කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින්වද පරීක්ෂා කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තයෙන් විශාල වැඩසටහනක් (SBS සිංහල/ වාර්තා)

Medical workers look on before taking a sample from a person at a drive-through COVID-19 pop-up testing clinic at the Keilor Community Hub

A Large-scale asymptomatic testing program launched in Victoria Source: AAP

කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින්  පරීක්ෂා කිරීමේ විශාල පරිමාණයේ වැඩසටහනක් දියත් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ එකොළොස් වන දිනය ද වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
AAP
Source: AAP

කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින්ටත් කොරෝනා පරීක්ෂණ

කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ නව වැඩසටහනක් දියත් කිරීමට පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අද තහවුරු කළේය.

නමුත් මෙම වැඩසටහන යම් ප්‍රදේශයක් පමණක් ඉලක්ක කරමින් නොපැවැත්වෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කොරෝනා පරීක්ෂණ බාර ප්‍රධානී Jeroen Weimar පැවසීය.

"වික්ටෝරියානු ප්‍රජාව තුළ කොරෝනා වයිරසය සංසරණය වන බවට සාධක තවමත් අපට දැනෙනවා" යනුවෙන් ඔහු 3AW ගුවන් විදුලියට පැවසීය.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ එකොළොස් වන දිනය ද වික්ටෝරියානු ප්‍රාන්තය අද (10/11) වාර්තා කළේය.

නමුත් වික්ටෝරියානු ප්‍රජාව තුළ 100% ක්ම කොරෝනා වයිරසය නොමැති බව එයින් නොකියවෙන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා කොරෝනා පරීක්ෂාවන් තවදුරටත් සිදුකළ යුතු බව ඔවුහු අවධාරණය කරති.

මෙතෙක් කලක් වැඩි වශයෙන් කොරෝනා පරීක්ෂාවන් සිදු කරනු ලැබුවේ කොරෝනා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින්ට පමණි.

නමුත් මෙම නව වැඩසටහන ත් සමග කොරෝනා රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පවා පරීක්ෂණයට භාජනය කිරීමට අවස්ථාව ලැබේ.

වික්ටෝරියානු ප්‍රාන්තය "COVID normal" තත්ත්වයට

වික්ටෝරියානු ප්‍රාන්තය "COVID normal" තත්ත්වයට කෙමෙන් ලංවෙමින් සිටී.

ඊයේ (09/11) දිනයේ සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා තිබූ ඇතැම් කොරෝනා නීති ලිහිල් කිරීමත් සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පොදුවේ එකම කොරෝනා නීති බලපැවැත්වෙන මට්ටමකට එළඹ ඇත.

2020 ජුනි අග සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට කොරෝනා නීති මට්ටම් දෙකකින් ක්‍රියාත්මක වීම ආරම්භ විය.

නමුත් ඊයේ පටන් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට එකම මට්ටමේ කොරෝනා නීති බලාත්මක වේ.

මේ සමග මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වැසියන්ට වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වෙත ගමන් කිරීමට තිබූ තහනම ඉවත් කෙරුණු අතර වික්ටෝරියානු වාසීන්ට කිසිදු තහනමක් නොමැතිව සිය ප්‍රාන්තය පුරා සංචාරය කිරීමට දැන් අවසර ලැබේ.

මේ අතර ගතවූ පැය 24 තුළ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හෝ වාර්තා නොවේ.

ඒ අනුව අඛණ්ඩව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කිසිදු කොරෝනා මරණයක් හෝ ආසාදිතයෙකු හමු නොවූ එකොළොස් වන දිනය ලෙස මෙය වාර්තා වේ.

ඒ සමග කොරෝනා වයිරසය වැළදුණු ආකාරය තවමත් සොයා නොගත් එක් ආසාදිතයෙකු මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් වාර්තා වන අතර වික්ටෝරියානු ප්‍රාන්තය පුරාවට සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4 ක් බව සඳහන්.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂාවන් ගෙන් ලැබුණු 12,955  ක ප්‍රතිඵල ඇසුරින් මෙම තොරතුරු නිකුත් කර ඇත.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service