කොවිඩ් වයිරසයට වඩාත් අවදානමට ලක්ව සිටින පුද්ගලයින් සඳහා රජය විසින් සුදුසුකම් පුළුල් කිරීමත් සමඟ තවත් අමතර ඔස්ට්‍රේලියානුවන්ට දැන් COVID-19 ප්‍රතිවෛරස් ප්‍රතිකාර ලබාගත හැකි වී තිබේ.
ජූලි 11 වනදා සඳුදා සිට, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන වයස අවුරුදු 70 ට වැඩි සියලුම ඔස්ට්‍රේලියානුවන් Pharmaceuticals Benefits Scheme (PBS) හරහා මෙම ප්‍රතිවෛරස් සඳහා සුදුසුකම් ලබයි.
Highlights
- ටැබ්ලට් හෝ කැප්සියුලයක් ලෙස ගන්නා ප්‍රතිවයිරස් ප්‍රතිකාර, COVID-19 ආසාදනය දරුණු වීම නැවැත්වීමට උපකාරී වේ.
- Paxlovid සහ Lagevrio යන අයුරින් මෙම වසරේ PBS හි ලැයිස්තුගත කර ඇති මුඛ ප්‍රතිකාර දෙකක් තිබේ.
- මෙම ප්‍රතිවයිරස් ඖෂධ ලබාගැනීමට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට පවුලේ වෛද්‍යවරයෙකු මෙන් බලයලත් නිර්දේශකරුවෙකුගෙන් prescription හෙවත් ඖෂධ වට්ටෝරුවක් අවශ්‍ය වේ.
දරුණු රෝග සඳහා අවදානම් සාධක දෙකක් හෝ වැඩි ගණනක් ඇති වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ටද, අවදානම් සාධක දෙකක් හෝ වැඩි ගණනක් සහිත වයස අවුරුදු 30ට වැඩි ඇබෝර්ජීනියානු හෝ ටොරස් දූපත් වැසියන්ටද මේවා ලබාගත හැකිය.
මෙම මුඛ ප්‍රතිකාර මීට පෙර ඉහළ අවදානම් සාධක සහිත වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ගේ සුළු කණ්ඩායමකට පමණක් සීමා කර තිබුණි.

Source: AAP
Antiviral හෙවත් ප්‍රතිවයිරස් යනු මොනවාද?
ටැබ්ලට් හෝ කැප්සියුලයක් ලෙස ගන්නා ප්‍රතිවයිරස් ප්‍රතිකාර, COVID-19 ආසාදනය දරුණු වීම නැවැත්වීමට උපකාරී වේ.
ප්‍රතිවයිරස් යනු SARS-COV-2 වයිරසය ඉලක්ක කර එය ප්‍රතිවර්තනය කිරීමෙන් හෝ පැවැත්මට සහ ආසාදන ඇති කිරීමට අවශ්‍ය ප්‍රෝටීන සෑදීමෙන් වළක්වන ඖෂධ බව මෙල්බර්න් හි Doherty ආයතනයේ බෝවන රෝග පිළිබඳ වෛද්‍යවරයකු වන මහාචාර්ය Steven Tong පැවසුවේය.
Paxlovid සහ Lagevrio යන අයුරින් මෙම වසරේ PBS හි ලැයිස්තුගත කර ඇති මුඛ ප්‍රතිකාර දෙකක් තිබේ.
විශාල සායනික අත්හදා බැලීම් මගින් ඉහළ අවදානම් සහිත රෝගීන් රෝහල්ගත වීමේ අවදානම Paxlovid සමඟ 90% කින් සහ Lagevrio සමඟ 30% කින් පමණ අඩු කරන බව පෙන්වා දී ඇතැයි මහාචාර්ය Steven Tong පැවසීය.
වයිරසයට අවශ්‍ය ප්‍රෝටීන නිපදවීම වැළැක්වීමට Paxlovid ක්‍රියා කරන බවත්, එබැවින් වයිරසය අක්‍රීය කරන බවත් ඔහු පැවසීය.
Lagevrio මගින් ශරීරය තුළ වයිරසයේ අනුවර්තනය අඩු කරයි.

Paxlovid Pfizer oral antiviral anticovid in tablets. Source: AAP
මෙම ඖෂධ ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ කවුද?
ජූලි 11 වනදා සඳුදා සිට, COVID-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කරන අවුරුදු 70 ට වැඩි ඕනෑම ඔස්ට්‍රේලියානුවෙකුට PBS හි ඖෂධ වෙත ප්‍රවේශ විය හැකි බව සහතික කිරීම සඳහා රජය විසින් නිර්ණායක පුළුල් කර ඇත.
ඊට අමතරව පහත පිරිස් මේ සඳහා සුදුසුකම් ලබයි.
- දරුණු රෝග සඳහා අවදානම් සාධක දෙකක් හෝ වැඩි ගණනක් ඇති වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්
- අවදානම් සාධක දෙකක් හෝ වැඩි ගණනක් සහිත වයස අවුරුදු 30ට වැඩි ඇබෝර්ජීනියානු හෝ ටොරස් දූපත් වැසියන්
- වයස අවුරුදු 18 ට වැඩි ප්‍රතිශක්තිකරණය හීන පුද්ගලයින්
- විවිධ අසනීප තත්වයන් ඇති ආබාධ සහිත පුද්ගලයින්
නිදන්ගත ශ්වසන ගැටළු පුළුල් පරාසයක් ඇතුළත් කිරීමට රජය අවදානම් සාධක ලැයිස්තුව පුළුල් කර ඇත.
සාමාන්‍යයෙන් මේ සඳහා ඩොලර් 1,000කට වඩා වැඩි මුදලක් වැය වන නමුත් concession කාඩ්පත් හිමියන්ට ඩොලර් 6.80කට සහ අනෙක් සියල්ලන්ටම ඩොලර් 40කට පමණ ලබා ගත හැක.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ප්‍රවේශ විය යුත්තේ කෙසේද සහ කවදාද?
මෙම ප්‍රතිවයිරස් ඖෂධ ලබාගැනීමට සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවන්ට පවුලේ වෛද්‍යවරයෙකු මෙන් බලයලත් නිර්දේශකරුවෙකුගෙන් prescription හෙවත් ඖෂධ වට්ටෝරුවක් අවශ්‍ය වේ.
කොවිඩ් වයිරසයට ධනාත්මක බව පරීක්‍ෂා කිරීමෙන් පසු මෙම ප්‍රතිවයිරස් ඖෂධ ලබාගැනීම ඉක්මනින් ආරම්භ කළ යුතු බව රජය සහ සෞඛ්‍ය ප්‍රවීණයෝ පවසති.
ධනාත්මක පරීක්‍ෂණ ප්‍රතිඵලයක් ඇති ඕනෑම අයෙකු මෙම ඖෂධ ලබා ගැනීමට සුදුසුකම් ලබන්නේ දැයි පරීක්‍ෂා කිරීම සඳහා ඔවුන්ගේ වෛද්‍යවරයා හෝ COVID-19 උපකාරක සේවාවේ දුරකථන අංකයක් ඇමතීමට පවුලේ වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු විද්‍යාලයේ උප සභාපති වෛද්‍ය Bruce Willett නිර්දේශ කරයි.
බොහෝ ඖෂධ වට්ටෝරු නිකුත් කරනු ලබන්නේ telephone consultation හෙවත් දුරකථන උපදේශනයක් හරහා බවත්, දැන් රෝගියෙකුගේ ජංගම දුරකථනයට හෝ විද්‍යුත් තැපෑලට ඖෂධ වට්ටෝරු විද්‍යුත් වශයෙන් යැවිය හැකි බවත් ඔහු පැවසීය.