1. ඔබට කුමන ආකාරයේ රැකියාවක් සුදුසු දැයි තීරණය කරන්න
ඕස්ට්‍රේලියාවේ පුර්ණ කාලීන, අර්ධ කාලීන , තාවකාලික (casual) , කොන්ත්‍රාත් හෝ තමන් විසින්ම ව්‍යාපාර ආරම්බ කිරීමේ හැකියාව ඇත. අන්තර්ජාලය හා මිතුරන්ගෙන් විමසනන.

2. රැකියාවක් සෙවීමේ නිශ්චිත කාලයක් හා ඊ මේල් ලිපිනයක් අවශ්‍යයි
බොහෝ ආයතන ඔබට රැකියා ඉල්ලුම් පත් ඊ මේල් මගින් එවීමට ඉල්ලුම් කරන නිසා ඒ සඳහා සුදුසු වෘතීය මට්ටමේ ඊ මේල් ලිපිනයක් සකසන්න.

3. .ඔබේ ජීව දත්ත එක් කල Resume එකක් සකසා අමතර ලිය කියවිලිද සකසා ගන්න
Resume එක රැකියාවක් සෙවීමට ඉතා අවශ්‍යයි. එහි රැකියා ආයතන සොයන සුදුකම් ඔබ ඇතුලත් කල යුතුයි. එම අලියා කියවිලි USB උපකරණයක හෝ ගබඩා කර තබන්න. පහත වෙබ් අඩවියෙන් Resume පිළියෙළ කිරීමේ උපදෙස් ලබා ගත හැක.
http://www.careercentre.dtwd.wa.gov.au/toolsandresources/resumebuilder/Pages/ResumeBuilder.aspx

4. Centrelink හා අනෙකුත් රැකියා සොයන ආයතන සමග ලියා පදිංචි වන්න
Centrelink හා Job Services Australia වැනි ආයතන මගින් රැකියා සොයා ගැනීමට නොමිලේ උපදෙස් ලබා දේ. ඔබ Centrelink දීමනා ලබන කෙනෙක් නම් ඔබටද රැකියාවක් සොයා ගැනීමට උපකාර ලැබේ.
https://www.employment.gov.au/news/job-services-australia-support-job-seekers-and-employers

5. ආයතන හා ඔබේ සබඳතා ප්‍රයෝජනයට ගන්න
ඔබේ මිතුටන් හෝ පවුලේ ය මගින් රැකියා අවස්ථා පිලිබඳ සොයා බලන්න , ඉන්පසුව ඒවා පිලිබඳ තව සොයා බලන්න. රැකියා ස්ථාන වලට කතා කර අවස්ථා සොයා බලන්න

මේ පිලිබඳ භාශා 15කින් උපදෙස් ඔබට ලබා ගත හැකියි රැකියා පිලිබඳ දෙපාර්තමේන්තුවෙ පහත වෙබ් අඩවියෙන් තොරතුරු ලබා ගත හැකියි
https://employment.gov.au/
මේ පිලිබඳ සම්පුර්ණ තොරතුරු ඇතුලත් විශේශාන්ගයට සවන්දෙන්න අඟහරුවාදා - නොවැ 8දා පෙරවරු 11 ට SBS සිංහල වැඩසටහනින්....
www.sbs.com.au/sinhalese
SBS Radio APP ( free)
on radio
On TV - channel 38

