ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල් සොරකම් කළ බවට චෝදනා ලැබූ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව නඩු පවරයි (SBS සිංහල/ වාර්තා)

Vic Police

Source: Twitter

ඔස්ට්‍රේලියානු ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල් සොරකම් කළ බවට මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකික තරුණයෙකු හට වික්ටෝරියානු පොලීසිය විසින් නඩු පවරා තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


Australia Post හරහා බෙදා හැරීමට තිබූ පාර්සල් තොගයක් මෙම පුද්ගලයා විසින් සොරකම් කර ඇති බව වික්ටෝරියානු පොලීසිය පවසයි.
An Australia Post post-box in Brisbane.
Source: AAP

ඒකාබද්ධ මෙහෙයුම

අගෝස්තු සිට ඔක්තෝබර් මාසය දක්වා වූ කාලය තුළදී මෙල්බර්න් උප නගර කිහිපයකට Australia Post හරහා බෙදා හැරීමට තිබූ පාර්සල් තොගයක් අස්ථානගත වීමත් සමග ඒ පිළිබඳ සෙවීමට මෙහෙයුමක් දියත් කෙරුණි.

Rosebud, Rye, Tootgarook, Portsea සහ Sorrento යන ප්‍රදේශ වලට අදාළ පාර්සල් බෙදා හැරීමට නියමිතව තිබූ බව සඳහන්.

වික්ටෝරියානු පොලීසිය සහ Australia Post ඒකාබද්ධව එම මෙහෙයුම දියත් කළේය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


අදාළ අස්ථානගත වූ පාර්සල් වල වටිනාකම ඔස්ට්‍රේලියානු ඩොලර් 10,000 කට වැඩි බව වික්ටෝරියානු පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන කර තිබේ.

ඒ හා ලැබුණු සෝදිසි වරෙන්තුවකට අනුව Glen Waverley සහ Rosebud පොලිස් කණ්ඩායම් විසින් පසුගිය ඔක්තෝබර් 21 වන දින Mount Waverley ප්‍රදේශයේ නිවසක තිබියදී අස්ථානගතව තිබූ පාර්සල් 67 ක් සොයා ගන්නා ලදී.
A man posting mail at an Australia Post postbox in Sydney
Source: AAP

ශ්‍රී ලාංකික තරුණයෙකු හට චෝදනා

මෙම සොරකම සම්බන්ධව Mount Waverley හි පිහිටි එම නිවසේ සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු හට චෝදනා එල්ල කරමින් නඩු පවරා තිබේ.

අදාළ ශ්‍රී ලාංකික තරුණයා 24 වන වියෙහි පසුවන බව වික්ටෝරියානු පොලීසිය පවසයි.

එලෙස සොරකම් කරන ලද පාර්සල් වල තිබී හමුවූ ද්‍රව්‍ය පහත පරිදි වන බව වික්ටෝරියානු පොලීසියේ නිල වෙබ් අඩවියේ දක්වා ඇත.

  • Designer shoes
  • සෙල්ලම් බඩු
  • power tools
  • මුළුතැන්ගෙයි උපකරණ
  • fitness equipment හෙවත් යෝග්‍යතා උපකරණ
  • ගෘහ උපකරණ
  • රූපලාවන්‍ය ආලේපන
  • පරිගණක කොටස්
  • ඉහළ මට්ටමේ මත්පැන්
  • පුද්ගලික තෑගි
  • ඉලෙක්ට්‍රොනික් උපකරණ
මෙහිදී සාපරාධී සොරකම් කිරීම සහ තැපැල් භාණ්ඩ සොරකම් කිරීම යන චෝදනා අදාළ ශ්‍රී ලාංකික තරුණයා හට පොලීසිය විසින් එල්ල කර ඇත.

කෙසේවෙතත්, ඔහුට ජූලි 20 වන දින ෆ්‍රෑන්ක්ස්ටන් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීමට ඇප නියම විය.

අදාළ පාර්සල් හිමි විය යුතු හිමිකරුවන්ට එම පාර්සල් ලබා දීමට වික්ටෝරියානු පොලීසිය විසින් කටයුතු ආරම්භ කර තිබේ.

පාර්සල් සොරකමකට අදාළ තොරතුරු ඇති ඕනෑම අයෙකුට 1800 333 000 අංකයෙන් Crime Stoppers ඇමතිය හැකිය.

නැතිනම් www.crimestoppersvic.com.au වෙබ් අඩවිය හරහා රහස්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකිය.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඩොලර් 10,000 කට අධික වටිනාකමින් යුත් පාර්සල් සොරකම් කළ බවට චෝදනා ලැබූ මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයෙකුට එරෙහිව නඩු පවරයි (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala