මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට පනවා තිබූ කොරෝනා නීති අද (09/11) සිට තවත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය පියවර ගත්තේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල පොදුවේ එකම කොරෝනා නීති බලපැවැත්වෙන මට්ටමකට අද සිට එළඹ ඇත.

මාස හතරකට පසුව වික්ටෝරියාවම යළි එක් ප්‍රාන්තයක් වෙයි
2020 ජුනි අග සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට කොරෝනා නීති මට්ටම් දෙකකින් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
ඒ අනුව අද (09/11) පටන් මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වලට එකම මට්ටමේ කොරෝනා නීති බලාත්මක වනු ඇත.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
අද සිට ලිහිල් කෙරෙන කොරෝනා නීති වලට අමතරව තවත් සුවිශේෂී කොරෝනා නීති ලිහිල් කිරීමක් නොවැම්බර් 22 වන දින නිවේදනය කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පැවසීය.

2020 නොවැම්බර් 09 වන දින සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට ලිහිල් වන කොරෝනා නීති
- නිවසේ සිට යා හැකි කිලෝ මීටර් 25 දුර සීමාව ඉවත් කෙරේ.
- මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාප වැසියන්ට වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වෙත ගමන් කිරීමට තිබූ තහනම ඉවත් කෙරේ.
- නිවෙස් දෙකක වෙසෙන වැඩිහිටියන් දෙදෙනෙකු අමුත්තන් ලෙස නිවසට ගෙන්වා ගැනීමට හැකිවන අතර ඔවුන්ට විවිධ වේලාවල පැමිණීමට හැකියාව ඇත.
- ඕනෑම නිවෙස් ප්‍රමාණයකින් පුද්ගලයින් 10 දෙනෙකු දක්වා උපරිමයකට එළිමහනේ රැස්වීමට හැකි නීතිය නොවෙනස්ව එලෙසම පවතී.
- හෝටල්, අවන්හල්,ආපන ශාලා සහ තැබෑරුම් වල ඇතුලත අසුන්ගෙන ආහාර පාන ගන්නා අමුත්තන්ගේ සංඛ්‍යාව 40 දක්වා වැඩි කෙරෙන අතර එළිමහනේ දී නම් 70 දක්වා ඉහළ දැමේ.
- උපරිම පුද්ගලයින් 20 කට යටත්ව කායවර්ධන මධ්‍යස්ථාන සහ ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන යළි විවෘත කෙරේ.
- පුස්තාකල, ප්‍රජා මධ්‍යස්ථාන, කලාගාර, කෞතුකාගාර සහ සිනමා ශාලා වලට උපරිම පුද්ගලයින් 20 ක් කැඳවිය හැකිය.
- එක් ආගමික නායකයකු සමග උපරිම පුද්ගලයින් විසි දෙනෙකුට ගෘහස්ථව රැස්විය හැකි අතර එළිමහනේ උපරිම පුද්ගලයින් 50 දෙනෙකුට රැස්විය හැකිය.
- ගෘහස්ථව උපරිම පුද්ගලයින් 20 දෙනෙකුට අවමංගල උත්සව සඳහා සහභාගී විය හැකි අතර එළිමහනේ නම් උපරිම 50 දෙනෙකු සඳහා සහභාගී විය හැකිය.
- විවාහ උත්සව සඳහා සහභාගී විය හැකි උපරිම පිරිස 10 කි.
- එක් පුද්ගලයෙකුට දිනකට පැය දෙකක් Aged care මධ්‍යස්ථාන වල සිටින වියපත් පුද්ගලයින් බැලීමට පැමිණිය හැකි අතර මාතෘ වාට්ටුවලට කාල සීමාවක් නොමැතිව ස්වාමිපුරුෂයින්ට හෝ සහකරුවන්ට හෝ අවසර ලැබේ.

