නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයෙන් දෙමපියවරුන්ට වැටුප් සහිත තවත් අලුත් නිවාඩු වර්ග දෙකක් (SBS සිංහල/ වාර්තා)

දරුවෙකු ගබ්සා වීමෙන් පසු රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

Pregnancy

Source: AAP

දරුවෙකු ගබ්සා වීමෙන් පසු (miscarriage) රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් සහිත නිවාඩු හඳුන්වා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා මෙවැනි අන්දමේ වැටුප් සහිත නිවාඩු හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ පළමු ප්‍රාන්තය බවට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය පත්වනු ඇත.


Highlights

  • දරුවෙකු ගබ්සා වීමෙන් පසු රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.
  • පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන, ස්ථිර හෝ තාවකාලික පදනම් මත සේවය කරන ඕනෑම සේවකයෙකු මෙම නිවාඩු සඳහා සුදුසුකම් ලබයි.
  • නොමේරූ ළදරුවන් සිටින දෙමාපියන් සඳහා ද වැටුප් සහිත විශේෂ නිවාඩු ලබාදීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර ඇත.

දරුවෙකු ගබ්සා වීමෙන් පසු රාජ්‍ය අංශයේ සේවකයින් සඳහා වැටුප් සහිත නිවාඩු

පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන, ස්ථිර හෝ තාවකාලික පදනම් මත සේවය කරන ඕනෑම සේවකයෙකු මෙම නිවාඩු සඳහා සුදුසුකම් ලබයි.

ගර්භනී සමයේ සති 20 ක කාලයක් තුළ ගබ්සා වීමක් සිදුවුවහොත් (miscarry a baby) දින 5 ක නිවාඩුවකට හිමිකම් කිව හැකිය.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අය වැය ඉදිරිපත් කිරීමේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet මේ බව පැවසුවේය.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශාලතම සේවායෝජකයා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය බවත් සේවක සුබ සාධනය උදෙසා එය ප්‍රතිසංස්කරණය කිරීමට නායකත්වය දිය යුතු බවත් ඔහු එහිදී පැවසීය.

රාජ්‍ය අංශය සඳහා හඳුන්වාදුන් මෙම නිවාඩු ක්‍රමය පුද්ගලික අංශයද අනුගමනය කරනු ඇතැයි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික දෙපාර්තමේන්තු බලධාරීහු විශ්වාස කරති.
NSW Treasurer Dominic Perrottet has announced that the state's public sector employees will be able to get five days' leave after the miscarriage of a child.
وزير خرانة نيو ساوث ويلز دومينيك بيروتيه Source: AAP
"ගැබ්ගෙන මුල් අවධියේදී පවා දරුවෙකු අහිමි වීම අතිශය ඛේදජනක තත්ත්වයක් බව අපි දන්නවා. එවැනි ආකාරයේ ඛේදනීය තත්ත්වයක් උද්ගත වූ විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සේවකයින් පිටුපස ප්‍රාන්ත රජය සිටින බව ඔවුන්ට අප ඒත්තු ගැන්විය යුතුයි." යනුවෙන් ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet පැවසුවේය.

වර්තමානයේදී එවැනි අන්දමේ ඉරණමකට මුහුණ පෑ විට අදාළ දෙමාපියන්ට අසනීප නිවාඩු හෝ වාර්ෂික නිවාඩු හෝ ලබාගත යුතුය.

"එය අනුමත කළ නොහැකියි, එවැනි අන්දමේ සිදුවීමක් අසනීපයක් නෙමෙයි, එය අහිමිවීමක්, එම තත්ත්වය අවබෝධ කරගත යුතුයි." යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

නොමේරූ ළදරුවන් සිටින දෙමාපියන් සඳහා ද විශේෂ නිවාඩු

නොමේරූ ළදරුවන් සිටින දෙමාපියන් සඳහා ද වැටුප් සහිත විශේෂ නිවාඩු ලබාදීමට අදහස් කරන බව එහිදී ඔහු විසින් නිවේදනය කරන ලදී.

මෑතදී එවැනි අත්දැකීමකට මුහුණ දුන් Colette සහ Colman O'Driscoll වැනි යුවළ හට සහය වීම එහි අරමුණ වී තිබේ.

එම යුවළ රාජ්‍ය සේවයේ සේවය කරන යුවලක් වන අතර සති 12 කට පෙර තම පුතා ඉපදුණු පසු අලුත උපන් දරුවන්ගේ දැඩි සත්කාර ඒකකයේ ඔහු ජීවිතය වෙනුවෙන් සටන් කරන ආකාරය දෙස සති 13 ක් බලා සිටීමට ඔවුන්ට සිදුවිය.

ඔවුන්ගේ දරුවාගේ උපත ග්‍රෑම් 685 ක් විය.

නමුත් දරුවා ඉපදුණු දින සිට අදාළ මවගේ මාතෘ නිවාඩු ආරම්භ විය.

එවැනි තත්ත්වයක් යටතේ අදාළ දරුවා වෙනුවෙන් වැඩිපුර වැය කිරීමට නිවාඩු නොමැතිවීම ද මානුෂීය සලකා බැලිය යුතු බව භාණ්ඩාගාරික අමාත්‍ය Dominic Perrottet සඳහන් කළේය.

මෙම නිවාඩු සති 14 ක වැටුප් සහිත දෙමාපිය නිවාඩු වලට අමතරවලබාගත හැකිය.

මෙම සියලුම නව නිවාඩු වර්ග 2021 ජූලි 01 සිට ක්‍රියාත්මක වීම ආරම්භ වේ.

Share

Published

By Madhura Seneviratne
Source: AAP

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයෙන් දෙමපියවරුන්ට වැටුප් සහිත තවත් අලුත් නිවාඩු වර්ග දෙකක් (SBS සිංහල/ වාර්තා) | SBS Sinhala