වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු ඊයේ (30/12) දිනයේ හමුවීමෙන් පසු මේ වන විට කිසිදු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සඳහන්.
ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් තිදෙනා හේතුවෙන් දින 60 කට වඩා කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවූ බවට තබමින් තිබූ වික්ටෝරියානු ප්‍රාන්තයේ වාර්තාව බිඳ වැටුණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 3 ක්
ඊයේ දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් තිදෙනා මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ උප නගර තුනක් වන Mitcham, Hallam සහ Mentone උප නගර වල පදිංචි පුද්ගලයින් බව අනාවරණය වී තිබේ.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයෙකු අවසන් වරට වාර්තා වුයේ පසුගිය ඔක්තෝබර් 31 වන දිනය.
අදාළ ආසාදිතයින් තිදෙනා හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 40 කට අධික පිරිසක් මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවද වාර්තා වේ.
සිඩ්නි කොරෝනා පොකුරෙන් මෙම ආසාදිතයින්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු සැක පළ කරති.
අදාළ ආසාදිතයින් තිදෙනාම කාන්තාවන් වන බවත් ඔවුන්ගෙන් දෙදෙනෙකු 40 වන වියෙහි පසුවන බවත් අනෙකා 70 වන වියෙහි පසුවන බවත් සඳහන්.

ආසාදිතයින් ආ ගිය ස්ථාන හෙළි කෙරේ
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයින් තිදෙනා ආ ගිය ස්ථාන සහ වේලාවන් මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් හෙළි කර තිබේ.
එම තොරතුරු පහත පරිදි වේ.
- Smile Buffalo Thai අවන්හල (305 Beach Rd, Black Rock) - දෙසැම්බර් 21 දිනය පුරා
- Holy Family Parish Doveton Catholic (Doveton) - දෙසැම්බර් 26 පස්වරු 4 සිට 6 දක්වා
- Kmart, Big W, Target, Millers, King of Gifts, Lacoste (Fountain Gate Shopping Centre) - දෙසැම්බර් 26 පෙරවරු 9 සිට 11 දක්වා
- Century City Walk සහ Mocha Jo’s (Glen Waverley) - දෙසැම්බර් 28 පස්වරු 1.30 සිට 5 දක්වා
- Katialo restaurant (8 Eaton Mall, Oakleigh) - දෙසැම්බර් 28 රාත්‍රී 7 සිට 8.15 දක්වා
- Mentone/Parkdale Beach (Mentone) - දෙසැම්බර් 27 පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා
ඉහත සඳහන් දින හා වේලාවන් වල අදාළ ස්ථාන වලට ගිය පුද්ගලයින් සිටී නම් වහාම ඔවුන් ට කොරෝනා පරීක්ෂණය කරගන්නා ලෙසත් තමන්ගේ ප්‍රතිඵල negative ලෙස ලැබෙන තෙක් ස්වයං නිරෝධායනය වන ලෙසත් වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටිති.

වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා නීති තවදුරටත්
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා නීති තවදුරටත් පනවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ නිවේදනය කළේය.
සිඩ්නි උතුරු වෙරළ ප්‍රදේශයේ හටගත් කොරෝනා පොකුරට අමතරව Wollongong සහ දකුණු දිග සිඩ්නි කලාපයත් සමග සිඩ්නි නගරයේ බටහිර කලාපයේ දෙවැනි කොරෝනා පොකුරක් ද මේ වන විට නිර්මාණය වී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
නැතිනම් රූපවාහිනියේ channel 38
වික්ටෝරියා - නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සීමා වලට පනවා ඇති නීති ලිහිල් කිරීම දෛනිකව වාර්තා වන තත්ත්වයට අනුකූලව සිදු කෙරෙන බවත් එය සම්පූර්ණයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන බවත් වික්ටෝරියානු පොලිස් කටයුතු පිළිබඳ ඇමතිනී Lisa Neville පැවසුවාය.

මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය
සෑම වසරකම පැවැත්වූ මෙල්බර්න් නව අවුරුදු උදාව සමරන ගිනිකෙළි සංදර්ශනය මෙවර නොපැවැත්වෙන බව මෙල්බර්න් නගර සභාව නිවේදනය කළේය.
නමුත් දෙසැම්බර් 31 වන දින මෙල්බර්න් නගරයට පැමිණෙන ජනතාවට ආහාර පාන ගෙන විනෝද වීමට Hardware Lane, Chinatown, Spring Street සහ Little Bourke Street යන වීදි වල අමතර අවන්හල් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.
පොලිස් සුනඛයින් හා අශ්වයින් සමග සිවිල් සහ නිල ඇඳුම් වලින් යුත් අමතර පොලිස් නිලධාරීන් අද (31/12) දිනයේ මෙල්බර්න් නගරයේ රාජකාරියේ යොදවා ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ නිවෙස් වල උපරිම පුද්ගලයින් 30 කට රැස්විය හැකි අතර එළිමහනේ පුද්ගලයින් 100 කට උපරිමව රැස්විය හැකිය.





