වික්ටෝරියානු ප්‍රාන්තයේ තෙවන කොරෝනා රැල්ල වළක්වා ගැනීම සඳහා බලධාරීන් උත්සහ ගන්නා අතරේ සිය ගණනක් පුද්ගලයින් නිරෝධායනය කරයි (SBS සිංහල/ වාර්තා)

Flinders Street Station in Melbourne, 31 December, 2020.

Flinders Street Station in Melbourne, 31 December, 2020. Source: AAP

අද (01/01) දිනය තුළ තාක් දුරට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැත.

නමුත් ඊයේ (31/12) දිනයේදී නව ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමග මේ වන විට වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව තුළින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඔවුන් ගේ ආශ්‍රිතයින් 170 ක් මේ වන විට නිරෝධායනය සඳහා යොමු කර තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


පසුගිය දින දෙක තුළ හඳුනාගත් ආසාදිතයින් අටෙන් එක් අයෙකු වික්ටෝරියානු ප්‍රාන්තයේ නැගෙනහිර කලාපයේ බවත් ඒ හරහා මෙල්බර්න් වලින් පිටතට වයිරසය සම්ප්‍රේෂණය විය හැකි බවත් වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු අනතුරු ඇඟවීම් සිදු කර තිබේ.

කෙසේනමුත් වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දැනට වාර්තා වන ආසාදිතයින් 8 දෙනාම එකට සම්බන්ධ බවත් ඉන් තිදෙනෙකු Black Rock හි Buffalo Smile Thai අවන්හලෙන් ආහාරගෙන ඇති බවත් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලියේ කළමනාකරු Jeroen Weimar පැවසීය.

"Buffalo Smile Thai අවන්හලේ එකිනෙකා සමඟ යාබදව සිටි නමුත් එකිනෙකා නොදන්නා පුද්ගලයින් දෙදෙනෙකු අපට දැන් හමුවී තිබෙනවා." යනුවෙන්ද ඔහු පැවසුවේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට යළි පැමිණි සංචාරකයෙකු ද එම අවන්හලේ සිට ඇති බව සඳහන්.

ආසාදිතයින් මෙල්බර්න් කලාපයේ පැතිරුණු අයුරු

මෙල්බර්න් කොරෝනා ආසාදිතයින්ට වයිරසය ආසාදනය වීම සඳහා අදාළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංචාරකයා ගේ සම්බන්ධයක් පිළිබඳ කිසිදු ගැලපීමක් හමු නොවූ බව ද වාර්තා වේ.

අදාළ ආසාදිතයින් 8 දෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 170 දෙනා මේ වන විට නිරෝධායනය කර ඇති බවත් ඔවුන්ට සම්බන්ධ තවත් සිය ගණනක් පුද්ගලයින් හට කොරෝනා පරීක්ෂාව සිදුකරගෙන දින 14 ක් ස්වයං නිරෝධායනය වන ලෙසත් දන්වා තිබේ.

අදාළ ආසාදිතයින් 8 දෙනාගෙන් එක් අයෙකු පසුගියදා වික්ටෝරියානු ප්‍රාන්තයේ නැගෙනහිර පිහිටි Leongatha හි නිවාඩු නිකේතනයකට ගොස් ඇති අතර එනිසා ආශ්‍රිතයින් සිටිනා භූමි පරාසය පුළුල් ලෙස විහිදුණු බව වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමේ ක්‍රියාවලියේ කළමනාකරු Jeroen Weimar පැවසීය.

"මෙය Bayside හෝ Mitcham හෝ මෙල්බර්න් නගරයේ ගැටළුවක් බව සිතන්නට එපා, මෙය වික්ටෝරියාවේ ගැටළුවක්" යනුවෙන්ද ඔහු සඳහන් කළේය.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


මෙම සිදුවීමත් සමග අදාළ ප්‍රදේශ ඉලක්ක කරමින් කොරෝනා පරීක්ෂණ පවත්වන නව ස්ථාන විවෘත කිරීමටද වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව East Ringwood සහ Hallam Secondary College හිදී නව කොරෝනා පරීක්ෂණ ස්ථාන පිහිටුවා ඇත.

ආසාදිතයින් ආ ගිය ස්ථාන වලින් ප්‍රධාන ස්ථාන පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් මේ වන විට දැඩි සැලකිල්ලක් දක්වමින් සිටින අතර ඒවා පහත පරිදි වේ.

  • Royal Brighton Yacht Club
  • Doveton හි Holy Family Parish කතෝලික දේවස්ථානය
  • Mordialloc හි Woodlands Golf Club හි clubhouse bar
  • Glen Waverley හි Century City Village Cinema

Share

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now