ක්‍රිකට් ක්‍රීඩක Phillip Hughesගේ මරණය පිළිබද වැඩිදුරටත් සොයා බැලීමට දින 5ක විශේෂ විමර්ශනයක් (SBS සිංහල / වාර්තා)

කිසිදු සදාචාර විරෝධී ක්‍රියා පටිපාටියක් ක්‍රීඩකයින් මෙම තරගයේදී අනුගමනය නොකළ බවත්, ක්‍රීඩාවේ මහත්මා ගති ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩකයින් තරගයේ නිරත වූ බවත් Brad Haddin මෙම විමර්ශනයට එක් වෙමින් සදහන් කළේය.

Australian cricketer Phil Hughes

A five-day inquest into the tragic death of cricketer Phillip Hughes is set to start in Sydney. (AAP) Source: AAP

ක්‍රිකට් ක්‍රීඩක Phillip  Hughes ගේ මරණය පිළිබද වැඩිදුර විස්තර සොයා බැලීමට දින 5ක විශේෂ විමර්ශනයක්  ඊයේ (ඔක්තෝබර් 10දා ) සිඩ්නි නුවරදී ආරම්භ වූ අතර, මෙහිදී ක්‍රිකට් ක්‍රීඩකයින් සහ අදාල තරගයට සහභාගී වූ විවිධ පාර්ශව මෙම විශේෂ මරණ විමර්ෂණ සභාව හමුවේ පෙනී සිටීමට  නියමිතයි.

2014 වසරේ SCG ක්‍රීඩාංගනයේ  පැවති Sheffield Shield තරගයක් අතර තුර පන්දුවක් හිසේ වැදීම  හේතුවෙන්  Phillip  Hughes ජිවිතක්ෂයට පත් වූ අතර, මෙම මරණය වලක්වා ගැනීමට ඉඩ තිබුණාදැයි  සොයා බැලීම මෙම විශේෂ විමර්ශනයේ අරමුණ වී තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි මරණ පරීක්ෂක Michael Barnes,Phillip  Hughes ගේ මරණයට හේතු සොයා බල විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහිදී මහජන ආරක්ෂාව සදහා නිර්දේශ කීපයක්ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් වන David Warner, Doug Bollinger සහ ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍යවරයා යන පාර්ශවයන්ද මෙම විමර්ශනය සදහා කැදවීමට නියමිත බව සදහන්.

මෙම විමර්ශනයේදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern සදහන් කලේ ගිලන් රථය අදාල සිද්ධිය සිදු වූ ස්ථානයට පැමිණීමට විනාඩි 30 කට අධික කාලයක් ගත වී ඇති බවයි. ගිලන් රථය මෙම සිද්ධිය වෙත යොමු කිරීමේදී, එම සිද්ධිය 1-C නම් කාණ්ඩය යටතේ ප්‍රමුඛතාවය ලබාදී තිබු බව වැඩි දුරටත් සදහන්. එය ගිලන් රථ  යොමු කිරීමේ තුන්වැනි ප්‍රමුඛතා  කාණ්ඩය බව වාර්තා වෙයි.

හිටපු ඕස්ට්‍රේලියානු උපනායක  සහ කඩුලු  රකින ක්‍රීඩක Brad  Haddin ද ඊයේ දිනයේ විමර්ශනය හමුවේ පෙනී සිටි අතර, New  South  wales කණ්ඩායම මෙහිදී අනුගමනය කල උපාය මාර්ග, ක්‍රීඩකයින්ගේ ආරක්ෂාවට තර්ජනයක් වුවාදැයි විමසා බැලීමට ඔහුගෙන් මෙහිදී ප්‍රශ්න කරනු ලැබූ බව සදහන්. මෙහිදී පන්දු යවන්නන් වෙත වැඩියෙන් කෙටි පන්දු යොමුකරන ලෙස කිසිදු අවස්ථාවක නායකයා ලෙස තමන් උපදෙස් ලබානොදුන් බව Brad  Haddin වැඩි දුරටත් ප්‍රකාශ කළේය. කිසිදු සදාචාර විරෝධී ක්‍රියා පටිපාටියක් ක්‍රීඩකයින් මෙහිදී අනුගමනය නොකළ බවත්, ක්‍රීඩාවේ මහත්මා  ගති ආරක්ෂා කර ගනිමින් ක්‍රීඩකයින් තරගයේ නිරත වූ බවත් Brad  Haddin මෙහිදී වැඩි දුරටත් සදහන් කළේය. මෙවැනි අවස්ථාවක ප්‍රතිකාර කිරීම සදහා ක්‍රියාත්මක ක්‍රමවේදය පිලිබදව Haddin ගේ අදහස් විමසු අවස්ථාවේදී ඔහු සදහන් කලේ, පවතින ක්‍රමවේදය පිලිබදව ඔහු සෑහීමට  පවතින බවයි.

මෙම තරගය අතර තුරදී New  South Wales  පන්දු යවන ක්‍රීඩක Doug Bollinger, "මම ඔබව මරා දමනවා" ("I am going to kill you") යනුවෙන් සදහන් කල බවට තොරතුරු වාර්තා වන බවත් Phillip  Hughes ගේ පවුලේ සාමාජිකයින් ඒ පිලිබදව සිත් තැවුලෙන් සිටින බවත් Phillip  Hughes ගේ පවුලේ නීතිඥ Greg Melick මෙහිදී සදහන් කළේය. තමන් එවැනි කිසිදු තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු නොකළ බව විමර්ශනය හමුවේ පෙනී සිටිමින් Doug Bollinger ප්‍රකාශ කළේය. තවද තරග අතරතුරදී Bollinger විසින් Phillip  Hughes වෙත bouncer පන්දු දෙකක් යොමුකිරිම පිලිබදවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern, ඔහුගෙන් විමසා සිටි අතර, Bollinger සදහන් කලේ කිසිදු ආකාරයකින් Phillip  Hughes විශේෂ ඉලක්කයක් බව සලකමින් ඔහු වෙත කෙටි  පන්දු යොමු නොකළ බවයි. තවද තරග විනිසුරු විශ්ලේෂණයට අනුව මෙම තරගයේ අදාල සිද්ධිය සිදු වූ දිනයේ bouncer  පන්දු 23ක් යොමු කර ඇති බවත්, ඉන් 20ක් Phillip  Hughes වෙත යොමු කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern මෙහිදී සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ Doug Bollinger සදහන් කලේ, තමන්ගේ පන්දු යැවීමේ දර්ශන තමන් පසුව නැරඹු බවත්, තමන් එහිදී ක්‍රිකට් නීති රීති වලට අනුව පන්දු යවා  ඇති බවත්ය.

Phillip  Hughes පැළද සිටි හිස් ආවරණයේ බෙල්ල ප්‍රදේශය ආවරණය වන stem guard නම් අමතර ආරක්‍ෂිත ආවරණය  තිබුණා  නම් මෙම මරණය වලක්වා ගත හැකිව තිබු බවට ක්‍රීඩකයින් කීප දෙනෙක් ප්‍රකාශ කර ඇති බව මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ Kristina Stern කළේය. තවද අදාල හිස් ආවරණය ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන් අනුව නිෂ්පාදනය කර ඇති නමුත්, 2013  බ්‍රිතාන්‍ය ප්‍රමිතීන්ට එය අනුකුල නොවන බවද ඇය  මෙහිදී පෙන්වා දුන්නේය.


දින පහක් පුරා  පැවැත්වෙන මෙම විමර්ශනයේදී, Phillip  Hughes පවුලේ සාමාජිකයින්ගේ පුද්ගලිකත්වයට ගරු කරමින් වාර්තා කරණයේ යෙදෙන ලෙසද Phillip  Hughes හිටපු කළමනාකරු James Henderson මෙහිදී මාධ්‍ය වෙත ඉල්ලීමක්ද කළේය.














Share

Published

Updated

By Sanjaya Dissanayake

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service