මෙල්බර්න් Holiday Inn කොරෝනා පොකුර 10 දක්වා ඉහළට, සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයකටත් කොරෝනා අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

Holiday Inn කොරෝනා පොකුර නිසා Sunbury Square Shopping Centre වෙත කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකිරීමට වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

People line up to be tested for COVID-19 at the Sunbury Respiratory Clinic in Melbourne.

People line up to be tested for COVID-19 at the Sunbury Respiratory Clinic in Melbourne. Source: AAP

මෙල්බර්න් Holiday Inn හෝටලයේ කොරෝනා පොකුරට සමබන්ධ ආසාදිතයින් සංඛ්‍යාව 10 දක්වා වර්ධනය වී තිබේ.

අද (11/02) පෙරවරුව වන විට එම ප්‍රමාණය 8 ක් ලෙස සටහන් වී තිබුණි.

වයිරසය ආසාදනය වූ Holiday Inn හෝටලයේ නිරෝධායන වැඩසටහනේ සේවකයින් ගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු මෙලෙස වයිරසයට ධනාත්මක වී ඇති බව අද පස්වරුවේදී වාර්තා විය.

ඒ අනුව හෝටල් නිරෝධායන වැඩසටහන හා සම්බන්ධ සේවකයින් තිදෙනෙකු, ඔවුන්ගේ නිවෙස් වල සාමාජිකයින් දෙදෙනෙකු, හෝටලයේ නැවතී සිට පිටව ගිය අමුත්තන් දෙදෙනකු සහ විදෙස් රටකදී වයිරසය ආසාදනය වූ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු ලෙස මෙම ආසාදිතයින් 10 දෙනා හඳුනාගෙන තිබේ.


Highlights

  • මෙල්බර්න් Holiday Inn කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 10 දක්වා ඉහළ යයි.
  • Sunbury Square Shopping Centre වෙත කොරෝනා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
  • කොරෝනා පොකුර නිසා Holiday Inn හෝටලය වසා දමා තිබේ.

මෙල්බර්න් සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයක ට කොරෝනා අනතුරු ඇඟවීම්

Sunbury Square Shopping Centre වෙත කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකිරීමට වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

කොරෝනා වයිරසය ආසාදනය වූ Holiday Inn හෝටලයේ නිරෝධායන වැඩසටහනේ සේවකයකු Sunbury Square Shopping Centre වෙත ගොස් ඇති බව හෙළිවීමෙන් අනතුරුව මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

ඒ අනුව පෙබරවාරි 05 වන දින පස්වරු 3.40 සිට 4.30 දක්වා Sunbury Square Shopping වෙත ගිය පුද්ගලයින් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු උපදෙස් දෙති.

අදාළ සේවකයා වයිරසය ආසාදනය වී තිබියදී Sunbury Square Shopping හි කඩ සාප්පු කිහිපයකටම ගොස් ඇති නිසා මෙම පූර්වාරක්ෂක පියවර ගත් බව ඔවුහු පවසති.

ඉහත දිනයේ අදාළ වේලාවෙන් බැහැරව යම් පුද්ගලයෙකු Sunbury Square Shopping වෙත ගොස් ඇත්නම් ඔවුන්ට වයිරසය වැළදීමේ අවදානමක් නොමැති බව බලධාරීන් පවසයි.

නමුත් කොරෝනා රෝග ලක්ෂණ මතුවේදැයි විමසිල්ලෙන් සිට එසේ මතු වුවහොත් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්නා ලෙස ද ඔවුහු ඉල්ලා සිටිති.

ඊට අමතරව මෙම ස්ථාන වලට ගිය පුද්ගලයින් ද වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර ඍණාත්මක ප්‍රතිඵලයක් පැමිණෙන තෙක් ස්වයං නිරෝධායනය විය යුතු බව වික්ටෝරියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


Holiday Inn හෝටලය වසා දැමේ

මෙම කොරෝනා පොකුර නිසා Holiday Inn හෝටලය වසා දැමීමට සිදුවී ඇත.

මේ අතර Holiday Inn හෝටලයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් ඉන් ඉවත්කොට වෙනත් හෝටලයක් වෙත රැගෙනයාම ද ආරම්භ කොට තිබේ.

ඒ සමග ලබන සතියේදී විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියනුවන් මෙල්බර්න් නුවරට බාරගන්නා කෝටාව 1,120 සිට 1,310 දක්වා  වැඩි කිරීමට තීරණය කර ඇති නමුත් එය ක්‍රියාත්මක නොවන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පැවසීය.

කෙසේවෙතත්, Holiday Inn කොරෝනා පොකුර හේතුවෙන් නැවත වරක් කොරෝනා නීති පැනවිමෙහි කිසිඳු අදහසක් නොමැති බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.

SBS සිංහල Facebook පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share

Published

By Madhura Seneviratne
Source: AAP, SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙල්බර්න් Holiday Inn කොරෝනා පොකුර 10 දක්වා ඉහළට, සුපිරි වෙළෙඳ සැල් සංකීර්ණයකටත් කොරෝනා අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala