

Published
Updated
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට 2021 නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබේ.
නමුත් ඔවුන් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා travel exemption හෙවත් විශේෂ අවසරයක් ලබාගැනීම පිණිස අයදුම් කළ යුතු බවත් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දුන් හෝ පිළිගත් හෝ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගෙන සිටිය යුතු බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ පහත සඳහන් දෙමාපිය ඛාණ්ඩ සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා ගැනීම පිණිස අයදුම් කළ හැකි බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පවසයි.

අයදුම්කරුගේ ජාතිකත්වය මත පදනම්ව, දෙමාපියන්ට පහත සඳහන් කෙටි කාලීන වීසා තුනෙන් එකක් සඳහා ඉල්ලුම් කළ හැකිය.
පහත දැක්වෙන යුරෝපීය රටවල පුරවැසියන්ට මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය.
ඔස්ට්‍රියාව, බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රොයේෂියාව, සයිප්‍රසය, චෙක් ජනරජය, ඩෙන්මාර්කය, එස්තෝනියාව, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, හංගේරියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, ලැට්වියාව, Liechtenstein, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මෝල්ටා, මොනාකෝ, නෙදර්ලන්තය, නොර්වේ, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, සැන් මරිනෝ ජනරජය, ස්ලෝවැක් ජනරජය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය සහ වතිකානුව.
බෲනායි, කැනඩාව, හොංකොං, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල පුරවැසියන්ට මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය.
ඉහත සඳහන් කළ රටවල් ඇතුළුව ඕනෑම රටක පුරවැසියෙකුට මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකිය.

ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන්ට නොවැම්බර් 01 සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා ගැනීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ Travel Exemption Portal එක හරහා හැකිය.
වෙනත් පුද්ගලයෙකු වෙනුවෙන් වුවද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට මෙම Travel exemption සඳහා අයදුම් කළ හැකිය.
අයදුම් කරන පුද්ගලයා ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ online ගිණුමක් සාදා එයට log වී මේ සඳහා අයදුම් කළ යුතුය.
එහිදී තරමක් සරල පෝරමයක් පිරවිය යුතු අතර පහත සඳහන් අවශ්‍ය ලේඛනවල ස්කෑන් කරන ලද වර්ණ පිටපත් ඇමිණිය යුතුවේ.
ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇති කොවිඩ් එන්නත් වර්ග 4 කි.
ඒවා පහත පරිදි වේ.
01. Pfizer
02. AstraZeneca
03. Moderna
04. Johnson and Johnson
ඊට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී සංචාරකයින් විසින් ලබා ඇති තවත් කොවිඩ් එන්නත් වර්ග 4 ක් මේ වන විට ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් පිළිගෙන තිබේ.
ඒවා පහත පරිදි වේ.
01. ඉන්දියාවේ නිෂ්පාදිත Covishield
02. ඉන්දියාවේ නිෂ්පාදිත Covaxin
03. චීනයේ නිෂ්පාදිත Sinovac
04. චීනයේ නිෂ්පාදිත Sinopharm
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ සිටින ඔබ විසින් ඔබගේ දෙමාපියන්ගේ upload කරන ලේඛන ඉංග්‍රීසියෙන් නිකුත් කර නොමැති ඒවානම් ඔස්ට්‍රේලියාවේ NAATI ප්‍රත්‍යනය ලත් පරිවර්තකයෙකු ලවා ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර භාවිතා කිරීම නිර්දේශ කරයි.
එසේ නැතිනම්, දෙමාපියන් සිටින රටේ වලංගු භාෂා පරිවර්තකයෙකු ලවා එම ලේඛන ඉංග්‍රීසියට පරිවර්තනය කර ඒවා නිවැරදි හා සත්‍ය බවට සනාථ කරගත යුතුය.