ඔබේ පවුලේ අයෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සිදුවුව හොත් ඔබ කල යුතු දේ දන්නවාද? වාර්තා /SBS සිංහල

Australian Drug Foundation ආයතනයට අනුව ඕස්ට්‍රේලියානු නව යොවුන් දරුවන් අතරින් 10 දෙනෙකුගෙන් තුන් දෙනෙක්ම පසුගිය වසර තුල මත්පැන් පානයට යොමු වී ඇති බවට හෙළිවුණා. එසේම වයස 12-17 අතර තරුණයන් 15% ක් කන්සා (cannabi) මත්ද්‍රව්‍ය පාවිච්චි කර ඇති අතර කොකේන් හා amphetamines යන මත්ද්‍රව්‍ය 50 දෙනෙකුගෙන් එක අයෙක්ම පාවිච්චි කර තිබේ. එවන් තත්වයකට ඔබට මුහුණ දීමට අවශ්‍ය නම් මේ තොරතුරු ඔබ වෙනුවෙන්.

drugs

Source: getty images


නිව් සවුත් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Maree Teesson පවසන්නේ සෑම ඔස්ට්‍රේලියානුවෙක්ම වරක් හෝ දෙවරක් වත් ජීවිත කාලය තුල මත්ද්රව්ය පාවිච්චි කර බලන බව . වයස 12-17 අතර දරුවන් අතර වැඩියෙන් මත්පැන් හා දුම්කොළ පරිබෝජනය ඇති අතර එසේම තහන් මද්‍රව්‍ය අතරින් කන්සා භාවිතය වැඩියි. එය 8 දෙනෙකුගෙන් එක අයෙක් පමණයි.

නිව් සවුත් වේල්ස් හි Drug & Alcohol Multicultural Education Centre හි Kelvin Chambers පවසන්නේ , මෙසේ මත්ද්‍රව්‍ය පාවිච්චි කර අත්හදා බලන දරුවන් සියල්ලන්ම ඊට ඇබ්බැහි නොවන බවයි. බෝහෝ විට දරුවන් මෙසේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ විවිද බාහිර බලපෑම් නිසා විය හැකියි. ඒ නිසා දෙමාපියන් මේ බව දැනගත් විට එම දරුවන්ට පාසල තුල හා මිතුරන් නිසා ඇති වන පීඩනය පිලිබදව අවබෝධ කර ගත යුතුයි
ඔස්ට්‍රේලියානුවන්ගෙන් 5 දෙනෙක්ගෙන් එක අයෙකුම ඉංග්‍රීසි හැර වෙනත් හාශාවක් කතා කලත් වසර 2012 -2013 කාලයේදී මත්ද්‍රව්‍ය භාවිතය පිළිබද සේවා ලබා ගත්තේ 87%කම ඕස්ට්‍රේලියාවේ ඉපදුනු අයයි.

නමුත් බහු සංස්ක්රුතික පුද්ගලයන් අතර සැබැ තත්වය ඔවුන් අතර ඇති ලැජ්ජාව නිසා හෙළි නොවන බවටද විය හැකියි . එසේම නව රටකට හුරු වීමේ ඇති වන පීඩනය නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි විය හැකි බවද ඔහු පවසනවා.
බොහෝ විට පරම්පරා අතර ඇති පරතරය නිසා නව රටක ස්ථාපිත වීමේදී විවිද ගැටළු වලට මුහුණ දුන් තරුණයන් මෙසේ ඇබ්බැහි වීම් වලදී ඔහුට හමු වී තිබෙනව.

YoDAA හෙවත් Youth Drug and Alcohol Advice Service helpline හි වසර 20ක් පමණ සේවය කරන Dom Ennis ට විවිද යුධ වාතාවරණයන් තිබු වියෙට්නාමය වැනි රටවලින් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණයන් හමු වී තිබෙනවා. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියානු සමාජයත් පවුල් පරිසරයත් අතර සිර වී මෙම තරුණයන් මෙවන් දේ වලට ඇබ්බැහි වන බවත් ඔහු පවසනවා

එසේම ඔහු පවසන්නේ මද පෙරදිග, අප්‍රිකානු පසුබිමකින් පැමිණෙන සංක්‍රමණිකයන් තුලින්ද මත්ද්රවය භාවිතය පිලිබද වාර්තා වන නිසා එය තනි පුද්ගලයන් වැරදි තීරණ ගැනීම නිසා සිදුවන්නක් බවට සිතිය නොහැකි බවත් ඔහු පවසනවා.

Family Drug Support සංවිදානයේ උපදේශක හා ජාතික වැඩසටහන් කළමනාකරු Theo Chang පවසන්නේ සංක්‍රමණික දෙමාපියන් බොහෝ විට නව රටේදී තම දරුවන්ට තමා නොලද අවස්ථා ලබා දීමට කටයුතු කලද එවන් දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම පිලිබඳ දන ගැනීම ඔවුන්ට විශාල කම්පනයක් ඇති කරන බවයි.

නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Maree Teesson පවසන්නේ ඔබේ දරුවාත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවාද යන්න මෙම ලක්ෂණ වලින් හඳුනා ගත හැකි බවයි.

*මිතුරන්ගෙන් හා පවුලෙන් වෙන්ව හුදෙකලා වීම

* පාසල් කටයුතු දුර්වල වීම

* තරහ ගැනීම

* මුදල් නයට ගැනීමට යොමු වීම


මෙවන් ලක්ෂණ එක වරම මත්ද්‍රව්‍ය නිසාම සිදු විය නොහැකි වුවත්, දරුවන් සමග මේ පිලිබඳ සාකච්චා කිරීම වැදගත්.

 

Victoria රජයේ Better Health Program වැඩසටහන පවසන්නේ දෙමාපියන් මත්ද්‍රව්‍ය පිලිබඳ කරුණු රස කර සන්සුන්ව දරුවන් සමග මේ පිලිබඳ කතා කල යුතු බවයි. ACT හි Parentlink වැඩසටහන මගින්ද ඔබට උපදෙස් ලබා ගත හැකියි. ඔවුන් පවසන්නේ දරුවන්ට ආදරය ප්‍රකාශ කර තම නිවසේ මෙවන් දේ කිරීම පිලි නොගන්න බව ඔවුන්ට දන්වන ලෙසයි.
Theo Chang පවසන්නේ දරුවන් මෙවන් තත්වයට පත් වීමේදී මුලින්ම දෙමාපියන් එය පිලි නොගැනීම, එයට සංවේදී වීම් හා ඒ නිසා කෝපය හා ශෝකය ආදී සන්වෙදනාවන්ට මුහුණ දෙන නිසා ඔවුන්ටද උපකාර අවශ්‍ය වන බවයි.

පහත වෙබ් අඩවි තුලින් පවුල් වලට මේ පිළිබඳව උපදෙස් ලබා ගත හැකියි

www.drugs.health.gov.au 



Family Drug Support වෙත පය 24 පුරාම ඔබට 1300 368 186 ඔස්සේ උපදෙස් ලබා ගත හැකි අතර ඔබේ පවුලේ වෙඉද්යවරයා සමග ඒ පිළිබඳව සාකච්චා කරන්න

131450 තුලින් ඔබේ භාෂාවෙන් උපදෙස් ලබා ගත හැකියි 


Share

Published

Updated

By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔබේ පවුලේ අයෙකු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම සිදුවුව හොත් ඔබ කල යුතු දේ දන්නවාද? වාර්තා /SBS සිංහල | SBS Sinhala