Highlights
- නව IELTS Online ක්‍රමවේදය
- IELTS පරීක්ෂණය යනු
නව IELTS Online ක්‍රමවේදය
2022 වසරේ මුල් භාගයේදී International English Language Testing System නොහොත් IELTS ඉංග්‍රීසි පරීක්ෂණය සඳහා සහභාගී වන්නන් හට එය නිවසේ සිටම Online තාක්ෂණය ඔස්සේ ලබාගැනීමට අවස්ථාව උදා වන බව IELTS වෙබ් අඩවිය සඳහන් කරයි.
IELTS Online ලෙස හැඳින්වෙන මෙය, මෙම වසරේ මුල් භාගයේ සිට සිදු කිරීමට අපේක්ෂකයින්ට අවස්ථාව උදා වන අතර මෙම පරීක්ෂණය online තාක්ෂනය ඔස්සේ ආරක්ෂිතව සිදු කෙරේ.
මෙම නව IELTS Online ක්‍රමය සාමාන්‍යයෙන් සිදු කරන IELTS Academic පරීක්ෂණයම වන අතර මෙය අන්තර්ජාලය හරහා සිදු කිරීම පමණක් විශේෂත්වයකි. එමෙන්ම මෙම IELTS Online ක්‍රමය ඔස්සේත් සාමාන්‍යයෙන් සිදු කෙරෙන Listening, Reading, Writing සහ Speaking යන පරීක්ෂණ කොටස් ආවරණය වේ.

හඳුන්වා දීමට නියමිත නව ක්‍රමවේදයට අනුව මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් හට තම නිවසේ සිට හෝ වෙනත් සුදුසු ස්ථානයක සිට ඒ සඳහා සහභාගී විය හැක.
මෙහිදී IELTS Academic පරීක්ෂණය සිදු කෙරෙන ආකාරයෙන්ම පෑන සහ කඩදාසි භාවිත කිරීම වැනි සාමාන්‍ය ආකෘතියම පවතින අතර පුහුණු IELTS පරීක්ෂකයින් විසින් online තාක්ෂණය ඔස්සේ මුහුණට මුහුණ සිදු කරන කථන පරීක්ෂණය ඇතුලත් වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
IELTS Australia හි කළමනාකාර අධ්‍යක්ෂ Warwick Freeland සඳහන් කොට සිටින්නේ මේ ඔස්සේ අපේක්ෂකයින් හට වැඩි නම්‍යශීලී බවක් ලබාදෙන අතර ඉතා ඉක්මනින් පරීක්ෂණ ප්‍රතිඵලද ලබාගත හැකි බවයි.
IELTS මගින්, මෙම පරීක්ෂණය සඳහා මුහුණ දෙන අපේක්ෂකයින්ව එම පරීක්ෂණය සිදු වන අවස්ථාවේදීම පරීක්ෂකයකුට නිරීක්ෂණය කිරීමට හැකි වන පරිදි පහසුකම් සැපයීම සිදු කරයි. මේ සඳහා ඒකාබද්ධ වීඩියෝ ඇමතුම් කථන මෘදුකාංගයක් සහිත ආරක්ෂිත දුරස්ථ පරීක්ෂණ වේදිකාවක් ඔවුන් සකසා තිබේ.
හඳුන්වාදීමට නියමිත මෙම නව IELTS Online ක්‍රමයේ ඉහල ප්‍රමිතිය තහවුරු කිරීමට, ඒ සඳහාම පුහුණු කරන ලද පරීක්ෂකයින් යෙදවීම සිදු කිරීමටද නියමිතව තිබේ.
IELTS පරීක්ෂණය යනු
IELTS නොහොත් International English Language Testing System යනු ජාත්‍යන්තරමය වශයෙන් ඉංග්‍රීසි භාෂා දැනුම මනින පරීක්ෂණයකි. මෙය රැකියා, අධ්‍යාපන සහ සංක්‍රමණ කටයුතු සඳහා පුද්ගල ඉංග්‍රීසි භාෂා දැනුම මනිනු ලබන ලොව ජනප්‍රියම ඉංග්‍රීසි භාෂා පරීක්ෂණය වන අතර මෙම පරීක්ෂණය මේ වනවිට ලොව පුරා ආයතන 11,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පිළිගැනීම සිදු කරයි.

මෙම පරීක්ෂණය ඔස්සේ ඒ සඳහා සහභාගී වන්නාගේ ඉංග්‍රීසි භාෂා ශ්‍රවණය කිරීම, කියවීම, ලිවීම සහ කථා කිරීම යන කුසලතා මට්ටම ඇගයීමට ලක් කරයි.
එමෙන්ම මෙම පරීක්ෂණය ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය සහ එක්සත් රාජධානිය හරහා සංක්‍රමණය වීම සඳහා පිළිගත් එකම ඉහළම මට්ටමේ භාෂා පරීක්ෂණ වශයෙන්ද සැලකේ.

