කොරෝනා නිසා මාස ගණනක් වසා දමා තිබූ වික්ටෝරියානු - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කිරීමට දින නියම වෙයි (SBS සිංහල/ වාර්තා)

Victoria and New South Wales border

Victoria and New South Wales border Source: SBS

මේ වන විට වසා දමා ඇති වික්ටෝරියානු - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් තවත් සති 3 කින් යළි විවෘත කරන බව අද (04/11) වාර්තා විය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් මේ බව අද නිවේදනය කළාය.
NSW Premier Gladys Berejiklian
NSW Premier Gladys Berejiklian Source: AAP

වික්ටෝරියානු - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කෙරේ

මේ වන විට වසා දමා ඇති වික්ටෝරියානු - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් නොවැම්බර් 23 මධ්‍යම රාත්‍රියේ සිට යළි විවෘත කරන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් අද (04/11) නිල වශයෙන් නිවේදනය කළාය.

වික්ටෝරියා ප්‍රාන්තයෙන් අඛණ්ඩව පස් වන දිනයටත් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හෝ මරණයක් හෝ වාර්තා නොවීමත් සමග මෙම නිවේදනය ඇය විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව මාස ගණනක් වසා දැමුණු වික්ටෝරියානු - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් අතර සංචරණයට නොවැම්බර් 23 මධ්‍යම රාත්‍රියේ සිට කිසිදු තහනමක් බල නොපැවැත්වෙනු ඇත.

මේ සමග කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු ප්‍රාන්ත සීමාවන් ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරි වලට යළි විවෘත කළ ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පත්වන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

නමුත් කොරෝනා වසංගතය ආරම්භයේ පටන් තම ප්‍රාන්ත සීමා වසා නොදැමූ එකම ප්‍රාන්තය වන්නේ වික්ටෝරියා ප්‍රාන්තය වේ.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

වසංගතය ආරම්භ වී මාස හතකට පසුවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය අංශය විසින් කොරෝනා නීති වලට අනුකූලව ක්‍රියාත්මක නොවන පුද්ගලයින් සහ ස්ථාන හඳුනාගනිමින් සිටීම හේතුවෙන් නොවැම්බර් 23 සිට ව්‍යාපාරික ස්ථාන සඳහා QR කේත අනිවාර්ය කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian නිවේදනය කළාය.

කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයෙකු නිරිතදිග සිඩ්නි කලාපයේ අවන්හලකට පැමිණීමත් එම අවන්හලට පැමිණි සෙසු පාරිභෝගිකයින් සහ අනෙකුත් අමුත්තන් පිළිබඳ විස්තර සෞඛ්‍ය අංශ වලට සැපයීමට අදාළ අවන්හල අසමත් වීමත් සමග මෙම සංශෝධන සිදු කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

ක්වීන්ස්ලන්ත - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවේ තත්ත්වය

වික්ටෝරියානු - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමාවන් යළි විවෘත කිරීමත් සමග ක්වීන්ස්ලන්ත - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා වසා දැමීම පිළිබඳ උණුසුම නැවත මතුවන්නට පටන් ගෙන තිබේ.

වලංගු ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා බලපත්‍රයක් (Border Declaration Pass) ඇතිව Greater Sydney කලාපයේ හැරුණු කොට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට පැමිණෙන සංචාරකයින්ට අනිවාර්ය නිරෝධායනයකින් තොරව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට දැන් ඇතුළු විය හැකිය.

නමුත් Greater Sydney කලාපයේ වැසියන්ට ද ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ඇතුළුවීමට අවශ්‍ය අවසරය ලබා ගැනීම සඳහා තමන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk සමග සාකච්ඡා කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

පසුගිය ඔක්තෝබර් 31 පැවති ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත මැතිවරණයෙන් Annastacia Palaszczuk විශිෂ්ඨ ජයක් අත්කරගත් අතර ඔස්ට්‍රේලියාවේ ජාතික මැතිවරණයකදී තුන්වරක් ප්‍රාන්ත අගමැති ධුරයට අඛණ්ඩව තේරී පත්වූ ප්‍රථම කාන්තාව ලෙසද ඇය ඉතිහාසගත විය.

"මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මා ඇයට සුබ පැතුවා. ක්වීන්ස්ලන්ත - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා මුළුමනින්ම නිදහස් කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වීමට මම ඇයට ආරාධනා කළා. නමුත් තවමත් මට ඊට පිළිතුරු ලැබුණේ නැහැ." යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service