ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කලාප කිහිපයක් ජුනි 29 සිට දින 3 කට lockdown

Queensland Premier Annastacia Palaszczuk and Chief Health Officer Jeannette Young during a press conference.

Queensland Premier Annastacia Palaszczuk and Chief Health Officer Jeannette Young during a press conference. Source: AAP

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කලාප කිහිපයක් අද (29/06) පස්වරු 6 සිට lockdown කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොනදිග කලාපය, Townsville, Palm Island, සහ Magnetic Island යන ප්‍රදේශ අද (29/06) පස්වරු 6 සිට දින 3 ක් එනම් සිකුරාදා (02/07) පස්වරු 6 තෙක් lockdown කිරීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පියවර ගෙන ඇත.

ගතවූ පැය 24 තුළ සිදුකළ පරීක්ෂණ හරහා ක්වීන්ස්ලන්ත ප්‍රජාව අතරින් අලුතින් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙම තීරණය ගත් බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.

ඒ අනුව කොරෝනා එන්නත ලබා ගැනීමට හෝ කොරෝනා පරීක්ෂණයක් සිදු කරගැනීමට, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට, යමෙකු රැක බල ගැනීමට හෝ සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමට, ව්‍යායාම් කිරීමට සහ රැකියා කිරීමට පමණක් lockdown කළ ප්‍රදේශ වල වැසියන්ට නිවසින් බැහැරව යාමට අවසර ලැබේ.

අද පස්වරු 6 සිට lockdown කෙරෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නගර සභා කලාප

  • Brisbane
  • Ipswich
  • Logan City
  • Moreton Bay
  • Redlands
  • Sunshine Coast
  • Noosa
  • Somerset
  • Lockyer Valley
  • Scenic Rim
  • Gold Coast
  • Townsville
  • Magnetic Island
  • Palm Island

Share

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now