ශ්‍රී ලංකාව පුරා ඊයේ (09/05) දිනයේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සහ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් ඇති අතර මුළු රටටම බලපාන පරිදි ඇඳිරි නීතිය හෙට (11/05) උදෑසන 07 දක්වා පනවා තිබේ.
එමෙන්ම සමාජය සාමකාමී කිරීම සඳහා යුධ හමුදා සහ පොලිස් භට පිරිස් දහස් ගණනින් අනියුක්ත කර ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
අගමැතිවරයාගේ අස්වීමෙන් මහජන කෝපය දුරු නොවෙයි
ඊයේ ඇතිවූ පහර දීම්වලින් මේ වන විට පස් දෙනෙකු මියගොස් ඇති අතර 200 ක් පමණ බරපතල තුවාල ලබා ඇත.
මේ සිදුවීම් සමග ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා ඊයේ පස්වරුවේ ඉල්ලා අස් වූ නමුත් එය මහජන කෝපය සමනය කිරීමට එතරම් දෙයක් කළේ නැත.
පවතින පොදුජන පෙරමුණු ආණ්ඩු විරෝධී දහස් ගණන් විරෝධතාකරුවන් ඊයේ රාත්‍රියේ කොළඹ පිහිටි අගමැති නිල නිවසට කඩා වැදීමෙන් පසු අඟහරුවාදා පෙරවරුවේ 10.00 සිට හමුදාව විසින් කරන ලද මෙහෙයුමකදී ඔහුව බේරා ගැනීමට සිදුවිය.
එම මෙහෙයුමෙන් පසුව හිටපු අගමැති සහ ඔහුගේ පවුලේ අය හමුදාව විසින් ආරක්ෂිත ස්ථාන කරා ගෙන ගිය බව එතන සිටි ඉහළ ආරක්ෂක නිලධාරියෙක් AFP පුවත් ඒජන්සියට පැවසීය.
අඩුම තරමින් පෙට්‍රල් බෝම්බ 10ක් හෝ පරිශ්‍රයට විසි කළ බව ඔහු පැවසීය.

සාමකාමී අරගලකරුවන්ට මැර ප්‍රහාරයක්
1948 නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවේ ඇතිවූ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් මේ වන විට ශ්‍රී ලංකාව වෙළාගෙන තිබේ.
මාස ගණනාවක් තිස්සේ පැවති විදුලිය විසන්ධි කිරීම් සහ ගෑස්, ඉන්ධන හිඟයන් නිසා රාජපක්ෂ පවුලේ බලය දෙදරුම් කෑවේය.
කෙසේවෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තවදුරටත් ජනාධිපතිධුරයේ රැඳී සිටියි.
සති කිහිපයක අතිමහත් සාමකාමී ආන්ඩු විරෝධී පෙළපාලි සහ විරෝධතාවලින් පසු ඊයේ දිනයේදී (09/05) ප්‍රචණ්ඩත්වය ඇති වූයේ කොළඹින් බැහැර සිට අගනුවරට පැමිණි මහින්ද රාජපක්ෂගේ ආධාරකරුවන් සාමකාමී විරෝධතාකරුවන්ට පොලු සහ ගල් මුගුරුවලින් පහර දීමත් සමඟය.
“අපිට ගැහුවා, මාධ්‍යවේදීන්ට ගැහුවා, කාන්තාවන්ට සහ ළමයින්ට ගැහුවා,” එක් සාක්ෂිකරුවෙක් AFP වෙත පැවසුවේ නම් සඳහන් නොකරන ලෙස ඉල්ලා සිටිමිනි.

අදාළ ජනකාය විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර කොළඹට වහාම ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලදී.
පසුව බදාදා (11/05) උදෑසන 7 දක්වා ශ්‍රී ලංකාවටම ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.
මේ අතර ශ්‍රී ලංකාවේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඇමෙරිකාව හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි Julie Chung ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.
ප්‍රචණ්ඩත්වය අවුළුවන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීම සහ නඩු පැවරීම ඇතුළුව මේ සම්බන්ධ පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියාය.
දේශපාලනඥයෙකු වෙඩි පහරකින් මරුට
කොළඹින් පිටතදී ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයින් පිරිසක් විසින් වටකරනු ලැබීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකු වූ අමරකීර්ති අතුකෝරල පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ බව පොලිසිය පැවසීය.
එහිදී 27 හැවිරිදි තරුණයෙකු මරණයට පත්විය.
"ඉන්පසු ඔහු තම පිස්තෝලයෙන්ම සිය දිවි නසා ගත්තේය," පොලිස් නිලධාරියෙක් AFP වෙත දුරකථනයෙන් පැවසීය.
එහිදී අතුකෝරලගේ ආරක්ෂකයාද එම ස්ථානයේම මියගොස් සිටි බව පොලිසිය පැවසීය.
නම සඳහන් නොකළ තවත් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෙකු විරෝධතාකරුවන්ට වෙඩි තැබූ අතර, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේදී දෙදෙනෙකු මිය ගොස් පස් දෙනෙකුට තුවාල සිදු වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.
කෝපයට පත් ජනයා රාජපක්ෂ හිතවාදී දේශපාලඥයින් විශාල පිරිසකගේ නිවෙස්වලට වාහනවලට ගිනි තැබූ අතර කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල රජයට හිතවත් පිරිස් භාවිතා කළ බස් රථ සහ ට්‍රක් රථවලටද පහර එල්ල කළේය.

මේ අතර ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල රාජපක්ෂලාගේ නිවෙස් කිහිපයකට ගිනි තැබූ අතර, ඔවුන්ගේ දෙමාපියන්ගේ සොහොන් කොත් පවා බිඳ හෙළීමට කෝපයට පත් ජනතාව කටයුතු කළහ.
කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරු තුවාල ලැබූ ආන්ඩුවේ ආධාරකරුවන්ට ප්‍රතිකාර කිරීමට මැදිහත් වූ අතර, හමුදාව විසින් විවෘත කරන ලද අගුලු දැමූ ගේට්ටු කඩා තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යාමට කටයුතු කළහ.
"ඔවුන් මිනීමරුවන් විය හැකි නමුත් අප ඔවුන්ට මුලින්ම ප්‍රතිකාර කළ යුතුයි." යනුවෙන් වෛද්‍යවරයෙක් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළුවීම අවහිර කරමින් සිටි පිරිසකට කෑ ගැසීය.

