දේශ සීමා වසා තිබුණත් දෙමාපියන්ටත් දැන් ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර (SBS සිංහල/ වාර්තා)

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබුණේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට පමණි.

Parents to be classified as ‘immediate family’ for travel to Australia

Parents to be classified as ‘immediate family’ for travel to Australia Source: Getty Images/Jose Luis Pelaez

Highlights

  • ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී ඇති ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින් අතරට ඔවුන්ගේ දෙමාපියන්ද ඇතුළත් කර තිබේ.
  • පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇති දෙමාපියන්ට නොවැම්බර් 01 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නිරෝධායනය නොවී පැමිණිය හැකිය.
  • තම දෙමාපියන් මේ කාලයේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට බොහෝ ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් දැඩි අරගලයක නිරත විය.

කොවිඩ් වසංගතය අතරේ ඔස්ට්‍රේලියාවට පැමිණීමේදී ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ සහ ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන් සමීපතම පවුලේ සාමාජිකයින් (immediate family) ලෙස සලකන බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison අද (15/10) නිවේදනය කළේය.

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල හා ටෙරිටරිවල පූර්ණ කොවිඩ් එන්නත්කරණය 80% මට්ටමට ළඟා වූ පසුව ඔවුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකි බවද අගමැති මොරිසන් පැවසුවේය.

දෙමාපියන්ට පැමිණීමට අවසර

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබා දී තිබුණේ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට පමණි.

නමුත් එම සමීපතම පවුලේ සාමාජිකයින්ට දෙමාපියන් අයත් වී නොතිබුණි.

එනිසාම මෙම පුවත ඔස්ට්‍රේලියාවේ සිටිනා බොහෝ දෙනෙකුට ඉතාම සුබදායි පුවතක් වන බවට තමන්ට විශ්වාස බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison අද (15/10) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී පැවසුවේය.

මේ අතර යම්  ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුගේ හෝ ස්ථිර පදිංචිකරුවෙකුගේ හෝ දෙමාපියන් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇතිනම් ඔවුන්ට නොවැම්බර් 01 සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට නිරෝධායනය නොවී පැමිණිය හැකිය.

නමුත් ඔවුන් ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදුන් කොවිඩ් එන්නත් පමණක් ලබා තිබිය යුතු බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටියි.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය මෙන් ඔස්ට්‍රේලියාවේ අනෙක් ප්‍රාන්ත හා ටෙරිටරිවලටද ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ හා ස්ථිර පදිංචිකරුවන්ගේ දෙමාපියන් ගෙන්වා ගැනීම ක්‍රියාත්මක කරන ලෙස තමා දැනුම් දුන් බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.

දෙමාපියන් ගෙන්වා ගැනීමට අරගල කිරීම

තම දෙමාපියන් මේ කාලයේ ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට බොහෝ ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිකරුවන් දැඩි අරගලයක නිරත විය.

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා පසුගිය වසරේ මාර්තු මාසයේදී වසා දැමීමත් සමග ඔවුන්ට විදෙස් රටවල සිටින තම දෙමාපියන් බැලීමට හෝ එම දෙමාපියන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හෝ නොහැකි විය.

ඒ අතරේ පළමු වරට මව් පදවිය ලැබූ බොහෝ කාන්තාවන්ට තම දරු උපතේදී දෙමාපියන් ගෙන්වා ගැනීමට නොහැකි වී තිබුණි.

එනිසාම මෙම තත්ත්වයට විරෝධය පෑම් ගණනාවක් පසුගිය කාලය පුරාවටම ඔස්ට්‍රේලියාවේ විවිධ ස්ථානවලදී පැවැත්වුණි.

Passengers are reunited with loved-ones after arriving on the first flight from Melbourne at the Brisbane Domestic Airport (AAP)
Source: AAP

දේශ සීමා වසා දමා තිබියදී වුවද ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි අවසරලද පිරිස්

Individual exemption හෙවත් තනි පුද්ගලයෙකු ලබා ගන්නා අවසරයකින් තොරව වුවද ඔබ විශේෂයෙන් නම් කරන ලද ඛාණ්ඩවලින් එක් අයෙකු නම් දේශ සීමා වසා දමා තිබියදී වුවද ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකිය.

එම ඛාණ්ඩවලට අයත් කවුරුන්දැයි පහත ලිපියෙන් දැනගන්න.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.



Share

2 min read

Published

Updated

By Rashida Yosufzai, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now