ඔස්ට්‍රේලියාවේ 485 වීසා සඳහා මෑතකදී සිදුකළ සංශෝධන ජාත්‍යන්තර සිසුන්ට බලපාන්නේ කෙසේද? (SBS සිංහල/ විමර්ශන)

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ 485 වීසා හිමියන්ට replacement හෙවත් ප්‍රතිස්ථාපන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලබා දී ඇත.

Skilled Visas

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ Temporary Graduate වීසා හෙවත් 485 වීසා ඛාණ්ඩයේ කොන්දේසි කිහිපයක් පසුගියදා සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගත්තේය.

එම සංශෝධන මොනවාද සහ ඒවා අදාළ වීසා හිමියන්ට බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය මෙල්බන් නුවර ලියාපදිංචි සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.


Highlights

  • එක් පුද්ගලයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් මෙම 485 වීසා බලපත්‍රය දැරිය හැකිවේ.
  • 485 වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව රැකියා කිරීමට අවසරය හිමිවේ.
  • Masters හෙවත් ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කළ ජාත්‍යන්තර සිසුන් සඳහා ලබාදෙන 485 වීසා කාලය වසර දෙකේ සිට 3 දක්වා දීර්ග කර තිබේ.

Temporary Graduate වීසා නොහොත් 485 වීසා

ඔස්ට්‍රේලියාවේ අවම වශයෙන් වසර එකහමාරක් හෝ ඩිප්ලෝමා පාඨ මාලාවක් හෝ උපාධියක් හෝ ඉන් එහා ගිය අධ්‍යන පාඨ මාලාවක් සම්පුර්ණ කරන ජාත්‍යන්තර සිසුන්ට මෙම Temporary Graduate වීසා නොහොත් 485 වීසා සඳහා අයදුම් කිරීමට හැකි බව  සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේය.

නමුත් තමන්ගේ පාඨ මාලාව නිල වශයෙන් අවසන් කර මාස 6 ක් ඇතුළත මෙයට අයදුම් කළ යුතුවේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


මෙහිදී අදාළ වීසා හිමියන්ට ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීනව රැකියා කිරීමට අවසරය හිමිවීම වැදගත් කරුණකි.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී ඔස්ට්‍රේලියානු ආයතනයක රැකියා පළපුරුද්ද ලබා ගැනීම සඳහා මෙම 485 වීසා බලපත්‍රයෙන් උපරිම ප්‍රයෝජන ගත හැකිය.

එක් පුද්ගලයෙකුට ජීවිතයේ එක් වරක් පමණක් මෙම 485 වීසා බලපත්‍රය දැරිය හැකිවේ.

visa 485
Source: Getty Images

485 වීසා කාලය

ඕස්ට්‍රේලියාවේදී තමන් සම්පුර්ණ කරන පාඨ මාලාවත් සමග මෙම 485 වීසා කාලය වෙනස්වන බව සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා පැවසුවේය.

සාමාන්‍යයෙන් ඩිප්ලෝමා පාඨ මාලාවක් සම්පුර්ණ කළ විට වසර එකහමාරක 485 වීසා බලපත්‍රයකට අයදුම් කළ හැකි නමුත් එම අවස්ථාව සෑම ඩිප්ලෝමා පාඨ මාලාවකටම හිමි නොවන බවද ඔහු සඳහන් කළේය.

485 වීසා සඳහා අයදුම්කළ හැකි වෘත්තීන් ඇතුළත් ලැයිස්තුවක් ඇති අතර එම ලයිස්තුවේ වෘත්තියකට අදාළ ඩිප්ලෝමා පාඨ මාලාවක් සම්පුර්ණ කළ විට අදාළ 485 වීසා සඳහා අයදුම් කිරීමට අවස්ථාව සැලසේ.

උපාධියක් හෝ ශාස්ත්‍රපති උපාධියක් සම්පුර්ණ කළ විට වසර දෙකක 485 වීසා බලපත්‍රයකට අයදුම් කිරීමට අවස්ථාව ලැබේ.

ඊට අමතරව 2019 දෙසැම්බර් මාසයේදී මෙම 485 වීසා බලපත්‍රය දිගු කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන් බවද සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා පැවසීය.

අදාළ අයදුම්කරු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක පිහිටි විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇතිනම් එම කලාපයේ වාසය කර ඇතිනම් වසර දෙකකට ලැබුණු 485 වීසා බලපත්‍රය තවත් වසරක් හෝ දෙකක් දිගු කිරීමට ඒ අනුව අවසර ලැබේ.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


මෑතකදී 485 වීසා සඳහා සිදුකළ සංශෝධන

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් Coursework මත පදනම් වූ Masters හෙවත් ශාස්ත්‍රපති උපාධිය සම්පුර්ණ කළ ජාත්‍යන්තර සිසුන් සඳහා ලබාදෙන 485 වීසා කාලය වසර දෙකේ සිට 3 දක්වා දීර්ග කර තිබේ.

එමෙන්ම වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු (VET) විෂය ධාරාවන් හදාරා අවසන් කළ ජාත්‍යන්තර සිසුන්ට වසර එකහමාරක්ව පැවති 485 වීසා කාලය වසර 2 ක්  දක්වා දීර්ග කර ඇති බව මෙල්බර්න් නුවර සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේය.

උපාධියක් සම්පුර්ණ කළ ජාත්‍යන්තර සිසුන් සඳහා ලබාදෙන 485 වීසා කාලයේ කිසිදු සංශෝධනයක් නොමැති අතර එය වසර දෙක ලෙසම පවතී.

ඊට අමතරව කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට නොහැකිවූ 485 වීසා හිමියන්ට replacement හෙවත් ප්‍රතිස්ථාපන වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට ද මෙම නව සංශෝධන හරහා අවසර ලබා දී ඇති බව සංක්‍රමණික උපදේශක අශාඩ් පෙරේරා මහතා පැවසීය.

2020 පෙබරවාරි 1 හෝ ඊට පසු වීසා කල් ඉකුත් වූ වත්මන් සහ හිටපු 485 වීසා හිමියන්ට නව වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට මෙය ඉඩ සලසයි.



Share

4 min read

Published

By Madhura Seneviratne

Source: SBS Sinhala program



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now