ඔස්ට්‍රේලියාවේ බෙරික් විහාරයේ නව සංස්කෘතික සහ සිංහල භාෂා පාසල් ගොඩනැගිල්ල විවෘත කෙරේ

New Cultural and Sinhala Language School Building at Berwick Shakyamuni Sambuddha Vihara in Australia Inaugurated

Source: Supplied: Berwick Shakyamuni Sambuddha Vihara

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ අභිනවයෙන් ඉදි කරන ලද නව සංස්කෘතික සහ සිංහල භාෂා පාසල් ගොඩනැගිල්ල නිල වශයෙන් විවෘත කිරීම පසුගිය දෙසැම්බර් 12 වන දින සිදු කෙරිණි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රේගු, ප්‍රජා ආරක්ෂාව සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය Jason Wood සහ සෙනට් සභික David Van විසින් මෙම විවෘත කිරීම සිදු කරන ලදී.

New Cultural and Sinhala Language School Building at Berwick Shakyamuni Sambuddha Vihara in Australia Inaugurated
Source: Supplied: Berwick Shakyamuni Sambuddha Vihara

මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කපිල ෆොන්සේකා මහතා විහාරස්ථාන කමිටු සාමාජිකයින්, ස්වේච්ඡා සේවකයන් සහ දායක සභාව ද එම උත්සව අවස්ථාවට සහභාගී වී සිටියහ.

ප්‍රාදේශිය මන්ත්‍රීවරයෙකු ලෙස සහ සහකාර අමාත්‍යවරයා ලෙස නව සංස්කෘතික සහ සිංහල භාෂා පාසල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මෙම මුදල් ප්‍රතිපාදන රජයෙන් ලබාගැනීමට හැකිවීම සතුටට කරුණක් බව සහකාර අමාත්‍ය Jason Wood එහිදී පැවසීය.

මව් භාෂාව ඉගෙන ගැනීමේ වැදගත්කම තමන් දන්නා බවත් ප්‍රජා භාෂා පාසල් ඔස්ට්‍රේලියාව තුළ ශක්තිමත් ප්‍රජාවන් සහ සමාජ සහජීවනය ගොඩනැගීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන බවත් ඔහු එහිදී පැවසීය.

New Cultural and Sinhala Language School Building at Berwick Shakyamuni Sambuddha Vihara in Australia InauguratedS
Source: Supplied: Berwick Shakyamuni Sambuddha Vihara

"මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රජා සංවර්ධන ප්‍රදාන යෝජනා ක්‍රමය යටතේ ඩොලර් 780,000ක් ලබා ගැනීමට හැකිවීම ගැන මම සතුටු වෙනවා. මෙම ගොඩනැගිලි පහසුකම ශ්‍රී ලාංකීය ප්‍රජාවට සහ ප්‍රදේශයේ පුළුල් ප්‍රජාවට භාවනාව ප්‍රගුණ කිරීමට සහ සිංහල භාෂාව ඉගෙනීමට අවස්ථාව සලසා දෙනු ඇති." යනුවෙන්ද සහකාර අමාත්‍ය Jason Wood වැඩිදුරටත් සඳහන් කළේය.

පන්තිකාමර, පුස්තකාලයක්, වේදිකා පහසුකම්, බහුකාර්ය ශාලාවක්, av කාමරයක්, සේවක කාමරයක් ඇතුළු විවිධ අංගවලින් මෙම ගොඩනැගිල්ල සමන්විතය.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

2 min read

Published



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now