ඩොලර් බිලියන 6 කට අධික වටිනාකමකින් යුත් ඔස්ට්‍රේලියානු අපනයන භාණ්ඩ චීනය විසින් අද සිට (06/11) තහනම් කරනු ඇතැයි චීන රජයට අයත් පුවත්පතක් හෙළි කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විදෙස් රටක් විසින් තහනම් කරනු ලැබූ විශාලතම භාණ්ඩ තොගය ලෙසද මෙය හැඳින්වේ.

තහනම් කරනු ලැබූ ඔස්ට්‍රේලියානු අපනයන
ඔස්ට්‍රේලියානු භාණ්ඩ වර්ග හතක් චීනයට අපනයනය කිරීම තහනම් කර ඇතැයි චීන රජයට අයත් පුවත්පතක් හෙළි කරයි.
මෙම භාණ්ඩ වල වටිනාකම ඩොලර් බිලියන 6 කට අධික බව සඳහන්.
චීන රජය විසින් මෙම අපනයන භාණ්ඩ අත්හිටුවා දැමීමෙන් පසු බීජිං හි ඔස්ට්‍රේලියානු තානාපති ග්‍රැහැම් ෆ්ලෙචර් චීනයේ සංචාරය කළ බව The Global Times පුවත් පත වාර්තා කරයි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම අපනයන තහනම පිළිබඳ පුවත චීන බලධාරීන් මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.
ඔස්ට්‍රේලියානු වයින්, තඹ, බාර්ලි, ගල් අඟුරු, සීනි, දැව සහ පොකිරිස්සන් යන භාණ්ඩ චීනය විසින් තහනම් කර ඇතැයි වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු වයින් කර්මාන්තයට දැවැන්ත පහරක්
චීනයේ මෙම තහනම නිසා ඔස්ට්‍රේලියානු වයින් කර්මාන්තයට දැවැන්ත පහරක් එල්ල වී තිබේ.
ඔස්ට්‍රේලියාවේ වයින් සඳහා විශාලතම වෙළෙඳපොළ චීනය තුළ නිර්මාණය වී තිබේ.
ඔස්ට්‍රේලියානු වයින් ආනයනය කිරීම නවත්වන ලෙස අවම වශයෙන් චීනයේ වයින් ආනයනකරුවන් හතර දෙනෙකුට ඔවුන්ගේ දේශීය බෙදාහරින්නන්ගෙන් උපදෙස් ලැබී ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
අද (06/11) සිට නැව් මගින් ඔස්ට්‍රේලියාවේ සිට චීනයට පැමිණෙන වයින් චීන වරාය වලින් නිදහස් කරගැනීමට නොහැකි වන බව චීන බලධාරීන් චීනයේ වයින් ආනයනකරුවන්ට පවසා ඇති බවද වාර්තා වේ.
2019 වසරේදී චීනයට පමණක් ඔස්ට්‍රේලියාවෙන් අපනයනය කළ වයින් වල වටිනාකම ඩොලර් බිලියන 1.26 කි.
මෙම සිදුවීම බරපතල ලෙස සලකන බවත් ඒ හා සම්බන්ධ වැඩි විස්තර ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය උත්සාහ කරන බවත් මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පැවසීය.
මෙම තහනම හේතුවෙන් සුළු පරිමාණ වයින් නිෂ්පාදකයින් ආර්ථික වශයෙන් බංකොලොත් විය හැකි බව Australian Grape and Wine හි ටෝනි බැටග්ලීන් පැවසුවේය.

චීන - ඔස්ට්‍රේලියා වෙළෙඳ යුද්ධය
පසුගිය මාස හය තුළ චීනයට භාණ්ඩ අපනයනය කරන ඔස්ට්‍රේලියානු නිෂ්පාදකයින්ට අතිශය දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය.
ඔස්ට්‍රේලියානු භාණ්ඩ ආනයනය කිරීමේදී චීනය විසින් ගන්නා ලද විවිධ දැඩි ක්‍රියාමාර්ග නිසා එම දුෂ්කරතාවන් ඇතිවිය.
මේ වසර මුලදී චීනයට අපනයනය කරන ඔස්ට්‍රේලියානු බාර්ලි සඳහා චීනය විසින් විශාල බද්දක් අය කරගැනීමට පටන් ගත්තේය.
ඉන් අනතුරුව පසුගිය මැයි මාසයේ පටන් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරමින් සිටි මස් ලබා ගැනීම අත්හිටුවීමට චීනය පියවර ගත්තේය.
කොරෝනා වසංගතය ලෝකයට පැමිණියේ කෙලෙසදැයි ස්වාධීන විමර්ශනයක් සිදුකරන ලෙස ඔස්ට්‍රේලියාව ප්‍රථම වරට ලෝකය හමුවේ පැවසීමත් සමග චීනය මෙවැනි දැඩි තීරණ ගැනීමට පෙළඹුණු බව ඇතැමුන් පවසයි.
ඔස්ට්‍රේලියානු කපු කර්මාන්තයට අනුව, ඔස්ට්‍රේලියාවේ වගා කළ කපු මිලදී ගැනීම නවත්වන ලෙසට චීනයේ රෙදි කම්හල්වලට දන්වා තිබේ.
මෙම තහනම සම්බන්ධයෙන් තමන්ට චීන රජයෙන් කිසිවක් නිල වශයෙන් ලැබී නොමැති බවත් සිදුවන්නේ කුමක් දැයි බලා සිටින බවත් ඔස්ට්‍රේලියානු අපනයනකරුවන් පවසන බව ABC පුවත් වෙබ් අඩවිය පවසයි.

