COVID-19 වසංගතය ඔස්ට්‍රේලියාවෙන් මර්දනය කිරීමේ නව වැඩපිළිවෙලක් ඔස්ට්‍රේලියානු අග්‍රමාත්‍ය Scott Morrison අද (02/07) හෙලිදර්ව්ම් කළේය.
අද පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම නව වැඩපිළිවෙල අනුමත කර තිබේ.
Highlights
- මෙම සැලැස්මේ මූලික අරමුණ වී ඇත්තේ COVID-19 මර්දනය කර ඔස්ට්‍රේලියාව වයිරසයට පෙර පැවති තත්ත්වයට ආපසු ගෙන යාමය.
- මෙය අදියර 4 කින් සමන්විත වැඩසටහනකි.
- මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත්තේ lockdown කිරීම් සහ සංචරණ සීමා කිරීම් අවසන් කිරීමට හැකිවන පරිදි බව අගමැති මොරිසන් පැවසීය.
COVID-19 වසංගතය ඔස්ට්‍රේලියාවෙන් මර්දනය කිරීමේ නව වැඩපිළිවෙල
COVID-19 මර්දනය කර ඔස්ට්‍රේලියාව වයිරසයට පෙර පැවති තත්ත්වයට ආපසු යාම මෙම සැලැස්මේ මූලික අරමුණ වී තිබේ.
මෙය අදියර 4 කින් සමන්විත වැඩසටහනකි.
සෑම නව අදියරකම කොරෝනා එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලත් ජනගහනයෙන් ප්‍රකාශිත ප්‍රතිශතයකට එන්නත් ලබාදිය යුතුවේ.
මෙම වැඩපිළිවෙල සැලසුම් කර ඇත්තේ lockdown කිරීම් සහ සංචරණ සීමා කිරීම් අවසන් කිරීමට හැකිවන පරිදි බව අගමැති මොරිසන් පැවසීය.
මෙම සිව් අදියර සැලැස්ම පදනම් වී ඇත්තේ Alpha සහ Delta COVID-19 යන ප්‍රභේද දෙකම ප්‍රජාවේ පැතිරීම මර්දනය කිරීමට අදාළ ප්‍රජාවේ මිනිසුන් කී දෙනෙකුට කොරෝනා එන්නත් කිරීම් අවශ්‍ය වනවාද යන Doherty ආයතනය විසින් නිර්මාණය කරන ලද ආකෘතිය මතය.

Australian Prime Minister Scott Morrison holds up a COVID19 vaccination leaflet as speaks to the media during a press conference at Parliament House in Canberra Source: AAP
පළමු අදියර: 'Pre-vaccination' හෙවත් පූර්ව එන්නත්කරණය
ඔස්ට්‍රේලියාව දැන් සිටින්නේ මෙම අදියරේ බව අගමැති මොරිසන් පැවසීය.
මෙහිදී ජාතික එන්නත් කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සිදුවේ.
මෙම අදියරේදී අවසාන තුරුම්පුව ලෙස පමණක් lockdown නීති අනුගමනය කළ යුතු බවට ජාතික කැබිනට් මණ්ඩලය එකඟ වී තිබේ.
එමෙන්ම මෙහිදී විකල්ප නිරෝධායන ක්‍රම ද අත්හදා බැලීම් ආරම්භ වනු ඇත.
දැනට පවතින Medicare එන්නත් සහතිකය හරහා කොරෝනා එන්නත ලැබුවේ කවුරුන්ද යන්න තීරණය කරනු ඇති බවත් ඒ සඳහා දුරකථන වැනි ඉලෙක්ට්‍රොනික උපාංග හරහා ප්‍රවේශ වීම පහසු කෙරෙනු ඇත.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download) 
දෙවැනි අදියර: 'Post-vaccination' හෙවත් පශ්චාත් එන්නත්කරණය
COVID-19 හි ප්‍රතිඵලයක් ලෙස බරපතල රෝගාබාධ, රෝහල්ගතවීම් සහ මරණ අවම කිරීම සඳහා උත්සාහ කරන අවධියකට යාම මෙහිදී සිදුවේ.
මෙම අදියරේදී බොහෝ කොරෝනා නීති ලිහිල් කෙරෙනු ඇති අතර lockdown තත්ත්ව සිදුවන්නේ බරපතල ආකාරයෙන් මිනිසුන් රෝහල්ගත වීම් සහ මරණ ඇතිවීම් සිදුවේනම් ඒවා  වැළැක්වීම සඳහා පමණි.
විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානුවන්ගේ සතියක සංඛ්‍යාව පෙර මට්ටමට ගෙන ඒමට මෙම අදියරේදී හැකිවේ.
පළමු අදියරේදී පවත්වන ලද අත්හදා බැලීම් මත පදනම්ව කොරෝනා එන්නත ලබාගත් ඔස්ට්‍රේලියානුවන් සඳහා නව නිරෝධායන කටයුතු පුළුල් කරනු ඇත.
නිරෝධායන පහසුකම් මත ජාත්‍යන්තර සිසුන් සහ අනෙකුත් තාවකාලික වීසා ලාභීන් ද සීමාවක් ඇතිව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම ආරම්භ කිරීමට මෙම අදියරේදී සලකා බැලීමට නියමිතවේ.

A women pushing a pram is seen crossing an empty Elizabeth Street during lockdown in Brisbane, Wednesday, June 30, 2021. Source: AAP
තුන්වන අදියර: 'Consolidation' හෙවත් ඒකාබද්ධ කිරීම
Flu වැනි වෙනත් බෝවන රෝග සඳහා මහජන ප්‍රතිචාරයන්ට අනුකූලව COVID-19 කළමනාකරණය කිරීම මෙම අදියරේ පරමාර්ථය වේ.
ඒ අනුව මෙම අදියරේදී lockdown නීති නැති බව අගමැති මොරිසන් පැවසීය.
එමෙන්ම COVID-19 නිසා මිනිසුන් රෝහල්ගත වීම සහ මරණ අනුපාතය අනෙකුත් හොඳින් පාලනය කළ ආසාදන වලට සමාන මට්ටමකට මෙහිදී ගෙන එන බව අගමැති මොරිසන් සඳහන් කළේය.
කොරෝනා එන්නත් ලබා ඇති පුද්ගලයින් සඳහා පිටතට සංචාරය කිරීමට පනවා ඇති සීමාවන් ඉවත් කිරීම සහ වෙනත් රටවල් සඳහා සීමා රහිත සංචාරක බුබුලු දිගු කිරීම ද මෙහිදී සිදුවේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම සීමා කරන ලද ජාත්‍යන්තර සිසුන්, තාවකාලික හා සංක්‍රමණික වීසා මෙන්ම මානුෂීය වීසා ලාභීන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ දැමීමටද අපේක්ෂිතය.

Photo used for representation purposes only. Source: AAP Image/Lukas Coch
සිව්වන අදියර: යළි සාමාන්‍ය අතට
මෙම අදියරේදී නිරෝධායනය වීමකින් තොරව කොරෝනා එන්නත ලබාගත් පුද්ගලයින්ට කිසිදු පුද්ගල සීමාවකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර හිමිවේ.
එමෙන්ම කොරෝනා පරීක්ෂණ හා විශේෂිත ගුවන් යානා මගින් පැමිණීම වැනි කරුණු මත කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයින් ද සීමාවකින් තොරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට මෙහිදී අවසරය හිමිවේ.
ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය සහ Australian Industry Group විසින් මෙම යෝජිත සැලැස්ම පිළිගෙන තිබේ.












