain

Scam සිදු කරන්නන් ඔබේ පරිගණකය හෝ ජංගම දුරකථනය hack කල පසුව, ඔවුන්ට ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට, ඔබේ මුරපද වෙනස් කිරීමට සහ ඔබේ පරිගණක පද්ධතියට ඔබට තිබෙන ප්‍රවේශය සීමා කිරීමට හැක.

Identity theft වශයෙන් හැඳින්වෙන යමකුගේ අනන්‍යතාවය සොරකම් කිරීම වැනි වංචනික ක්‍රියාකාරකම් සිදු කිරීමට ඔවුන් මේ ඔස්සේ ලබා ගන්නා තොරතුරු භාවිතා කරයි. නැතහොත් ඔවුන්ට ඔබේ බැංකු සහ ක්‍රෙඩිට් කාඩ් විස්තර වෙත සෘජු ප්‍රවේශය ලබා ගත හැක.

ඔබව hack කොට ඇති බවට ඔබ දැනගන්නේ කෙසේද?

ඔබට ඔබේ පරිගණකයට, ජංගම උදුරකතනයට, ඔබේ විද්‍යුත් තැපෑලට, සමාජ මාධ්‍ය වෙත සහ වෙනත් අන්තර්ජාල ගිණුම් වෙත ඇතුළුවීමට (log) නොහැකි වීම.

ඔබේ පරිගණක තිරයේ අලුත් icons තිබීම, නැතහොත් ඔබේ පරිගණකය සාමාන්‍ය පරිදි වේගවත් නොවීම.

ඔබේ පරිගණකයේ ලිපි ගොනු වෙනත් ස්ථානයකට ගෙන ගොස් හෝ මකා දමා තිබීම.

Pop-up boxes ඔබේ පරිගණක තිරයේ දිස් වීම.( මේ තුල 'fix' සහ ‘close’ යන වචන තිබිය හැක)

This phone scam has cost thousands of dollars
This phone scam has cost thousands of dollars Source: AAP

ඔබට අනපේක්ෂිත ලෙස ඉහල දුරකථන දත්ත හෝ අන්තර්ජාල බිල්පතක් ලැබීම.

කිසිදු පැහැදිලි කිරීමකින් තොරව ඔබගේ බැංකු ගිණුමෙන් මුදල් අතුරුදන් වීම සිදු වීම.

සාමාන්‍යයෙන් ඔබේ ජංගම දුරකතනයේ සංඥා තිබෙන බවට දිස්වන ස්ථානයේ 'SOS' ලෙස සටහන් වී තිබීම.

Hack කිරීමකින් ඔබව ආරක්ෂා කරගන්නේ කෙසේද?

ඔබේ පරිගණකයේ පවතින anti-virus සහ anti-spyware මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීම වැදගත් වේ.

එමෙන්ම පිළිගත් ආයතනයකින් හෝ ස්ථානයකින් පමණක් පරිගණකයක් සහ anti-virus මෘදුකාංගයක් මිලදී ගත යුතුය.

ඔබේ පරිගණකයේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි ඔබ සිතන්නේ නම් වෛරස් anti-virus මෘදුකාංගය ඔස්සේ පරීක්ෂාවක් කිරීම.

නමුත් තවදුරටත් සැක සහිත නම් ඔබේ anti-virus මෘදුකාංග සපයන්නා හෝ පරිගණක විශේෂඥයෙකු ඇමතිය යුතුය.

A person sits in front of a computer screen
Source: AAP, EPA / AAP Image/EPA/SASCHA STEINBACH

ඔබගේ පරිගණක ජාල සහ උපාංග සුරක්ෂිත කල යුතුය, පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට හෝ සැපයීමට පොදු පරිගණක හෝ WiFi හොට්ස්පොට් භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.

අන් අයට අනුමාන කිරීමට අපහසු වන මුරපද සහ PIN තෝරාගැනීම සිදු කල යුතු අතර, ඒවා නිතිපතා යාවත්කාලීන කල යුතුය. එම මුරපද ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ සුරැකිව තැබීම සිදු නොකළ යුතුය.

ඔබට ලැබෙන attachments විවෘත නොකළ යුතු අතර, නොදන්නා පිරිසගෙන් ඔබට ලැබුණු සැක සහිත ඊමේල් හෝ සමාජ මාධ්‍ය පණිවිඩවල link ක්ලික් නොකොට ඒවා මකා දැමීම වැදගත් වේ.

ඔබ නොදැනුවත්වම ඔවුන් හානිකර මෘදුකාංග ස්ථාපනය කළ හැකි බැවින් සංගීතය, ක්‍රීඩා, චිත්‍රපට වැනි නොමිලේ බාගත කල හැකි වෙබ් අඩවි වලට ප්‍රවේශ නොවීම වැදගත් වේ.

එමෙන්ම වැඩිහිටියන් සඳහා වූ වෙබ් අඩවි වැනි වෙබ් අඩවි වලට වන ප්‍රවේශ පිළිබඳවද ප්‍රවේශම් විය යුතුය.

ස්වයංක්‍රීයව සම්පුර්ණ කරන මෘදුකාංග භාවිතා නොකල යුතුය.

අන්තර්ජාලයේදී ඔබේ පුද්ගලික සහ මූල්‍ය තොරතුරු ආරක්ෂා කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් සඳහා Stay Smart Online වෙත පිවිසෙන්න.

ඔබ scam සිදු කරන්නන්ට හසුව ඇත්නම් ඔබ කල යුතු දේ

ඔබ ඔබේ බැංකු ගිණුම් විස්තර, විදේශ ගමන් බලපත්‍රය, බදු අංකය, Medicare හෝ වෙනත් පුද්ගලික තොරතුරු scam සිදු කරන්නකුට ලබා දී ඇතැයි ඔබ සිතන්නේ නම්, වහාම ඔබේ බැංකුව, මූල්‍ය ආයතනය හෝ වෙනත් අදාළ නියෝජිතායතනය ඇමතිය යුතු බව ඕස්ට්රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසම් වෙබ් අඩවිය පවසයි.

Backlit keyboard
Backlit keyboard

වංචාසහගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ACCC හෙවත් ඕස්ට්රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසම් වෙබ් අඩවියේ report a scam පිටුව හරහා දැනුම් දීම වැදගත් වේ.

වංචා සම්බන්ධයෙන් වෙනත් පිරිස දැනුවත් කිරීමට සහ හැකි සෑම විටම එවැනි වංචා නැවත්වීමට මෙය වැදගත් වේ.

වංචාවලින් ඔබව ආරක්ෂා කර ගැනීමට සහ උපකාර ලබා ගත හැකි ස්ථාන පිළිබඳව ඕස්ට්රේලියානු තරඟ සහ පාරිභෝගික කොමිසම මාර්ගෝපදේශ සපයයි.


4 min read

Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now