SKIP TO MAIN CONTENT

අලුතින් කොරෝනා ආසාදිතයින් 5 ක් හමුවීමත් සමග නව අවුරුදු උදාවට සිඩ්නි කොරෝනා නීති දැඩි කෙරේ (SBS සිංහල/ වාර්තා)

More than one billion people around the world watched Sydney's fireworks.
Sydney fireworks Source: Getty

3 min read

Published

Updated

By Jarni Blakkarly, Madhura Seneviratne



Skip to article content

එළඹෙන දෙසැම්බර් 31 රාත්‍රිය නිමිතිකොටගෙන සිඩ්නි කලාපයේ කොරෝනා නීති පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම අද (28/12) පෙරවරුවේ සිදු කෙරුණි.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


 

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් මෙම තොරතුරු හෙළි කරන ලදී.

සිඩ්නි කලාපයේ කොරෝනා නීති යාවත්කාලීන කිරීම

සිඩ්නි උතුරු වෙරළ තීර ප්‍රදේශයට පනවා ඇති lockdown නීති අවම වශයෙන් තවත් සති එකහමාරකින් පමණ දීර්ග කරන බව අද (28/12) පෙරවරුවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් නිවේදනය කරන ලදී.

ප්‍රජා සම්ප්‍රේෂණය හරහා කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 5 දෙනෙකු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

එම ආසාදිතයින් 5 දෙනාගෙන් සිව්දෙනෙකු Avalon කොරෝනා පොකුරට සම්බන්ධ බවත් මේ වන විට එම කොරෝනා පොකුර ආසාදිතයින් 126 දෙනෙකු දක්වා වර්ධනය වී ඇති බවත් සඳහන්.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

පස්වන ආසාදිතයා උතුරු වෙරළ තීර ප්‍රදේශයේ මීට පෙර වාර්තා වූ ආසාදිතයෙකුට සම්බන්ධ වී ඇති අතර ආසාදන ප්‍රභවය තවමත් ඇවලෝන් පොකුරට සම්බන්ධ වී නොමැති අතර එය සොයා මේ වන විට විමර්ශන කටයුතු ආරම්භ වී ඇත.

Narrabeen පාලමෙන් උතුරු කලාපයේ වෙසෙන උතුරු වෙරළ තීර ප්‍රදේශවාසීන්ට අවම වශයෙන් ජනවාරි 9 තෙක් මෙම lockdown නීති බලපැවැත්වෙන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian විසින් අද දැනුම් දුන්නාය.

මේ අතර Narrabeen පාලමෙන් දකුණු කලාපයේ වෙසෙන උතුරු වෙරළ තීර ප්‍රදේශවාසීන්ට ජනවාරි 2 දක්වා එම lockdown නීති බලපැවැත්වේ.

සිඩ්නි නගරයට පැමිණීම සීමා කෙරේ

මේ අතර සිඩ්නි කලාපයේ සෙසු ප්‍රදේශ වල වැසියනට සංචරණය කිරීමට නිදහස ඇති අතර නව අවුරුදු උදාවන දිනයට පෙර දිනයේ පවා කුඩා හමුවීම් වලට ඉඩ ලබා දෙනු ඇත.

Greater Sydney, Wollongong, Central Coast, Blue Mountain සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වලට නව අවුරුදු උදාවන දිනයට පෙර දිනයේ සහ පසු දිනයේ පනවා ඇති කොරෝනා නීති වල විශාල වෙනස්කමක් සිදු නොකර ඇත.

නමුත් Greater Sydney කලාපයේ එළිමහන් ස්ථාන වල රැස්විය හැකි පිරිස 100 සිට 50 දක්වා අඩු කර තිබේ.

මේ අතර සිඩ්නි නගරයේ අවන්හල් ඇතුළු hospitality ස්ථාන සඳහා යාමට අවසර පත්‍ර ඇති Greater Sydney වැසියන්ට පමණක් දෙසැම්බර් 31 දින සිඩ්නි නගරයට පැමිණීමට අවසර ලැබෙනු ඇත.

එමෙන්ම Greater Sydney කලාපයේ ජීවත් වන වැසියන්ට උපරිම අමුත්තන් 10 දෙනෙකුට තම නිවසට ආරාධනා කළ හැකිය.

Premier Gladys Berejiklian.
Premier Gladys Berejiklian has provided a coronavirus update. Source: AAP

සිඩ්නි නව අවුරුදු ගිනිකෙළි සංදර්ශනය

සිඩ්නි කලාපයේ ඇතිවී ඇති කොරෝනා තත්ත්වය කෙසේ වුවද සිඩ්නි නව අවුරුදු ගිනිකෙළි සංදර්ශනය පවත්වන බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ප්‍රකාශ කළේය.

එය මිනිත්තු 7 කට සීමා කෙරෙන බවද සඳහන්.

නමුත් එය නැරඹීම සඳහා ජනතාවට සිඩ්නි නගර මධ්‍යයට පැමිණීමට අවසර නොලැබේ.

මෙවර සිඩ්නි නව අවුරුදු ගිනිකෙළි සංදර්ශනය රූපවාහිනියෙන් නරඹන ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian ඉල්ලා සිටියාය.

කොරෝනා වසංගතය හා සටන් කරමින් සිටින සෞඛ්‍ය සේවකයින් වැනි ඉදිරි පෙළ කාර්ය මණ්ඩලයේ සේවයට තුති පිදීමක් වශයෙන් සිඩ්නි නව අවුරුදු ගිනිකෙළි සංදර්ශනය සමීපව නැරඹීමට ඔවුන්ට අවස්ථාවක් දීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

කෙසේනමුත් එම සැලසුම ද අවලංගු කිරීමට තීරණය කළ බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනීය අද (28/12) නිවේදනය කළාය.

තමන්ට හැකි අයුරින් උපරිම වශයෙන් කොරෝනා පරීක්ෂණ සඳහා ඉදිරිපත් වන ලෙස ද ඇය සිඩ්නි ජනතාවගෙන් ඉල්ලා සිටියාය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now