Rapid antigen පරීක්ෂණයක් නිසියාකාරව සිදුකර නිවැරදි ප්‍රතිඵල ලබාගන්නේ කෙසේද? (SBS සිංහල/ වාර්තා)

Rapid antigen පරීක්ෂණවලින් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද, සහ එයින් සාර්ථකව ප්‍රතිඵලයක් ලබන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

Woman swabs her nose for a rapid antigen test.

Rapid antigen tests can be done anywhere. Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ සිටින ඔබට දැන් මිනිත්තු 15 කින් පමණ නිවසේදීම කොවිඩ් වයිරසය ඇත්දැයි පරීක්‍ෂා කිරීමට හැකිය.

ඒ සඳහා සුපිරි වෙළෙඳසල්වලින් සහ ඔසුසල්වලින් rapid antigen පරීක්ෂණ කට්ටල මිලදී ගත හැකිවේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


සම්මත PCR පරීක්ෂණයකට වඩා ඉක්මණින් ඔබට මෙහි ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙම rapid antigen පරීක්ෂණවලින් උපරිම ප්‍රයෝජන ගන්නේ කෙසේද, සහ එයින් සාර්ථකව ප්‍රතිඵලයක් ලබන්නේ කෙසේද යන්න පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.


Highlights

  • Rapid antigen පරීක්ෂණය, PCR පරීක්ෂණයට වඩා තරමක් වෙනස්ය.
  • Rapid antigen පරීක්ෂණ ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට ඕනෑම තැනකදී සිදු කළ හැක.
  • එහි ප්‍රතිඵල මිනිත්තු 15 කින් ඔබට ලබාගත හැකිය.

Rapid antigen පරීක්ෂණයක් යනු කුමක්ද?

කොවිඩ් වයිරසය ඇති සාම්පලයක එම වයිරසය ඇතිවීමට හේතුවන SARS-CoV-2 හි ප්‍රෝටීන Rapid antigen පරීක්ෂණයකින් හඳුනාගනී.

නාසයේ ශ්ලේෂ්මලය (දියර) හෝ මුඛයේ ඛේටය භාවිතයෙන් ඔබට නිවසේදීම එම සාම්පල එකතු කළ හැකිය.

නමුත් PCR පරීක්ෂණය මෙයට වඩා තරමක් වෙනස්ය.

එහිදී වෛරසයෙන් ජානමය ද්‍රව්‍ය හඳුනා ගනී.

PCR සාම්පල පුහුණු සෞඛ්‍ය සේවකයින් විසින් එකතු කරනු ලබන අතර, පුහුණු වෛද්‍ය රසායන ශිල්පීන් විසින් රසායනාගාරයේදී පරීක්ෂා කරනු ලබයි.
Rapid antigen පරීක්ෂණ ඕනෑම සාමාන්‍ය පුද්ගලයෙකුට ඕනෑම තැනකදී සිදු කළ හැක. එහි ප්‍රතිඵල මිනිත්තු 15 කින් ඔබට ලබාගත හැකිය.

කෙසේ වෙතත් Rapid antigen පරීක්ෂණ PCR පරීක්ෂණ තරම් විශ්වාසදායක නොවේ.

ඔබට false negatives හෙවත් ව්‍යාජ ඍණාත්මක හෝ false positives හෙවත් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලැබීමට වැඩි ඉඩක් ඇත.

කෙසේ වෙතත්, ඔබට රෝග ලක්ෂණ ඇති විට හෝ කොවිඩ් ආසදිතයෙකුට නිරාවරණයෙන් දින හතක් ඇතුළත ඔබ Rapid antigen පරීක්ෂණයක් කරන්නේ නම් එහි නිරවද්‍යතාවය වැඩි වේ.
 Both the C and T lines need to show up for a positive COVID result.
Both the C and T lines need to show up for a positive COVID result. Source: AAP

Rapid antigen පරීක්ෂණයක් භාවිතා කරන්නේ ඇයි?

ඔබට කොවිඩ් වයිරසය ඇතිදැයි ඉක්මණින් පරීක්ෂා කරගැනීමට Rapid antigen පරීක්ෂණය උපකාරී වේ.

උදාහරණයක් ලෙස අවදානමට ලක්විය හැකි වියපත් ඥාතීන් රැසක් සහභාගී වන ඔවුන් ආරක්ෂිතව තබා ගැනීමට අවශ්‍ය පවුලේ හමුවකදී ඔබට මෙය භාවිතා කළ හැකිය.

ඔබට COVID-19 රෝග ලක්ෂණ ඇත්නම් සහ වහාම PCR පරීක්ෂණයක් කරගත නොහැකි නම් ඔබට Rapid antigen පරීක්ෂණයක් ද භාවිතා කළ හැක.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කුමන පරීක්ෂණය භාවිතා කළ යුතුද?

ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන Rapid antigen පරීක්ෂණ කට්ටල සඳහා TGA  හෙවත් ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියෙන් අනුමැතිය ගත යුතුය.

නිවසේදී භාවිතා කිරීමට අනුමත කළ Rapid antigen පරීක්ෂණ කට්ටල ඔස්ට්‍රේලියානු ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරියේ නිල වෙබ් අඩවියේ දක්වා තිබේ.

ඒවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ.

01. nasal secretions හෙවත් නාසික ස්‍රාවයන් ලබාගෙන පරීක්ෂා කරන කට්ටල

02. saliva හෙවත් ඛේටය ලබාගෙන පරීක්ෂා කරන කට්ටල
TGA විසින් අනුමත කරන ලද සෑම Rapid antigen පරීක්ෂණයක්ම "පිළිගත හැකි සංවේදීතාව", "ඉහළ සංවේදීතාව" හෝ "ඉතා ඉහළ සංවේදීතාව" ලෙස කොටස් 3 කින් විස්තර කරයි.

“ඉතා ඉහළ සංවේදීතාවයක්” ඇති බවට විස්තර කර ඇති Rapid antigen පරීක්ෂණ කට්ටල හරහා සැබෑ SARS-CoV-2 වයිරස ආසාදනයක් හඳුනා ගැනීමට වැඩි ඉඩක් ඇති අතර ඒවා nasal swabs භාවිතා කරයි.

Rapid antigen පරීක්ෂණය කරන්නේ කෙසේද?

Rapid antigen පරීක්ෂණ කට්ටල එම පරීක්ෂණය සිදුකරන්නේ කෙසේදැයි යන්න පැහැදිලි කරන උපදෙස් සමඟ පැමිණේ.

නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ඔබ එම උපදෙස් අනුගමනය කළ යුතුය.

අදාළ පරීක්ෂණ වර්ගය මත පදනම්ව, ඔබ රසායනික ද්‍රාවණයක් වෙතට යොමු කරන නාසයේ ස්‍රාවයන් හෝ ඛේටයේ නියැදියක් එකතු කරගත යුතුය.

ඉන්පසුව ඔබ ඔබේ නියැදිය අඩංගු එම රසායනික ද්‍රාවණය Rapid antigen පරීක්ෂණ කට්ටලයේ indicator device හෙවත් දර්ශක උපාංගය මත තබන්න.

මෙය බොහෝ දුරට ගර්භනීභාවය පරීක්ෂා කරන පරීක්ෂණයකට බොහෝ දුරට සමානය.

එහිදී ධනාත්මක ප්‍රතිඵලයක් ඇත්නම් හඳුනාගත හැකි වර්ණ වෙනසක් හරහා එය පෙන්වයි.

වර්ණවලින් ලබාදෙන ප්‍රතිඵල වර්ග

මෙහිදී පරීක්ෂා කර බැලීමට වර්ණ රේඛා දෙකක් තිබේ.

එකක් C (control). ඔබේ පරීක්ෂණය නිවැරදිව ක්‍රියාත්මක වේද යන්න මෙය ඔබට පවසයි.

අනෙක T (test) හෝ Ag (antigen) වේ.

ප්‍රතිඵලය ලබාදෙන්නේ පහත දැක්වෙන අයුරින් ඒවායේ සංයෝජනය හරහාය.

  • C වර්ණ රේඛාව පෙන්වීමට අපොහොසත් වුවහොත්, පරීක්ෂණය වලංගු නොවේ. පරීක්ෂණ කට්ටලය කල් ඉකුත් වී තිබිය හැකිය, නැතහොත් ඔබ පරීක්ෂණය නිවැරදිව සිදු කර නැත.
  • C වර්ණ රේඛාව පෙන්වන්නේ නම් සහ T (හෝ Ag) රේඛාව නොපෙන්වන්නේ නම්, ඔබේ ප්‍රතිඵලය සෘණාත්මක වේ (ඔබට COVID-19 තිබීමට ඉඩක් නැත).
  • C සහ T (හෝ Ag) රේඛා දෙකම පෙන්වන්නේ නම්, ඔබේ ප්‍රතිඵලය ධනාත්මක වේ (ඔබට COVID-19 තිබීමට ඉඩ ඇත).

Share

Published

Updated

By Thea van de Mortel, Madhura Seneviratne
Source: The Conversation

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service