SKIP TO MAIN CONTENT

නත්තල වෙනුවෙන් මෙල්බර්න් සහ සිඩ්නි වාසීන්ට ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත වලට නිරෝධායනය නොවී යන්න ළඟදීම හැකිවෙන ලකුණු

SBS Malayalam
Source: Getty Images/Media/Icon Sportswire

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS News


Skip to article content

නිව් සවුත්වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල වැසියන් හට නත්තල් සමයේදී නිරෝධායනයකින් තොරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණීමට අවශ්‍ය වාතාවරණය සැකසීම සඳහා ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය මේ වන විට සාකච්චා කරමින් පවතින බව වාර්තා වේ. ඒ පිලිබඳ නිශ්චිත තීරණයක් මේ මස අගදී නිවේදනය කිරීමට නියමිත බව සඳහන්.

මේ අතර වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන්ට නිරෝධායනය වීමකින් තොරව තස්මේනියා ප්‍රාන්තයට පිවිසීම සඳහා ලබන දෙසැම්බර් මස 1 දා විවෘත කිරීමට සුදානම්ව තිබු තස්මේනියා ප්‍රාන්ත දේශසීමා මෙම නොවැම්බර් මස 27 දා වන විටම විවෘත කිරීමට සැලසුම් කරමින් සිටින බව තස්මේනියා ප්‍රාන්ත අගමැති පීටර් ගට්වින් සඳහන් කොට තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ දින 13 ක කාලයක් අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීම පාදක කොටගෙන තස්මේනියා ප්‍රාන්ත රජය මෙම තීරණයට එළඹ තිබේ.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now