Highlights
- COVID-19 පරීක්ෂණ වියදම් පෙන්වා බදු අඩු කරගැනීමට හැකි බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා පවසයි
- බොහෝ ප්‍රාන්ත COVID-19 ආසාදනවල උච්චතම අවස්ථාව පසු කර ඇතැයි අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි
COVID-19 පරීක්ෂණ වියදම් පෙන්වා බදු අඩු කරගැනීමට හැකි බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරිකවරයා පවසයි
ව්‍යාපාරිකයන් සහ තනි පුද්ගලයන් හට, ඔවුන් භාවිත කල rapid antigen පරීක්ෂණ සඳහා ගිය වියදම් මගින් බදු අඩු කිරීමේ සහන ලබා දෙන බව ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Josh Frydenberg පවසයි.
භාණ්ඩාගාරිකවරයා අද සඳහන් කොට සිටියේ, මෙම පරීක්ෂණ කට්ටල සඳහා වන බදු පිළිබඳ අවිනිශ්චිතභාවය ඉවත් කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මේ අනුව ඔහු සඳහන් කොට සිටියේ, රැකියා සඳහා යාමේ අරමුණින් සහ වෙනත් අත්‍යවශ්‍ය කටයුතු හේතුවෙන් COVID-19 පරීක්ෂණ වලට ගිය වියදම් බදු ගෙවීමේදී පෙන්වීම ඔස්සේ බදු අඩු කරගැනීමට හැකි බවට සහතික වන බවයි.
එමෙන්ම මෙම කාර්යයේදී සේවකයින්ට COVID-19 පරීක්ෂණ කට්ටල සපයන සේවා යෝජකයින් විසින්, ආන්තික ප්‍රතිලාභ බද්දක් අය නොකරන බවට සහතික වන බවත් භාණ්ඩාගාරිකවරයා පැවසීය.
බොහෝ ප්‍රාන්ත COVID-19 ආසාදනවල උච්චතම අවස්ථාව පසු කර ඇතැයි අග්‍රාමාත්‍ය Scott Morrison පවසයි
මේ අතර ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කොට සිටියේ ඔස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා සිසුන්ට, බැක්පැකර්වරුන්ට සහ දක්ෂ සංක්‍රමණිකයන් හට අර්ධ වශයෙන් විවෘත කිරීමෙන් පසු සංචාරකයින් සඳහා විවෘත කිරීම සිදු කරන බවයි.

එමෙන්ම මේ වනවිට බොහෝ ප්‍රාන්ත COVID-19 ආසාදනවල උච්චතම අවස්ථාව පසු කර ඇති බවත් ඔහු පැවසීය.
මෙම දේශසීමා යලි විවුර්ත කිරීම ඔස්ට්‍රේලියාව තුල රෝහල් පද්ධතියට බලපාන ආකාරය සම්බන්ධයෙන් රජය මෑත සතිවල සෞඛ්‍ය නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලූ බවත් ඔහු පැවසීය. එමෙන්ම අග්‍රාමාත්‍ය Scott Morrison පැවසුයේ මේ වනවිටත් දක්ෂ සංක්‍රමණිකයින් හට /බැක්පැකර්වරුන්ට සහ සිසුන් හට ඔස්ට්‍රේලියාවට පැමිණීමට හැකියාව පවතින බවයි.
මේ අතර,මේ සම්බන්ධයෙන් පවතින තොරතුරු වල පවතින මද කම පිළිබඳව සැලකිලිමත් වන බව කම්කරු පක්ෂ ස්වදේශ කටයුතු ප්‍රකාශිකා Kristina Keneally පවසයි.

ඇය සඳහන් කොට සිටින්නේ ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා දේශසීමා නැවත විවෘත කිරීම සඳහා පැහැදිලි සහ ආරක්ෂිත සැලැස්මක් සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය දීම නතර කරන තුරු, ඕස්ට්‍රේලියානු පවුල්වලට සහ ව්‍යාපාරවලට වඩා හොඳ අනාගතයක් සැලසුම් කිරීමට නොහැකි වනු ඇති බවයි.
පසුගිය පැය 24ක කාලය තුලදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 7,437 ක් වාර්තා වූ අතර කොවිඩ් මරණ 14 ක් වාර්තා විය.
එමෙන්ම පසුගිය පැය 24ක කාලය තුලදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් නව කොවිඩ් ආසාදිතයින් 8,275 ක් වාර්තා වූ අතර කොවිඩ් මරණ 07 ක් වාර්තා විය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 4,701 ක් සමග කොවිඩ් මරණ 19 ක් සහ ටස්මේනියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 443 ක් වාර්තා විය.

