ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ පුහුණු සේවකයින්ට අඩු වැටුප්, දරුණු ශ්‍රම සූරාකෑම් ගැනත් හෙළිවෙයි: SBS සිංහල වාර්තා

ඕස්ට්‍රේලියාවේ පුහුණු සංක්‍රමණිකන් ශ්‍රම සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා නව නීති විමර්ශනය කරන සෙනෙට් කමිටුවකට පිලිපීන ජාතිකයින් දෙදෙනෙකුට සහ තායි කම්කරුවන් දෙදෙනෙකුට දිනකට ඩොලර් 40 ක් සහ ආහාර සහ නවාතැන් සඳහා ඩොලර් 42 ක දීමනාවක් ගෙවන බවට අනාවරණය වී තිබේ.

Skilled migrant workers

Source: Pexels / Kateryna Babaieva


Highlights

  • ඕස්ට්‍රේලියාවේ පුහුණු සංක්‍රමණික සේවකයින් හට දිනකට $40ක් දුන් බවට හෙළිවේ
  • පුහුණු සංක්‍රමණික සේවකයින් සූරාකෑමෙන් ආරක්ෂා නොකිරීම ගැන මොරිසන් රජයට චෝදනා

ඕස්ට්‍රේලියාවේ පුහුණු සංක්‍රමණික සේවකයින් හට දිනකට $40ක් දුන් බවට හෙළිවේ

2018 වසරේදී උතුරු ක්වීන්ස්ලන්තයේ Townsville නගරයෙන් පිටත "සූර්ය බලශක්ති" ඉදිකිරීමේ ව්‍යාපෘතියක පිලිපීන ජාතිකයින් දෙදෙනෙකු සහ තායි ජාතික කම්කරුවන් දෙදෙනෙකු හට සිදුවූ අසාධාරණයක් සම්බන්ධයෙන් පසුගිය බදාදා විමර්ශනයක් සිදු කොට තිබේ.

මෙහිදී, පුහුණු සංක්‍රමණික සේවකයින් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා නව නීති විමර්ශනය කරන සෙනෙට් කමිටුවට දැනගැනීමට ලැබී ඇත්තේ පිලිපීන ජාතිකයින් දෙදෙනෙකුට සහ තායි සේවකයින් දෙදෙනෙකු හට දිනකට ඕස්ට්‍රේලියානු ඩොලර් 40 ක් සහ ආහාර සහ නවාතැන් සඳහා ඩොලර් 42 ක දීමනාවක් පමණක් ගෙවා ඇති බවයි. මෙම මුදලින් ඔවුන්ට දිනකට වේල් තුනක් සඳහා සාමාන්‍යයෙන් සුදු බත් පමණක් අනුභව කිරීමට හැකි වූ බවද පරීක්ෂණයකින් හට අසන්නට ලැබුණු බව වාර්තා වේ.

Skilled migrant workers
Source: Pexels / Ivan Samkov

මොවුන් වීසා උප පන්ති 400 - short-stay specialist වීසා යටතේ ඔස්ට්‍රේලියාව තුල රැඳී සිට ඇති අතර ඔවුන් හට බලපත් සහිත පිරිස සිදු කරන "විදුලිය ආශ්‍රිත කටයුතු" සිදු කිරීමට සිදුව තිබේ. නමුත් මෙම සේවකයින් හට මේ සඳහා බලපත්‍ර නොමැතිව පවා එම ආයතනය සේවයට බඳවාගෙන ඇති බවද මෙහිදී හෙළිව තිබේ.

මෙම සේවකයින් බඳවාගත් සේවා යෝජකයා නීතීඥයින් මගින් සඳහන් කොට ඇත්තේ තම ආයතනය කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු කොට නොමැති අතර ඔවුනට ගෙවීමක් සිදු කිරීමට බැඳී නොමැති බවයි.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


නමුත් පසුව වැටුප් ඉහල දැමීම ඔස්සේ මෙම ගැටලුව සමතයකට පත්කළ බව වාර්තා වේ.

පුහුණු සංක්‍රමණික සේවකයින් සූරාකෑමෙන් ආරක්ෂා නොකිරීම ගැන මොරිසන් රජයට චෝදනා

මෙම පුහුණු සංක්‍රමණික සේවකයින් හට සිදුව ඇති අසාධාරණය සම්බන්ධයෙන් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි විදුලි වුර්තීය සමිතිය සඳහන් කොට සිටියේ මෙවැනි උදාහරණ රැසක් තිබියදීත් ඕස්ට්‍රේලියානු රජයේ පවතින නීති මගින් කිසිවක් සිදු කල නොහැකි බවයි. සේවා යෝජකයා මෙවැනි අසාධාරණයක් සිදු කලද, එම සේවා යෝජකයාට එරෙහිව ක්‍රියා කිරීම සඳහා නීතියෙන් කිසිදු බලයක් නොමැති බවද ඔවුන් පෙන්වා දී තිබේ.

එමෙන්ම ඔවුන් මෙම විමර්ශන සිදු කල සෙනෙට් කමිටුවට සඳහන් කොට ඇත්තේ තවදුරටත් මේ පවතින දුර්වල නීති සමග යාම වෙනුවට ඒ සඳහා ශක්තිමත් ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවන් දැන් පවතින බවයි.

Skilled migrant workers
Source: Pexels / Pavel Chernonogov

මීට වසර දෙකකට පමණ පෙර භාර දුන් "සේවක කාර්ය සාධක බලකා" වාර්තාවේ නිර්දේශ 22 ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය කටයුතු කල යුතු අතර මේ වනවිට පුහුණු ශ්‍රමික වීසා හිමියන් සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සැලකීම කණගාටුදායක වන බවත් ඔවුන් පෙන්වා දී තිබේ.

ඕස්ට්‍රේලියානු පුරවැසියකු නොවන අයකු හට ඇතැම් රාජකාරි සඳහා වන විධිවිධාන පිළිගැනීමට හෝ එකඟ වීමට බල කිරීම මෙන්ම අනිසි බලපෑම් කිරීම අපරාධයක් සහ සිවිල් දඬුවම් ලැබිය හැකි බවට නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පතෙහි දැක්වේ.

එමෙන්ම එමගින්, පුරවැසියන් නොවන පිරිසට අතිරේක සේවකයින් වශයෙන් කටයුතු කිරීමට ඉඩ සැලසීම සිදු කළහොත්, එම සේවා යෝජකයන් නිශ්චිත කාලයකට තහනම් කිරීමටද හැකියාව පවතී.

Skilled migrant workers
Source: Pexels / Andrea Piacquadio

ඕස්ට්‍රේලියාවේ රැකියා සම්බන්ධ නීති කඩ කිරීම් පිළිබඳව කටයුතු කිරීමට ඕස්ට්‍රේලියානු දේශසීමා බලකායටද බලතල තිබේ.

කෙසේ නමුත් මේ සියල්ල ඔස්සේ සංක්‍රමණික සේවකයින්ගේ ආරක්ෂාව ශක්තිමත් කෙරෙන අතර නීතිගරුක සේවායෝජකයින් යටපත් නොවනු ඇති බවට ඕස්ට්‍රේලියානු රජය විශ්වාස කරයි.


3 min read

Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now