ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයක් කරා ගමන් කරයිද? 2023 දී ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට සිදුවිය හැකි දේ මෙන්න

ඔස්ට්‍රේලියාව මුහුණ දුන් අවසාන නිල ආර්ථික අවපාතය 1991-1992 දී සිදු විය. එබැවින් ඇතැම් තරුණ ඔස්ට්‍රේලියානුවාසීන් කිසි දිනක ආර්ථික අවපාතයක් අත්විඳ නොමැත.

A man walking past a screen with rows of green and red numbers.

Economists define a recession as two consecutive quarters of negative growth. Source: AAP / Mark Baker/AP

ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයක් කරා ගමන් කරන සිටින අතර ආර්ථික විද්‍යාඥයින්ට අනුව ඉදිරි වසර තුළදී එය අත්විඳීමේ සම්භාවිතාව 50% ක් පමණ වේ.

ඔස්ට්‍රේලියාව සැබවින්ම ආර්ථික අවපාතයකට මුහුණ දෙයිද? එසේ වුවහොත් කුමක් සිදුවේද? යන්න පිළිබඳ මෙම ලිපියෙන් විමසා බලමු.

2023 දී ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දෙයිද?

AMP විසින් ප්‍රකාශයට පත් කර ඇති 50% පුරෝකථනය මත පදනම්ව ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ නොදීමට වඩා මුහුණ දීමේ සම්භාවිතාව වැඩි බව AMP Australia හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Diana Mousina විශ්වාස කරයි.

"එය නිකුත් වන ආර්ථික දත්ත සහ ඉදිරි මාසවලදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් කුමක් කිරීමට තීරණය කරයිද යන්න මත රඳා පවතින නමුත් පැහැදිලිවම ඔස්ට්‍රේලියාවේ ආර්ථික අවපාතයක් දෙසට ළඟා වෙමින් සිටිනවා" යනුවෙන් ඇය SBS පුවත් වෙත පැවසුවාය.

"අපගේ වත්මන් ආර්ථික වර්ධන අනාවැකි ඉදිරි මාස 12 සඳහා බෙහෙවින් දුර්වලයි." ලෙසද ආර්ථික විද්‍යාඥ Diana Mousina ප්‍රකාශ කළාය.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මේ අතර ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය දැන් 1990-91 ආර්ථික අවපාතයෙන් පසු එහි ආර්ථිකයේ අයහපත්ම වසර කිහිපයට මුහුණ දෙමින් සිටින බව NAB ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Alan Oster තර්ක කරයි.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකින් වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

"ඔස්ට්‍රේලියාවේ අනාගතය ගැන මම ඉතා ධනාත්මකයි," ඔහු පැවසීය.

එමෙන්ම භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers හෝ ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට මුහුණ දෙනු ඇතැයි මේ දක්වා පුරෝකතනය කර නොමැත.
InterestRates.png
The Reserve Bank of Australia has gradually hiked interest rates up to 4.1 per cent. Source: SBS

ආර්ථික අවපාතයකදී සිදු වන්නේ කුමක්ද?

ඔස්ට්‍රේලියාව මුහුණ දුන් අවසාන නිල ආර්ථික අවපාතය 1991-1992 දී සිදු විය.

එබැවින් ඇතැම් තරුණ ඔස්ට්‍රේලියානුවාසීන් කිසි දිනක ආර්ථික අවපාතයක් අත්විඳ නොමැත.

ආර්ථික අවපාතයේ බලපෑම් ක්‍රමයෙන් ජන ජීවිතයට දැනෙන බවත් ආර්ථික හැකිලීමේ දිග හා බරපතලකම මත එය රඳා පවතින බවත් AMP Australia හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Diana Mousina පැවසුවාය.

"ඔබ එක් දිනක අවදි වී 'අනේ, අපි දැන් ආර්ථික අවපාතයක ඉන්නවා, හැමදේම බරපතලයි,' වගේ දෙයක් සිදු වෙන්න යන්නේ නැහැ. එය ඊට වඩා බොහෝ මන්දාගමීයි," ආර්ථික විද්‍යාඥ Diana Mousina පැවසුවාය.
ආර්ථික අවපාතයකදී ආර්ථිකයේ ක්‍රියාකාරකම් මන්දගාමී වනු ඇත, ව්‍යාපාර ලාභ පහළ බසිනු ඇත, විරැකියා අනුපාතය ඉහළ යනු ඇත.

ඔස්ට්‍රේලියාව ආර්ථික අවපාතයකට ගමන් කරන්නේ නම්, එය පෙර පැවති ඒවාට වඩා බෙහෙවින් වෙනස් වනු ඇති බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය Isaac Gross පැවසීය

විරැකියාව ඉක්මනින් 5% කට වඩා වැඩි වනු ඇතැයි පුරෝකථනය කර නොමැති බව ඊට හේතුව බව ආචාර්ය Gross පෙන්වා දුන්නේය.

1990 ආර්ථික අවපාතය තුළ එය 10% කට වඩා වැඩි විය.

විරැකියා අනුපාතය අඩු මට්ටමක පවතී නම්, එය ආර්ට්ය්හික අවපාතයේ නරකම පැතිවලින් බොහෝ පවුල් ආරක්ෂා කරනු ඇත," යනුවෙන්ද ඔහු ආචාර්ය Isaac Gross පැවසීය.
CENTRELINK QUEUES MELBOURNE
Centrelink offices around Australia were inundated with people attempting to register for the Jobseeker allowance in the wake of business closures due to the COVID-19 pandemic in 2020. Source: AAP / STEFAN POSTLES/AAPIMAGE

ආර්ථික අවපාතයක් තුළ මිනිසුන්ට රැකියා අහිමි වේවිද?

විවිධ කර්මාන්ත අනුව එය වෙනස් වනු ඇත.

පොලිස් සේවය, aged care සහ සෞඛ්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය සේවාවන් ආර්ථික අවපාතයට ඔරොත්තු දෙන ක්ෂේත්‍ර ලෙස සලකන බව ආර්ථික විද්‍යාඥ Diana Mousina පැවසුවාය.

"නමුත් ඔබ කාර්මික නිෂ්පාදනය, නිෂ්පාදනය, පාරිභෝගික භාණ්ඩ සම්බන්ධ අංශය වැනි චක්‍රීය අංශයක සිටී නම්, ඒවාට වැඩි බලපෑම් සිදුවනවා ඔබට පෙනෙනු ඇත," ලෙසද ඇය පැවසුවාය.
මිනිසුන් වියදම් නොකරන සහ අඩුවෙන් වියදම් කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදන කර්මාන්තවලට ආර්ථික අවපාතයකදී දැඩි ලෙස බලපෑම් ඇති කරන බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය ආචාර්ය Isaac Gross පැවසීය.

"උදාහරණ ලෙස සජීවී කලා කටයුතු සහ විනෝදාස්වාදය මෙන්ම අවන්හල් කර්මාන්තය වැනි දේවල්. අපි දැනටමත් දැකලා තියෙනවා මිනිස්සු ඒ දේවල්වලට වියදම් කපා හරිනවා." ඔහු පැහැදිලි කළේය.

මිනිසුන්ට මිල දී ගැනීමට නොහැකි වුවහොත් නිවාස මිල ද පහත වැටෙනු ඇතැයි ඔහු පැවසීය.

ආර්ථික අවපාතයකින් මිදීමේ මාර්ගය කුමක්ද?

ආර්ථික අවපාතයක් මුලුමනින්ම වළක්වා ගැනීම සඳහා, පවතින එකම ප්‍රතිපත්තිවලින් එකක් වනුයේ මධ්‍යම බැංකුව පොලී අනුපාතික වැඩිවීම් නැවත්වීම බව ආචාර්ය Gross පැවසීය.

නමුත් අපි උපකල්පිතව ආර්ථික අවපාතයකට ඇතුල් වුවහොත්, අයහපත් දේ සිදුවූයේ කෙසේද යන්න මත අදාළ මාර්ගය තීරණය වනු ඇත.

මධ්‍යම රජය සහ මධ්‍යම බැංකුවේ විකල්පයන්ට පොලී අනුපාත අඩු කිරීම හෝ වසංගතය අතරතුර සිදු වූ පරිදි ප්‍රමාණාත්මක පොලී අනුපාත ලිහිල් කිරීම හෝ රජයේ දීමනා සහ මූල්‍ය ආධාර වැනි මුදල් ප්‍රතිපත්ති ඊට ඇතුළත් වනු ඇති බව ආර්ථික විද්‍යාඥ Diana Mousina ප්‍රකාශ කළාය.


Share

Published

By Madeleine Wedesweiler, Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service