මෙල්බර්න් හැර ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රධාන නගර වල නිවාස මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළට (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market

Source: AAP

කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට ප්‍රථම වරට සමස්ත ඔස්ට්‍රේලියාවේම පාගේ නිවාස වෙළෙඳ පොළේ නැග්මක් ඇතිවී තිබේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


CoreLogic ආයතනයේ නවතම වාර්තාව ඒ බව අනාවරණය කර ඇත.

Australian Housing Market
Source: AAP

ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ නැග්මක්

පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල දර්ශකය 0.4% ක නැග්මක් පෙන්වන බව CoreLogic ආයතනය පවසයි.

කොරෝනා වසංගතය ආරම්භ වූ දා සිට මෙලෙස ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ නැග්මක් පෙන්නුම් කළ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද සටහන් වේ.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වසංගතය ඔස්ට්‍රේලියාවට පැමිණි දින සිට මාසයෙන් මාසය ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ මිල බැස්මක් පෙන්වූ නමුත් පසුගිය ඔක්තෝබර් මාසයේ එහි නැග්මක් පෙන්වීම සැබැවින්ම විශිෂ්ට පුවතක් බව CoreLogic ආයතනයේ පර්යේෂණ ප්‍රධානී Eliza Owen, ABC පුවත් සේවයට පැවසුවාය.

Westpac-Melbourne ආයතනයේ පාරිභෝගික හැඟීම් දර්ශකයේ නවතම දත්ත හරහා ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියානුවාසීන්ගේ පාරිභෝගික විශ්වාසය ද 12% කින් ඉහළ ගොස් ඇතැයි හෙළිවී ඇති බව ඇය පැවසුවාය.

House Prices
Source: AAP

කොරෝනා වසංගතය අතරේ ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ හැසිරීම

ඔස්ට්‍රේලියාවට කොරෝනා වසංගතය පැමිණියේ මේ වසරේ මාර්තු මාසයේ සිටය.

ඒ අනුව මාර්තු මාසයේදී ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල දර්ශකය 1.5% කින් පහත වැටුණි.

එමෙන්ම ඔස්ට්‍රේලියානු ජාතික නිවාස වෙළෙඳපොළේ ඇති ප්‍රධානතම වෙළෙඳ පොළ දෙක වන සිඩ්නි හා මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ වල විශාල බැස්මක් එම මාර්තු මාසයේදී පෙන්නුම් කළේය.

මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ මිල 5.6% කින්ද සිඩ්නි නිවාස වෙළෙඳපොළ මිල 2.3% කින්ද එහිදී පහත වැටුණි.

නමුත් Darwin වැනි කුඩා ප්‍රමාණයේ ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳ පොළ වල යම් ඉහළ නැගීමක් ද කොරෝනා වසංගතය අතරේ පෙන්වීය.

මෙල්බර්න් සහ සිඩ්නි වැනි ප්‍රධාන නගර වලට වඩා අඩු කාලයකින් කොරෝනා උවදුර පාලනය කිරීමට එවැනි කුඩා ප්‍රධාන නගර වලට හැකිවීම එලෙස එම නගර වල නිවාස වෙළෙඳ පොළ වල යම් ඉහළ නැගීමකට ප්‍රධාන හේතුව විය හැකි බවට අනුමාන කෙරේ.

මේ අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී ද ඔස්ට්‍රේලියාවේ ජාතික නිවාස මිල දර්ශකය 0.1% ක පහත වැටීමක් පෙන්වීය.

house prices
Source: AAP

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නිවාස වෙළෙඳපොළ වල නැග්ම සහ බැස්ම

පසුගිය ඔක්තෝබර් මාසයේදී මෙල්බර්න් නිවාස වෙළෙඳපොළ හැරුණුකොට සෙසු ප්‍රධාන නගරවල නිවාස වෙළෙඳපොළ වල නැග්මක් වාර්තා වී තිබේ.

CoreLogic ආයතනයට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේදී ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්තයේ හා ටෙරිටරියේ ප්‍රධාන නගර වල නිවාස වෙළෙඳපොළ වල නැග්ම සහ බැස්ම පහත අයුරින් වාර්තා වේ.

මෙල්බර්න් - 0.2% ක බැස්මක්

සිඩ්නි - 0.1% ක නැග්මක්

බ්‍රිස්බේන් - 0.5% ක නැග්මක්

පර්ත් - 0.6% ක නැග්මක්

කැන්බරා - 1.0% ක නැග්මක්

හෝබාර්ට් - 1.0% ක නැග්මක්

ඇඩිලේඩ් - 1.2% ක නැග්මක්

ඩාර්වින් - 1.2% ක නැග්මක්

how to where a mask
Source: SBS Sinhala

Share

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now