SKIP TO MAIN CONTENT

ක්වීන්ස්ලන්ත Debbie සුළි කුණාටුව ගොඩබිමට පැමිණීමට ආසන්නයි. 9:00 AEDT (SBS සිංහල / පුවත්)

'Monster' Cyclone Debbie hours away from landfall
Source: NOAA

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

Debbie සුළි කුණාටුව උතුරු ක්වීන්ස්ලන්ත වෙරළ තීරයේ  Whitsunday දූපත් වෙත පැමිණීමට ඉතා ආසන්න වන අතර Proserpine සහ Airlie වෙරළ තීරයට දරුණු බලපෑම් ඇතිවිය හැකි බව වාර්තා වේ.

මේ වන විට Debbie සුළි කුණාටුව, category 4 ගණයේ පසුවන අතර වසර හයකට පසුව ක්වීන්ස්ලන්තයට පැමිණි දරුණුතම සුළි කුණාටුව බවට පත්වී ඇත.

මෙහි වේගය පැයට කිලෝ මීටර් 250ක් දක්වා වර්ධනය විය හැකි බවද සඳහන්.

මේ අතර Debbie සුළි කුණාටුව අද (28/03) මධ්‍යහනය වන විට ප්‍රධාන ගොඩබිම් කලාපය වෙත ලඟා වීමට නියමිතව ඇති අතර ඊයේ (27/03) දිනයේ පැවසූ ආකාරයට වඩා පැයක් ප්‍රමාදවී එහි පැමිණීම සිදුවන බව පැවසේ.

නමුත් සුළි කුණාටුවේ රෞද්‍රභාවය මේ වන විටත් දැනී ඇති අතර භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන දුම්රිය ගණනාවක් ශබ්ද නගා දිව යන අයුරින් සුළගේ ශබ්දය ඇසෙන බව වාර්තා වේ.

වෙරළ තීරයට මෙම සුළි කුණාටුවේ ප්‍රමදගත පැමිණීම, එහි ඇති දීර්ඝ භාවය සහ භයානක භාවය පෙන්නුම් කරන බව ක්වීන්ස්ලන්ත පොලිස් කොමසාරිස් Ian Stewart පැවසීය.

මේ අතර සුළි කුනාටුව සහ ආරක්ෂක විධි විධාන සම්බන්ධ අසත්‍ය ප්‍රචාර වලට නොරැවටෙන ලෙස ක්වීන්ස්ලන්ත බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ක්වීන්ස්ලන්තයේ පහත් බිම් වල වෙසෙන 25,000 ක පමණ ජනතාව උස් බිම් වෙත පිටත් කර යවා ඇති බවද වාර්තා වේ.

සුළි කුණාටුව වෙරළ තීරයට පැමිණීමේදී උදම් රළ සහ හදිසි ජල ගැලීම් නිසා එම ප්‍රදේශයේ මාර්ග වලට බාධා ඇතිවිය හැකි බවට බලධාරීන් අපේක්ෂා කරයි.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now