ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන Skilled Migration වැඩසටහනේ ආරාධනා පත්‍ර 95% ක් කප්පාදු කරයි (SBS සිංහල/ වාර්තා)

Skilled Migration Occupation Lists

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ 2020 ඔක්තෝබර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

ඔස්ට්‍රේලියාවේ 2020/21 නව මුල්‍ය වර්ෂයේ Skilled වීසා වලට අදාළ සිව්වන ආරාධනා පත්‍ර වටය ලෙස මෙය වාර්තා වේ.
Home Affairs set State and Territory nominated visa allocations
Source: Department of Home Affairs

2020 ඔක්තෝබර් 11 ආරාධනා පත්‍ර වටය

2020 ඔක්තෝබර් 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී Skilled Independent වීසා (subclass 189) සඳහා ආරාධනා පත්‍ර 30 ක් පමණක් ද Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර 80 ක් පමණක් ද නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 2390 කින් කප්පාදු කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 95.6% ක කප්පාදුවකි.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් නිපුණතා සංක්‍රමණික වීසා (Skilled Migration Visa) සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තුවන අයදුම්කරුවන්ට මේ හේතුවෙන් විශාල කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
Australia visa
Source: Getty Images

ආරාධනා පත්‍ර කප්පාදුවට හේතු

Skilled Independent වීසා (subclass 189) සහ Skilled Work Regional (Provisional) වීසා (subclass 491) – Family Sponsored සඳහා ආරාධනා පත්‍ර කප්පාදුවට ප්‍රධානතම හේතුව පවතින කොරෝනා වසංගතය බව අනුමාන කළ හැකිය.

විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ දේශ සීමා තවමත් වසා දමා ඇති බැවින් විදෙස් රටවල සිටින තාවකාලික හෝ නිපුණතා සංක්‍රමණිකයින් හට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවස්ථාව නොලැබේ.

මේ හේතුවෙන් මෙවර අය වැයේදී Skilled වීසා සඳහා තිබෙන වාර්ෂික කෝටාවද සැලකිය යුතු ලෙස අඩු කර ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන තාවකාලික සංක්‍රමණිකයින් ගේ Skilled වීසා අයදුම්පත් වලට මේ නිසා ඉහළ ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයිද බොහෝ සංක්‍රමණික විශේෂඥයෝ පවසති.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මගින් ක්‍රියාත්මක වන නිපුණතා සංක්‍රමණික වැඩසටහන් වලට අදාළ නව නීති තවමත් ප්‍රකාශ කර නොතිබීමත් මෙයට අතුරු හේතුවක් වී ඇතැයි සිතිය හැකිය.
How to find Australian Jobs
Source: Getty Images

IT, Engineering සහ Accounting සඳහා මෙවරත් ආරාධනා පත්‍ර නැහැ

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT, Engineering සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නැති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාස වලදී නිකුත් කළ ආරධනා පත්‍ර වටවලදී ද IT, Engineering  සහ Accounting වෘත්තීන් සඳහා කිසිදු ආරාධනා පත්‍රයක් නිකුත් කර නොතිබුණි.

මෙම කාලය තුළ නිකුත් වී ඇති ආරාධනා පත්‍ර වලින් බහුතරයක් නිකුත් වී ඇත්තේ සෞඛ්‍ය වෘත්තීන් සඳහා බවද පැවසේ.

Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service