උතුරු නැගෙනහිර ජනතාව තුළ රජය හා යුද්ධ හමුදාව පිළිබඳ ඇති විශ්වාසය පළුදු වන අයුරින් දේශන පවත්වන හා සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට යුධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන්නැයි යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා හමුදා අංශවලට උපදෙස් ලබා දී තිබේ.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංහිඳියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කිරීම මුළුමනින්ම හෙළා දැකිය යුතු බව ද එම උපදෙස්වල සඳහන්ව ඇත. වසර 30 කට ආසන්න කාලයක් යුධමය ක්‍රියාමාර්ග තුලින් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට යුධ හමුදාව මහත් පරිශ්‍රමයක් දරන ලද අතර යුද්ධයෙන් පසුව දැනුදු යුද්ධයෙන් හානියට පත් ප්‍රදේශ යථාතත්වයට ගැනීම සහ ජනතාව අතර සංහිඳියාව ගොඩනැංවීමට ශ්‍රී ලංකා යුධ හමුදාව මහත් උත්සාහයක් ගනිමින් සිටින බවත් යුධ හමුදාපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා තම නිවේදනයෙන් දන්වා සිටි.
මින් මතුවට ශ්‍රී ලංකා යුධ හමුදාව, සංහිඳියාවට බාධා කරන්නන් සහභාගී වන කිසිදු උත්සවයකට සහභාගී වීමට හෝ කිසිදු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දැක්වීමක්ද සිදු නොකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දී ඇත.
යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතා නිකුත්කළ උපදෙස් ලිපිය පහත දැක්වේ


