SKIP TO MAIN CONTENT

ශ්‍රී ලාංකීය නාමය බබළවමින් වෛද්‍ය දිනේෂ් පලිපාන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ "වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස" පිදුම් ලබයි

Dr Palipana
Source: Griffith University

2 min read

Published

Updated

By Nipuna Dodangoda


Skip to article content

ක්වීන්ස්ලන්තයේ සිටින වෛද්‍ය දිනේෂ් පාලිපාන මෙවර 2021 වසරේ ඕස්ට්‍රේලියානුවා ලෙස ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය මගින් නම් කොට තිබේ. මෙම සම්මානය ල්වීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරිය වන Annastacia Palaszczuk විසින් වෛද්‍ය දිනේෂ් පාලිපාන වෙත පිරිනමා තිබේ. මෙහිදී ක්වීන්ස්ලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කොට ඇත්තේ, ඕස්ට්‍රේලියාවේ ආබාධිත වෛද්‍යවරුන්ගේ සංගමයේ සමාරම්භකයා වශයෙන් වෛද්‍ය අධ්‍යාපනය සහ වෛද්‍ය වුර්තිය සඳහා ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට වෛද්‍ය දිනේෂ් පාලිපාන සුවිශේෂී සේවයක් සිදුකොට ඇති බවයි.

වෛද්‍යවරයා මේ වනවිට ආබාධිත පුද්ගලයින්ට නැවත ඇවිදීමට හෝ බයිසිකලයක් පැදීමට පවා උපකාරී වන උපකරණ පිළිබඳ පර්යේෂණ ආරම්භ කර ඇති බව වාර්තා වේ.එමෙන්ම ඔහු මේ වන අබාදිත පුද්ගලයින්ගේ කොඳු පෙළෙහි සහායකින් තොරව මොළයේ සිට පාද දක්වා විද්‍යුත් තරංග ගෙන යා ම සඳහා BioSpine පිළිබඳව පරීක්ෂණ සිදුකරමින් සිටී.

**********************************************************************************

සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

***********************************************************************************

ශ්‍රී ලංකාවේ උපත ලබා ඇති මොහු ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති අතර 2010 වසරේදී බ්‍රිස්බේන් හි සිදු වූ රිය අනතුරක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ ඔහුට දෙපා ක්‍රියාකාරීත්වය අහිමිව ගොස් තිබේ. එමෙන්ම ඔහුට සිය දෑත් භාවිත කල හැකි වන්නේ සීමිත ලෙස පමණි.

36 වියැති වෛද්‍ය දිනේෂ් පලිපාන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළමු ඉන්ද්‍රීය අඩපන වෛද්‍ය උපාධිධාරියා සහ වෛද්‍ය සීමාවාසික වරම් ලැබූ පුද්ගලයා බවටද වාර්තා වේ.

වෛද්‍ය දිනේෂ් පලිපාන ඕස්ට්‍රේලියාවේ අබාදිත වෛද්‍යවරුන්ගේ සංගමයේ ආරම්භකයා වන අතර ඕස්ට්‍රේලියාව තුල කොඳු ඇට පෙළ හා සම්බන්ධ පර්යේෂණ සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබේ. එමෙන්ම ඔහු ගෝල්ඩ් කෝස්ට් විශ්ව විද්‍යාල රෝහලේ ජ්‍යෙෂ්ඨයකු වන අතර නීති උපාධිධාරියෙකුද වෙයි. ගෝල්ඩ් කෝස්ට් ටයිටන්ස් හි ශාරීරික ආබාධිත රග්බි ලීග් කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙසද වෛද්‍ය දිනේෂ් පලිපාන මේ වනවිට කටයුතු කරමින් සිටී.

** ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now