දිනෙන් දින ජීවිත බිලිගනිමින් සිටිනා මෙල්බන් Thunderstorm Asthma. (SBS සිංහල/ වාර්තා)

පසුගිය සඳුදා (21/11) රාත්‍රියේ මෙල්බන් නුවර ඇතිවූ දුර්ලබ ගනයේ කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය හටගත් බව පැවසෙන අතර පසුගිය සඳුදා රාත්‍රියේ සහ අඟහරුවාදා දිනයේ දී මේ සම්බන්ධ රෝගීන් 8500කට අධික පිරිසකට මෙල්බන් රෝහල් ප්‍රතිකාර කළ බවද වාර්තා වේ.

Melbourne Thunderstorm Asthma

Melbourne Thunderstorm Asthma Source: SBS

“Thunderstorm Asthma” නිසා මෙල්බන් නුවර සය වන පුද්ගලයාද ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ.

මේ වන විට පස් දෙනෙකු මෙල්බන් රෝහල්වල දැඩි සත්කාර ඒකකයන් හි  ප්‍රතිකාර ලබන අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.

Thunderstorm Asthma හේතුවෙන් මිය ගිය 5 වන සහ 6 වන පුද්ගලයන් පිළිබඳ තොරතුරු මෙතෙක් Victoria's Department of Health and Human Services අනාවරණය කර නොමැති බව ද වාර්තා වේ.

පසුගිය සඳුදා (21/11) රාත්‍රියේ මෙල්බන් නුවර ඇතිවූ දුර්ලබ ගනයේ කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය හටගත් බව පැවසේ.

පසුගිය සඳුදා රාත්‍රියේ සහ අඟහරුවාදා දිනයේ දී මේ සම්බන්ධ රෝගීන් 8500කට අධික පිරිසකට මෙල්බන් රෝහල් ප්‍රතිකාර කළ බවද වාර්තා වේ.

Image

මොකද්ද මේ Thunderstorm Asthma ?

සුළි සුළං තත්ත්වයක් සමග පරාග විශාල ප්‍රමාණයෙන් වාතයට එකතුවී ශ්වසන ආබාධ සහිත පුද්ගලයන්ගේ තත්ත්වය තවත් දරුණු අතට හැරීම “Thunderstorm Asthma” නමින් හැඳින්වේ.

පසුගිය සඳුදා මෙල්බන් නුවර ඇතිවූ අසාමාන්‍ය සුළි සුළං තත්ත්වය හේතුවෙන් විවිධාකාරයේ ශ්වසන ආබාධ ඇති පුද්ගලයන් හට එම රෝගී තත්ත්ව උත්සන්න වීම නිසා දහස් ගණන් ජනයා ගිලන් රථ සේවා සඳහා අමතා ඇති බව වාර්තා වන අතර මෙල්බන් නගරයේ රෝහල් එම රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා සීරුවෙන් සිටියි.

කාලගුණයේ ඉක්මන් වෙනස්වීම් සමග ඇදුම රෝගී තත්ත්වය දැඩි සම්බන්ධයක් පවතින අතර මෙය ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ උතුරු ඇමෙරිකාවේ බහුලව දැකිය හැකිවේ.

මෙම දරුණු ගනයේ ඇදුම රෝගී තත්ත්වයට විවිධාකාරයේ හේතුන් ආරෝපණය වන බව පරීක්ෂණ වලින් සනාථ වී තිබේ. 1970 -80 කාලය අතරතුර මේ සබන්ධව සිදු කළ පර්යේෂණ මගින් මෙහි පැතිරීම පිළිබඳ පැහැදිලි කරුණු සොයාගෙන තිබේ.

වායු ගෝලයේ උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව වෙනස් වීමත් සමග වායු දූෂණය, ඉහළ ප්‍රමාණයේ පරාග, සෝයා බෝංචි බෑම, දිලීර බීජානු, කොපර් සල්ෆේට් සහ කුඩු කරන ලද සීනි වැනි දෑ මිශ්‍ර වීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වන බව පැවසේ.

නමුත් මෙම Thunderstorm Asthma රෝගය ස්ථානයෙන් ස්ථානයට වෙනස් වන බවද පර්යේෂකයන් පවසයි.

මෙල්බන් නුවර පවතින Thunderstorm Asthma රෝගය බර්මින්හැම් හි පවතින Thunderstorm Asthma රෝගයට සමාන නොවන බව ඔවුන් පෙන්වා දෙයි.

මෙය පැමිණෙන බව දැනගන්නට හැකිද?

වසන්ත කාලෙය්දී මල්වල පරාග, සුළි සුළං සමග මුසු වීමෙන් ඒවා විශාල ප්‍රමාණවලින් තැනින් තැනට ගමන් කරයි. මෙසේ ගමන් කරන පරාග ඇතැම් විට අපගේ පෙනහළු වල ගැඹුරටම ගමන් කරයි. ඒ ආනුව ඇදුම රෝගය දරුණු ලෙස රෝගියාට වැළදෙනු ඇත.

ඒ අනුව පරාග ප්‍රමාණය සහ දරුණු කාලගුණික තත්ත්ව පිළිබඳ අවධානයෙන් සිටීම වඩා වැදගත් බව සඳහන්.
Melbourne Thunderstorm Asthma
Parked Ambulances outside the St Vincents and Mercy Hospital, in Melbourne. Source: AAP

ඉන් මිදෙන්නට කළ හැක්කේ කුමක්ද?

කාලගුණය සම්බන්ධ ඇදුම රෝගී තත්ත්වයන් හි අවදානාම අවම කරගැනීමට ගත හැකි ක්‍රියා මාර්ග කිහිපයක්ම තිබේ. ආසාත්මික කාරක පැමිණෙන මාර්ග වලින් ඉවත් වී සිටීම ප්‍රධාන ක්‍රියා මාර්ගය වේ. වැසි සහ සුළං කාලයේදී හැකි තරම් එළියට නොයා ගෘහස්ථව හෝ ගොඩනැගිලි තුළ රැදී සිටීම වැදගත් වේ. එම කාලගුණික තත්ත්ව වල පළමු මිනිත්තු 30 – 60 කාලය අතර ආසාත්මිකතා කාරකයන් බහුලව ව්‍යාප්ත වීමේ සම්භාවිතාව ඉහළ බව සොයා ගෙන ඇත.

සුළි සුළං කාලයේදී හෝ දරුණු කාලගුණික තත්ත්වයන් හිදී ඔබ ඇදුම රෝගියෙකුනම් ඔබගේ ඇදුම රෝගය සඳහා වෛද්‍යවරයා විසින් නියම කරන ලද බෙහෙත් භාවිත කිරීම තවත් වැදගත් කරුණකි.

Hayfever සඳහා ඔබ ලබාගන්නා බෙහෙත් පෙති සහ නාස් ඉස්නාවන් (nasal sprays) වලින් ඇතැම් විට මෙම රෝගය සඳහා සහනදායී ප්‍රතිපලයක් ගෙන දෙයි.

කෙසේවෙතත්, Thunderstorm Asthma හිදී ආසාත්මිකතා කාරක පෙනහල්ලේ පහළටම ගමන් කරන බැවින් ද නාස් ඉස්නා , නාසය ඉලක්ක කරගැනෙන නිසාවෙන්ද ඔබට ඇතැම් විට සාර්ථක ප්‍රතිපල අත් කරගැනීමට නොහැකි වනු ඇත.

ඔබ දැඩි ලෙස අපහසුතාවට පත්වී ඇතිනම් නොපමාව 000 අමතා උදව් පැතීමට අමතක නොකරන්න.

ඇතැම් විට පූර්ව ඇදුම රෝගී ලක්ෂණ පෙන්නුම් නොකළ පුද්ගලයකුට හෝ ඇදුම රෝගය නොතිබූ පුද්ගලයකුට වුවද Thunderstorm Asthma ආසාදනය වීමේ සම්භාවිතාවක් ඇති බවද හෙළිවී තිබේ.

එනිසා සෑමවිටම කාලගුණික වෙනස්වීම් පිළිබඳ මෙන්ම පරාග සංඛ්‍යාව පිළිබඳවද සැලකිලිමත් වීමෙන් ඔබේ ආරක්ෂාව ඔබටම සලසා ගත හැකිය.

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”




Share

Published

Updated

By Madhura Seneviratne
Source: The Conversation

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service