කොවිඩ් අඩුවෙමින් යන අතරේ Japanese encephalitis වයිරසය ඔස්ට්‍රේලියාව පුරා පැතිරෙයි (SBS සිංහල/ වාර්තා)

මෙම වයිරසය ආසාදනය වූ මිනිසුන්ගෙන් 99% ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා නිරෝගීව සිටින බව සඳහන්.

Japanese encephalitis virus is spreading in Australia

Japanese encephalitis virus is spreading in Australia. Source: AAP

නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ත, දකුණු ඔස්ට්‍රේලියා සහ වික්ටෝරියා ප්‍රාන්තවල ඌරු පැටවුන් විශාල පිරිසකට මාරාන්තික විය හැකි Japanese encephalitis වයිරසය අනාවරණය වීමෙන් පසු සෞඛ්‍ය බලධාරීහු ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිති.

Japanese encephalitis (JEV) වයිරසය සාමාන්‍යයෙන් ඌරන්ට සහ කුරුල්ලන්ට ආසාදනය වන නමුත් මදුරුවන් දෂ්ට කිරීම හරහා මිනිසුන්ටද වැළඳිය හැකිය.


Highlights

  • Japanese encephalitis වයිරසය ඔස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන්නේ කලාතුරකින් බවත් එයත් සාමාන්‍යයෙන් දුර බැහැර උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රදේශවල පමණක් බවත් සඳහන්.
  • මෙම වයිරසය ආසාදනය වූ මිනිසුන්ගෙන් 99% ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා නිරෝගීව සිටින බව සඳහන්.
  • වයස අවුරුදු 60 පසුවූ වික්ටෝරියා ප්‍රාන්තයේ පිරිමි පුද්ගලයෙකු Japanese encephalitis වයිරසය වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ.

මෙය ආසාදනය වී තිබියදී මිනිසුන්ගෙන් අතිමහත් බහුතරයකට රෝග ලක්ෂණ නොපෙන්වන අතර දුර්ලභ අවස්ථාවන්හිදී මෙම වයිරසය මාරාන්තික මොළයේ මාරාන්තික ආසාදනයකට ද තුඩු දිය හැකිය.

Japanese encephalitis (JEV) වයිරසය පැපුවා නිව්ගිනියාව සහ Torres Strait දූපත්වල බහුලව දක්නට ලැබේ.

නමුත් එය ඔස්ට්‍රේලියාවේ දක්නට ලැබෙන්නේ කලාතුරකින් බවත් එයත් සාමාන්‍යයෙන් දුර බැහැර උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රදේශවල පමණක් බවත් සඳහන්.

ඔස්ට්‍රේලියාවේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය Sonya Bennett මෙම වයිරසය "ජාතික වැදගත්කමක් ඇති බෝවන රෝග සිදුවීමක්" ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

අද (08/03) පස්වරුව වන විට ඔස්ට්‍රේලියාවේ JEV වයිරසය ආසාදනය වූ පුද්ගලයින් 9 දෙනෙකු තහවුරු කර ඇත.

ඒ අතර NSW ප්‍රාන්තයේ පිරිමි පුද්ගලයකු  සහ දරුවෙකු වයිරසය ආසාදනය වීම නිසා රෝහල් ගත කර ඇති අතර විමර්ශනය කරමින් පවතින සිද්ධීන් ගණනාවක් ද ඇති බව වාර්තා වේ.
Pandemics
Source: AP

වික්ටෝරියානු වැසියෙකු වයිරසයෙන් මරුට

වයස අවුරුදු 60 පසුවූ වික්ටෝරියා ප්‍රාන්තයේ පිරිමි පුද්ගලයෙකු Japanese encephalitis වයිරසය වැළඳීම හේතුවෙන් මියගොස් තිබේ.

Japanese encephalitis වයිරසය හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වූ පළමු මරණය ලෙස එය හැඳින්වේ.

උතුරු වික්ටෝරියා ප්‍රදේශයේ විසූ මෙම පුද්ගලයා පෙබරවාරි 28 වැනිදා මියගිය බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔහුට මරණ පරීක්ෂණයක් සිදු කළ අතර එහිදී හෙළි වූයේ මරණයට හේතුව Japanese encephalitis වයිරසය වැළඳීම බවය.

ඔහුට වයිරසය ආසාදනය වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


Japanese encephalitis (JEV) වයිරසය කෙතරම් භයානකද?

Japanese encephalitis වයිරසය ඩෙංගු උණ වයිරසය සහ කහ උණ ​​වයිරසය ඇති එකම පවුලකින් පැමිණි “flavivirus” බව Griffith විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ විද්‍යාඥ වෛද්‍ය Ali Zaid පැවසීය.

මෙම වයිරසය ආසාදනය වූ මිනිසුන්ගෙන් 99% ක් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා නිරෝගීව සිටින බව වෛද්‍ය Ali ප්‍රකාශ කළේය.

නමුත් මිනිසුන්ගෙන් සියයට එකක පමණ මෙය encephalitis ඇතුළු රෝගයක් දක්වා වර්ධනය විය හැකි බවද ඔහු පැවසීය.
ආසන්න වශයෙන් රෝගාතුර වූ පුද්ගලයින්ගෙන් 20% ක් තුළ Japanese encephalitis වයිරසය මාරාන්තික විය හැකි බවත් වෛද්‍ය Ali සඳහන් කළේය.

Encephalitis යනු මොළයේ ඉදිමීම සඳහා වන වෛද්‍ය යෙදුම වේ.

මෙහි අනෙක් රෝග ලක්ෂණ අතරට හිසරදය, උණ, බෙල්ලේ තද ගතිය සහ ඇතැම් අවස්ථාවලදී අංශභාගය ද ඇතුළත් වේ.

මෙම වයිරසය මේ වන විට ක්වීන්ස්ලන්තය, වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ නිව් සවුත් වේල්ස් යන ප්‍රාන්තවල ඌරන් ඇති කරන ස්ථාන 42ක පමණ හඳුනාගෙන ඇත.

මෙය පැතිරෙන්නේ කෙසේද?

මිනිසුන්ට Japanese encephalitis වයිරසය වැළඳෙන්නේ මදුරුවන් දෂ්ඨ කිරීමෙනි.

වයිරසය මිනිසාගෙන් මිනිසාට පැතිරිය නොහැකි අතර ඌරු මස් නිෂ්පාදන අනුභව කිරීමෙන්ද වැළඳිය නොහැක.

ඌරන් සහ ජල කුරුල්ලන් මෙම වයිරසය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන වාහකයින් වේ.

ඔවුන් මදුරුවන්ට ආසාදනය කරන අතර එමඟින් වයිරසය මිනිසුන්ට පැතිරෙයි.
1990 ගණන්වල අගභාගයේදී මැලේසියාවේ Japanese encephalitis වයිරසය විශාල ලෙස පැතිරීමක් සිදුවූ අතර ඌරන් සිය දහස් ගණනක් මරාදැමීමට සිදු විය.

සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ Japanese encephalitis වයිරසය ආසාදනය වූ රෝගීන් උතුරු ක්වීන්ස්ලන්තයට පමණක් සීමා වී ඇත.

නමුත් දේශගුණික විපර්යාස නිසා ඇති වූ මෑත කාලීන අයහපත් කාලගුණය මෙම වයිරසය දකුණු කලාපයට පැතිරීමට හේතුවූ බව විශ්වාස කෙරේ.

පැපුවා නිව්ගිනියාවෙන් හෝ ඉන්දුනීසියාවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන භූමියට Japanese encephalitis වයිරසය පැමිණ ඇති බව ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ වෛරස් විද්‍යාඥ Roy Hall පැවසුවේය.
Japanese encephalitis is a mosquito-borne virus.
Japanese encephalitis is a mosquito-borne virus. Source: mikadago from Pixabay

මෙයින් ආරක්ෂා වන්නේ කෙසේද?

NSW සෞඛ්‍ය දෙපාර්තමේන්තුව Japanese encephalitis වයිරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කිරීම සඳහා මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීමේ වැදගත්කම අවධාරණය කරයි.

නිවසින් පිටත සිටින විට නිරාවරණය වූ සම ආවරණය කිරීම සහ නිරාවරණය වූ සමට mosquito repellent යෙදීම මෙයින් ආරක්ෂා වීමට ප්‍රධාන ක්‍රම ලෙස ඔවුහු පෙන්වා දෙති.

DEET හෝ Picaridin සමඟ mosquito repellents භාවිතා කිරීම, සවස් වන විට සහ අලුයම එළිමහනේ සිටීමෙන් වැළකීම සහ නිවස වටා එකතැන පල්වෙන ජලය ඉවත් කිරීම මෙම මදුරුවන් බෝවීම සීමා කිරීමට හොඳම ක්‍රම ලෙස වෛද්‍ය Ali Zaid පැවසීය.

Japanese encephalitis වයිරසයට ඔස්ට්‍රේලියාවේ එන්නත් දෙකක් තිබෙන නමුත් ඒවා සාමාන්‍යයෙන් ලබා දෙන්නේ සංචාරකයින්ට පමණක් බව Monash විශ්ව විද්‍යාලයේ බෝවන රෝග අංශයේ ප්‍රධානී මහාචාර්ය Kain Leder පැවසුවාය.

කෙසේ වෙතත්, මෙම වයිරසය වේගයෙන් පැතිරීමට පටන් ගන්නේ නම් එය වෙනස් විය හැකි බවත් ඇය සඳහන් කළාය.



Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
කොවිඩ් අඩුවෙමින් යන අතරේ Japanese encephalitis වයිරසය ඔස්ට්‍රේලියාව පුරා පැතිරෙයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala