ඔස්ට්‍රේලියානු ජන සංගණනයේදී, ඉංග්‍රීසි භාෂාවට අමතරව නිවසේදී "සිංහල" භාෂාව භාවිත කරන බවට සඳහන් කිරීම මගින් ඕස්ට්‍රේලියාවේ සිටින සිංහල පිරිසට හිමි වන අනාගත ප්‍රතිලාබ පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකික ප්‍රජාවේ අදහස් වලට සවන් දෙන්න මෙම මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංසදයේ මහජන සම්බන්ධතා නිලධාරී කරුණාසේන කහටපිටිය
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිංහල සංස්කෘතික සංසදයේ අධ්‍යාපනය පිළිබඳව වන උප සභාපතිනිය වන නදී මීමැඩුම
- දකුණු ඕස්ට්‍රේලියාවේ සමාජ ක්‍රියාකාරිනියක වන චේතිකා පෙරේරා
- වික්ටෝරියා ප්‍රාන්තයේ සමාජ ක්‍රියාකරුවකු වන ලයනල් බෝපගේ
- වික්ටෝරියා ප්‍රාන්තයේ අසංක ප්‍රදීප්
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා
ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
Share






