ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය තව සති දෙකකින් පමණ කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එසේ තිබියදී ප්‍රධාන මැතිවරණ ආසනවල තම මැතිවරණ අපේක්ෂක පුරප්පාඩු පිරවීමට කම්කරු සහ ලිබරල් පක්ෂය ලහි ලහියේ පොරබදිමින් සිටියි.
Highlights
- ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය මැයි මාසයේදී පැවැත්වෙන බවට මේ වන විට තොරතුරු ලැබී තිබේ.
- ඒ අනුව ප්‍රධාන මැතිවරණ ආසනවල තම මැතිවරණ අපේක්ෂක පුරප්පාඩු පිරවීමට කම්කරු සහ ලිබරල් පක්ෂය ලහි ලහියේ පොරබදිමින් සිටියි.
- එළඹෙන මැතිවරනයේදී කම්කරු පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ තවත් ආසන 8 ක් පමණක් බව මේ වන විට පැවති මත විමසුම්වලදී අනාවරණය වී තිබේ.
ලිබරල් පක්ෂයේ අපේක්ෂක පුරප්පාඩු පිරවීම
හිටපු උපදේශන ප්‍රධානි Simon Kennedy වයඹ දිග සිඩ්නි ආසනය වන Bennelong සඳහා තරඟ කිරීමට ලිබරල් පක්ෂය විසින් තෝරාගෙන ඇත.
ඔහුගේ LinkedIn පිටුවට අනුව 2021 අගභාගයේදී McKinsey ඉවත්වීමෙන් පසු Simon Kennedy දැන් Sydney සඳහා වන කමිටුවේ විධායක නොවන සාමාජිකයෙකු ලෙස අසුන් ගනී.
තමන්ගේ මැතිවරණ ප්‍රදේශවල අභියෝගවලට මුහුණ දුන් ලිබරල් මන්ත්‍රීවරුන් තිදෙනෙකු යලි අනුමත කිරීමට ලිබරල් පක්ෂයේ මධ්‍යම විධායක සභාව මැදිහත් වීමෙන් පසුව, ලිබරල් පක්ෂයේ NSW ප්‍රාන්තයේ ප්‍රධාන මැතිවරණ ආසනවල අපේක්ෂකයින් තෝරා ගැනීමට මාර්තු 25 අවසන් දිනය ලෙස ලබා දෙන ලදී.
මැයි මාසයේදී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයට පෙර හිටපු වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයෙකු බවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී John Alexander විශ්‍රාම යන බව ප්‍රකාශ කිරීමෙන් පසුව ඔහුගේ පුරප්පාඩුව පිරවීමට Simon Kennedy හට සිදුවිය.
Lilley, Eden-Monaro, Greenway වැනි විවාදාත්මක මැතිවරණ ආසනවලට මෙන්ම හෝ Warringah සහ Jagajaga වැනි තරඟකාරී මැතිවරණ ආසනවලට අදාළ අපේක්ෂකයින් ලිබරල් පක්ෂය විසින් තවමත් තෝරා පත් කර අවසන් නොමැත.

කම්කරු පක්ෂය
වත්මන් කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී Julie Owens විශ්‍රාම යාමත් සමඟ ප්‍රධාන පක්ෂ දෙකම ඉතා තියුණු ආසනයක් වන Parramatta සඳහා තවමත් නාමයෝජනා තෝරාගෙන නොමැත.
තමන්ට Parramatta මැතිවරණ අසුන සඳහා සම්මුතිවාදී අපේක්ෂකයෙකු තෝරා ගැනීමට අවශ්‍ය බව කම්කරු පක්ෂ නායක Anthony Albanese පවසයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
සිඩ්නි හි නැගෙනහිර තදාසන්න ප්‍රදේශවල ජීවත් වුවද හිටපු කම්කරු පක්ෂ නායක සහ අගමැති Kevin Rudd ගේ හිටපු උපදේශක Andrew Charlton Parramatta මැතිවරණ අසුන සඳහා ඇතැම් පිරිස් යෝජනා කිරීම මධ්‍යයේ කම්කරු පක්ෂ නායකයා එලෙස පැවසීය.
වියට්නාම-ඔස්ට්‍රේලියානු සම්භවයක් සහිත තරුණ නීතීඥවරියක් විසින් නියෝජනය කිරීමට සැරසුණු Fowler නමැති බටහිර සිඩ්නි මැතිවරණ ආසනය වෙත කම්කරු පක්ෂයේ ඉදිරිපෙළ මන්ත්‍රිනී Kristina Keneally යෙදවීමට තීරණය කිරීම සම්බන්ධයෙන් කම්කරු පක්ෂය මීට පෙර විවේචනවලට මුහුණ දී තිබුණි.

සෙනට් අපේක්ෂකයින් තෝරාගැනීම
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෙනට් සභාවට තරග කරන ලිබරල් පක්ෂ අපේක්ෂකයා තෝරාගැනීමට මෙම සෙනසුරාදා සූදානම් වේ.
මේ අතර කම්කරු පක්ෂයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ සෙනට් සභාවට අපේක්ෂකයෙකු තෝරාගැනීම පිණිස වූ නාමයෝජනා විවෘත කර ඇති අතර, ඒ සඳහා මැතිවරණයක් අවශ්‍ය නම් එළඹෙන අඟහරුවාදා පස්වරුවේ කැන්බරාහිදී ඡන්දයක් පැවැත්වීමට නියමිතය.
2007 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පැවති සෙනෙට් මැතිවරණයකදී කම්කරු පක්ෂය ආසන තුනක් දිනා ගෙන නොමැති අතර මැයි මාසයේ පැවැත්වීමට නියමිත එලඹෙන මැතිවරනයේදී ආසන දෙකක් ලබා ගැනීමට ඉඩ ඇත.
නැවත තේරී පත්වීමට නියමිතව සිටි අභාවප්‍රාප්ත සෙනෙට් සභික Kimberley Kitching වෙනුවට වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ ඇමතිනී Natalie Hutchins සහ මානව හිමිකම් නීතිඥ Fiona McLeod වික්ටෝරියා ප්‍රාන්තයෙන් සෙනට් සභාවට කම්කරු පක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් විය යුතු බවට යෝජනා වී තිබේ.
ප්‍රවීණ සෙනෙට් සභික Kim Carr ද ඉදිරි මැතිවරණයෙන් නැවත තේරී පත්වීමට ඉදිරිපත්ව සිටින නමුත් වෘත්තීය සමිති නායක Linda White, Kim ගේ ආසනය ගැනීමට අපේක්ෂාවෙන් සිටී.
එළඹෙන මැතිවරනයේදී කම්කරු පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය වන්නේ තවත් ආසන 8 ක් පමණක් බව මේ වන විට පැවති මත විමසුම්වලදී අනාවරණය වී තිබේ.

