
This article is more than 4 years old
ජාත්‍යන්තර සංචාර සඳහා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා විවෘත කරයි, යා හැකි රටවල් මෙන්න (SBS සිංහල/ වාර්තා)
මාස 20 කට ආසන්න කාලයකින් පසුව ඔස්ට්‍රේලියාවේ දේශ සීමා අද (01/11) විවෘත කෙරුණි.
ඒ අනුව ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට මධ්‍යම රජයේ අවසරයකින් තොරව යළිත් ජාත්‍යන්තර සංචාරවල නිරත වීමට අවසර ලැබී තිබේ.
Highlights
- ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමූ දා සිට ජාත්‍යන්තර සංචාර සඳහා ලබා දී තිබූ ‘do not travel’ උපදෙස මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉවත් කර තිබේ.
- එම අනතුරු ඇඟවීම දැන් රටවල් 177ක් සඳහා ඒ ඒ රටට නිශ්චිත වූ සංචාරක උපදෙස් මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.
- මේ වන විට ශ්‍රී ලංකාව සඳහා "Reconsider your need to travel" යන උපදෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබා දී තිබේ.
එමෙන්ම විදෙස් රටවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා ඇත්නම් නිරෝධායනය රහිතව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලැබේ.
ඒ අනුව ජාත්‍යන්තර සංචාරවල යෙදීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙන්න දැනට ලබා දී ඇති උපදෙස් සහ නිරෝධායනයකින් තොරව ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට ඇතුළුවීමට ඉඩ දෙන රටවල් පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.

සංචාරය කළ හැකි රටවල්
කොවිඩ් වසංගතය නිසා 2020 මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමූ දා සිට ජාත්‍යන්තර සංචාර සඳහා ලබා දී තිබූ ‘do not travel’ උපදෙස මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉවත් කර තිබේ.
එම අනතුරු ඇඟවීම දැන් රටවල් 177ක් සඳහා ඒ ඒ රටට නිශ්චිත වූ සංචාරක උපදෙස් මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.
එම රටවලට සංචාරය කිරීමේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබා දී ඇති උපදෙස් මොනවාදැයි මධ්‍යම රජයේ Smartraveller වෙබ් අඩවියේ සඳහන් වෙයි.
එම උපදෙස් පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ 4 කට වෙන් කර ඇති අතර ඒ ඒ ඛාණ්ඩයට අදාළ සංචාරක උපදෙස් මොනවාදැයි දැනගැනීමට ඔබට එම උපදෙස් ඛාණ්ඩ මත click කර බලාගත හැකිය.
- Level 1: Exercise normal safety precautions
- Level 2: Exercise a high degree of caution
- Level 3: Reconsider your need to travel
- Level 4: Do not travel
මේ වන විට ශ්‍රී ලංකාව සඳහා "Reconsider your need to travel" යන උපදෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබා දී තිබේ.
ඔබ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින යම් රටක් වේ නම් ඒ රට පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංචාරක උපදෙස් කුමක්දැයි මෙතනින් සොයාගත හැකිය.

නිරෝධායනය වීමට අවශ්‍යද?
ඔස්ට්‍රේලියාවේ සිට වෙනත් රටකට ඇතුළුවීමේදී නිරෝධායනය වීම තීරණය කරනු ලබන්නේ අදාළ රට විසිනි.
එනිසා තමා සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින රටට ඇතුළුවීමේදී නිරෝධායනය විය යුතුද නැතිද යන්න පිළිබඳ සංචාරය කිරීමට පෙර සොයාබලන ලෙස මධ්‍යම රජය ඔස්ට්‍රේලියනුවන්ට දන්වයි.
එමෙන්ම ඒ ඒ රටවලට ඇතුළුවීමේදී කළ PCR පරීක්ෂණ කළ යුතු ප්‍රමාණය ඒවා කළ යුතු කාල රාමු යනාදිය පිළිබඳවද දැනුවත් වන ලෙස මධ්‍යම රජය ඔස්ට්‍රේලියනුවන්ට දන්වා සිටී.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නිරෝධායනය රහිතව ඔස්ට්‍රේලියානුවන්ට ඇතුළු විය හැකි රටවල්
කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට නිරෝධායනයකින් තොරව හෝ දැඩි ඇතුළුවීමේ නීති නොමැතිව තම රටට ඇතුළුවීමට ඇතැම් රටවල් මේ වන විට අවසර ලබාදී ඇත.
ඒ රටවල් අතරින් පහත රටවල් ප්‍රධාන වේ.
තායිලන්තය
නොවැම්බර් 01 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියනුවන් තායිලන්තයට ඇතුළුවීමේදී අනිවාර්යෙන් නිරෝධායනය වීමට අවශ්‍ය නොවේ.
ඒ වෙනුවට, ඔවුන් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සෘණාත්මක බවට සනාථ කළ යුතුය.
එමෙන්ම තායිලන්තයට පැමිණි විටද එලෙස කොවිඩ් පරීක්ෂණයක් සිදුකළ යුතුවේ.
එම පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙනතුරු අදාළ සංචාරකයින්ට අනුමත කළ නවාතැන්වල ස්වයං නිරෝධායනය විය යුතුය.
සිංගප්පූරුව
නොවැම්බර් 08 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියනුවන්ට සිංගප්පූරුවට ඇතුළුවීමට අවසර දෙන බව සිංගප්පූරුව පසුගිය සතියේදී නිවේදනය කළේය.
ඒ අනුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට නිරෝධායනය වීමකින් තොරව සිංගප්පූරුවට ඇතුළුවීමට ඉඩ ලැබේ.
එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට පැය 48 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සෘණාත්මක බවට සනාථ කළ යුතුය.
එමෙන්ම සිංගප්පූරුවට පැමිණි විටද එලෙස කොවිඩ් පරීක්ෂණයක් සිදුකළ යුතු අතර පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.
එක්සත් රාජධානිය
පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට gov.uk වෙබ් අඩවියේ දක්වා ඇති එක්සත් රාජධානියේ 'රතු' ලැයිස්තුවේ ඇති රටකින් එක්සත් රාජධානිය වෙත සංචාරය නොකරනතාක් නිරෝධායනය වීමක් නොමැතිව එක්සත් රාජධානියට සංචාරය කළ හැකිය.
ඒ වෙනුවට, අදාළ සංචාරකයින් එංගලන්තයට, ස්කොට්ලන්තයට, වේල්සයට හෝ උතුරු අයර්ලන්තයට පැමිණීමෙන් දෙවැනි දිනයේදී හෝ ඊට පෙර කොවිඩ් පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය වනු ඇත.
එක්සත් රාජධානියට පැමිණීමට දින 10කට හෝ ඊට අඩු කාලයකට පෙර 'රතු' ලැයිස්තුගත රටකට ගොස් හෝ transit එකක් ලබාගත් ඔස්ට්‍රේලියානු සංචාරකයින්ට එක්සත් රාජධානියට ඇතුළුවීම අවහිර කරනු ලැබේ.
ඔස්ට්‍රේලියාවේ මහජන සෞඛ්‍ය ආයතනයකින් Pfizer, Oxford/AstraZeneca හෝ Moderna කොවිඩ් එන්නත්වල මාත්‍රා දෙකම ලබා ගත් සංචාරකයින් එක්සත් රාජධානිය පිළිගනී.
ඇමෙරිකා එක්සත් ජනපදය
නොවැම්බර් 8 සිට ඇමෙරිකාවට පැමිණෙන වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම සංචාරකයෙකු පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතු අතර තම රටින් පිටවීමට පැය 72 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සෘණාත්මක බවට සනාථ කළ යුතුය.
නිරෝධායන අවශ්‍යතා ඇමෙරිකාවේ ඒ ඒ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් තීරණය කරනු ලැබේ.
Fiji
sදෙසැම්බර් 1 වනදා සිට ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට Fiji වෙත යාමට හැකි නමුත් දින දෙකක් ස්වයං නිරෝධායනය වීමට අවශ්‍ය වනු ඇත.

කොවිඩ් එන්නත ලබාගත් බවට සාක්ෂි ලබා ගැනීම
ජාත්‍යන්තර සංචාරකයින්ට තමන් කොවිඩ් එන්නත ලබා ඇති බවට සාක්ෂි සැපයීම සඳහා ජාත්‍යන්තර කොවිඩ් එන්නත් සහතික ලොව පුරා භාවිතා වේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයද ඒ ආකාරයෙන් ජාත්‍යන්තර කොවිඩ් එන්නත් සහතිකයක් පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාදීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව විශේෂ අවසර ගැනීමකින් තොරව ජාත්‍යන්තර සංචාර සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටව යන ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචිලාභීන් තම ජාත්‍යන්තර කොවිඩ් එන්නත් සහතිකය අදාළ ගුවන් තොටුපොළ වෙත පෙන්විය යුතුය.
මෙම සහතිකය ලබාගන්නා අයුරු පිළිබඳ සම්පුර්ණ විස්තරය මෙතනින්.
